October 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නිරාගමික රාජ්‍ය පැවතිය හැකිද?

1 min read

‘රාජ්‍යයෙන්’ ආගම වෙන් විය යුතුය කියලා විශාල මිත්‍යා මතයක් ශ්‍රී ලංකාවේ තියෙනවා.

බෝක්කු උඩ සෙට් වෙන, ගල් බෝතලයක් කඩලා වඩේ හපන ගමන් දේශපාලනය කතා කරන බුවාලා මේ මතය දැරීම සාධාරණයි.

නමුත් ලංකාවේ සමාජ විද්‍යා ක්ෂේත්‍ර වල ඇකඩමික් බුවාලත් මේ මතය දරනවා. පැහැදිලිවම ඔවුන් නම් සත්‍යය දන්නවා.

නමුත් ඔවුන් අර ඉහත කී බුවාලා රැවටීමේ උවමනාව නිසා සත්‍යය සඟවනවා.

ලෝකයේ කිසිම රටකට ආගමක් නොමැතිව පවතින්න බැහැ.

ඇත්තටම ආගම කියන්නේ රාජ්‍යයේ පැවැත්ම උදෙසා නිර්මාණය වෙච්ච දේශපාලනික මෙවලමක්.

ආගම කියලා කියන්නේ මිනිස්සුන්ගේ පැවැත්ම වෙනුවෙන්, යහ පැවැත්ම වෙනුවෙන් ඔවුන් සංවිධානය කරන්න සහ එක් කරන්න නිර්මාණය වූ ජනතාවගේම ව්‍යවස්ථාවක්.

ආගම නිර්මාණය වුණේ රාජ්‍යයත්වය ආරක්ෂා කරන්න.

ඔය ශ්‍රී ලංකාවේ මහජනතාව සතුය කියන ‘පරමාධිපත්‍ය බලය’ යුරෝපයේ පැවතුණේ දෙවියන් වහන්සේට.

දෙවියන් වහන්සේ විසින් තමන් සතු වූ ජනතාව පාලනය කිරීමේ බලය රජ පවුලට පැවරුවා.

ඒක තමයි යුරෝපා රාජ්‍යත්වයේ න්‍යාය. පාප්තුමා තමයි සියලු බලයේ කේන්ද්‍රය.

ඇමෙරිකාවේ රාජ්‍යයත්වයේ පාදම ආගම. In God We Trust හෙවත් අපි දෙවියන් වහන්සේ විශ්වාස කරයි යන්න තමයි ලොව බලවත්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය වැකිය.

ඊශ්‍රායල රාජ්‍යය පවතින්නේ යුදෙව් දහම වටේ.

සවුදි අරාබිය, ඩුබායි, කුවේට්, ඉරානය, ඉරාකය පවතින්නේ ඉස්ලාම් දහම වටේ.

මේ රටවල ආගම යනු රාජ්‍යයේ කොටසක්.

ඉන්දියාව ගොඩනැගෙන්නේ සහ පවතින්නේ හින්දු දහම වටේ.

ජනප්‍රිය පුවත්  කන්‍යාභාවය ගැන පන්ති පවත්වන දේශපාලන ගණිකාවෝ - විජය දිසානායක

බංග්ලාදේශය සහ පාකිස්තානය ඉන්දියාවෙන් වෙන් වෙන්නේ ඉස්ලාම් දහම වටා රාජ්‍යයක් නිර්මාණය කිරීමට අවශ්‍ය වූ නිසා.

මානව සංහතියේ පරිණාමය පුරාම ආගම යනු රාජ්‍යයේ ප්‍රධානතම අංගය සහ ආත්මය.

ඔය ජීවිතේට බුදු දහම ගැන අහලා නොතිබුණු කාර්ල් මාර්ක්ස් ආගම කියන්නේ ජනතාව පෙලන්න පාලකයන් විසින් නිර්මාණය කෙරු ‘ටූල්’ එකක් කියන්නේ ඒකයි.

බුදු දහමේ පදනම මේ සාම්ප්‍රදායික සියලූම ආගම් වලින් වෙනස් වුණා.

බුදු දහම රාජ්‍යයත්වය සහ රාජ්‍යය විසින් එහි පැවැත්ම උදෙසා නිර්මාණය කළ හෝ ජනතාව මතින් පැමිණි ව්‍යවස්ථාවක් නොවෙයි.

බුදු දහමේ කේන්ද්‍රය වන්නේ ලෝකය, මිනිසා සහ පැවැත්ම. බුදු දහම යනු බුදු රජාණන් වහන්සේ විසින් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ දැනුම් පද්ධතිය.

එහි තිබුණේ දේශපාලනික අරමුණක් නොවෙයි.

ලෝකයේ සදාතනික සත්‍යය සහ මිනිසාගේ ගැලවීමේ මග.

එම නිසා බුදු දහම රාජ්‍යයේ කොටසක් හෝ රාජ්‍යයේ නිර්මාණයක් වුණේ නැහැ.

නමුත් එවැනි ශ්‍රේෂ්ඨ දර්ශනයක් රාජ්‍යයේ කොටසක් නොවී පැවැත්මක් නැහැ.

(බුදුන් වහන්සේ පවා මේ බව දැන සිටියා. උන්වහන්සේ සැබෑ බුදු දහම රැදෙන්නේ ලංකාද්වීපයේ බව දේශනා කළේ එබැවින්)

ලෝකයේ ශ්‍රේෂ්ඨතම දර්ශනය චිරාත් කාලයක් පවතින්න නම් එය රාජ්‍යයේ කොටසක් විය යුතුයි.

බුදු දහමේ පැවැත්ම සලකුණු වුණේ අශෝක අධිරාජ්‍යයා බුදු දහම සිය රාජ්‍යයේ කොටසක් කර ගත්තට පස්සේ.

ශ්‍රී ලංකාවට බුදු දහම හිමි වුණේ ඉන්දියාවට බුදු දහම හිමි වුණා වගේ නෙවෙයි.

ජනප්‍රිය පුවත්  ගැහුවේ ඥානසාර හිමිටද?

ශ්‍රී ලංකාවට බුදු දහම හිමි වෙන්නේ දේශපාලනික මෙහෙයුමක ප්‍රතිඵලයක් විදියට.

ශ්‍රී ලංකාවේ දී ආරම්භයේ සිටම බුදු දහම රාජ්‍යයත්වයට සහ රාජ්‍යයට සම්බන්ධ වුණා.

ඒ නිසා තමයි බුදු දහම රාජ්‍යයට සම්බන්ධ නොවූ ඉන්දියාවේ බුදු දහම විනාශ වෙද්දි, බුදු දහම රාජ්‍යයේ කොටසක් වූ ශ්‍රී ලංකාවේ වසර 2500 ක් තිස්සේ බුදු දහම ආරක්ෂා වුණේ.

ඉන්දියාවේ බුදු දහම විනාශ වුණේ එය දර්ශනය සහ පුද්ගල කේන්ද්‍රීය ගැලවීමේ මාර්ගයක් වූ නිසා.

පසුව ඉන්දියාව ආක්‍රමණ වලින් ආරක්ෂා වීමට හැකි දේවවාදී ආගමක් නිර්මාණය කරගත්තා.

අපේ රජ දරුවන්ගේ ප්‍රමුඛ අරමුණ වුණේ බුදු දහම ආරක්ෂා කිරීම සහ පෝෂණය කිරීම.

අප රටේ රජ දරුවන් බුදු දහම ආරක්ෂා කිරීමට යුද කළා.

නිදහස් ශ්‍රී ලංකාවේ සිරිමාවො මැතිණිය විසින් ඉදිරිපත් කළ 1972 ජනරජ ව්‍යවස්ථාවේ බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීම සහ පෝෂණය කිරීම ඇතුළත් වුණා.

1977 දී ඊට හාත්පසින්ම වෙනස් ව්‍යවස්ථාවක් නිර්මාණය කළ J.R ජයවර්ධන පවා,

මැතිණියගේ ව්‍යවස්ථාවේ එම වගන්තිය තමන්ගේ ව්‍යවස්ථාවටත් ලබා දුන්නා.

අදටත් අපගේ ව්‍යවස්ථාවෙන් බුදු දහමට ප්‍රමුඛස්ථානය හිමි වන්නේ ඒ නිසයි.

ශ්‍රී ලංකාවේ බුදු දහම රාජ්‍යයේ කොටසක් සහ දේශපාලනයේ කොටසක් වුණා.

බුදු දහම සුරක්ෂිත වුණේ ඒ නිසයි.

එසේ නොවී, අප රටේ බුදු දහම දර්ශනයක් පමණක් වුණා මෙරටින් බුදු දහම විනාශ වී ගොඩක් කල්.

ජනප්‍රිය පුවත්  විපක්ෂයේ අවුල

එසේ වූවා නම් 2026 දී උපදින දරුවෙකුට බුදු දහමේ මූලික හරයන් ඉගෙනීමට හිමි වන්නේ නැහැ.

මේ ඓතිහාසික සහ සමාජ විද්‍යාත්මක පදනම අවබෝධ කරගනිමින්, ඔය ආගම සහ රාජ්‍යය වෙන් කළ යුතුය කියන තක්කඩීන්ගේ අරමුණ තේරුම් ගන්න.

රාජ්‍යයෙන් බුදු දහම වෙනස් කළාම මොකක්ද වෙන්නේ ?

බුදු දහම සහ ශාසනය විනාශ වෙනවා.

රාජ්‍යයකට ආගමක් නොමැතිව පවතින්න පුලුවන්ද ?

බැහැ. ජනතාව සහ රාජ්‍යය වහාම විකල්පයක් සොයා යනවා.

එතැන දී ඒ විකල්පය වෙනත් අන්තවාදී බලවේගයක් වෙන්න පුළුවන්.

එදාට ශ්‍රී ලංකාව මෙතරම් නිදහස්, ප්‍රජාතාන්ත්‍රික, මානුෂීය, කාරුණික රටක් වෙන එකක් නැහැ.

බංග්ලාදේශයේ වුණේ ඒක. ඇෆ්ගනිස්ථානයේ වුණේ ඒක.

අතීත ඉන්දියාවේ වුණේ ඒක.

ජනතාවට සහ රාජ්‍යයකට ආගමක් නොමැතිව පවතින්න බැහැ.

ශ්‍රී ලංකාවේ අප ඉදිරියේ ඇති විකල්පය සරලයි.

අපගේ රාජ්‍යයේ ආගම නිදහස්, ප්‍රජාතන්ත්‍රවාදී, ශිෂ්ට බුදු දහම වෙනවාද ?

එසේත් නොමැති නම් වෙනත් ආගමක් වීමට ඉඩ හරිනවාද ?

එම නිසා රාජ්‍යයෙන් ආගම වෙන් කළ යුතුය යන න්‍යාය අහිංසක, පොලිටිකලි කරෙක්ට් සංකල්පයක් නෙවෙයි.

ඒක තක්කඩීන් විසින් නිර්මාණය කළ උගුලක්.

එහි අවසන් අරමුණ ශ්‍රී ලංකාවෙන් බුදු දහම විනාශ කරමින්, ශ්‍රි ලංකා ජනතාවගේ නිදහස් සහ සාමකාමී ජීවිතය උදුරා ගැනීම.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x