ගැහුවේ ඥානසාර හිමිටද?
1 min read
ගලබොඩඅත්තේ ඥානසාර හිමි සිරගත වෙන්නේ හොරකමකට, වංචාවකට හෝ දූෂණයකට නෙවෙයි.
උන්වහන්සේ සිරගත වෙන්නේ අධිකරණයට අපහාස කිරීමේ වරදට.
ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ – සන්ධ්‍යා එක්නැලිගොඩට ‘කොටි කතක්’ කියලා ආමන්ත්‍රණය කිරීම නිසා තමයි උන්වහන්සේට සිරදඬුවම් නියම වෙන්නේ.
අපිට අධිකරණයේ තීරණය ගැන සංවාදයක් නැහැ.
හැබැයි ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය යල්පැනගිය නීතියක්.
ලෝකයේ වෙනත් රටවල අධිකරණයට අපහාස කිරීමට ලැබෙන්නේ දඩ, ප්‍රජා සේවය හෝ අපහාසය දරුණු නම් ඉතා කුඩා සිර දඬුවමක්.
ශ්‍රී ලංකාවේ දි එය අසීමිත දඬුවමක්.
මේ තත්ත්වය වෙනස් කරන්න හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ සංශෝධනයක් ගෙන ආවා.
වර්තමානයේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැඹුරින් කතා කරනා සාලිය පිරීස් නීතිඥවරයා, ඒ සංශෝධනය අභියෝගයට ලක් කරලා ආපසු හරවා ගත්තා.
ලංකාවේ අධිකරණයට අපහාස කිරීමේ නීතිය සංශෝධනය විය යුතුයි. ඒ ගැන සැකයක් නැහැ.
කොහොමවුනත් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් බුදු දහමට අනුව චීවරය ගලවා දැමිය යුතු “පාරාජිකාවක්” සිදු කර නැහැ.
එම නිසා බුදු දහමට සහ ශාසන නීතියට අනුව උන්වහන්සේගේ චීවරය ගලවා දැමීමේ බලයක් මාලිමා ආණ්ඩුවට නැහැ.
අවම වශයෙන් සිරගෙය තුළ කෙසේවෙතත් සිර මැදිරියෙන් පිටතට රැගෙන ඒමේදි උන්වහන්සේගේ චීවරය ගලවා දැමීමට රජයට අයිතියක් නැහැ.
නමුත් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා දැමීම අතිශය දේශපාලනිකයි.
එයින් ආණ්ඩුව පැහැදිලි පණිවිඩයක් දෙනවා.
ඥානසාර හාමුදුරුවො ‘පොලිටිකලි කරෙක්ට්’ , ‘කපටි’ සටන්කරුවෙක් නෙවෙයි. උන්වහන්සේ ආවේගශීලියි.
බොහෝ තැන්වල උන්වහන්සේ සටන් කරපු විදිය කපටි නැහැ. උන්වහන්සේ සටන් කළේ ඉතාම කපටි, ඉවසිලිවන්ත, ශූර ප්‍රතිවාදීන් සමග.
එවැනි ප්‍රතිවාදීන් සමග සටන් ජවයෙන් ජයගත නොහැකියි.
නමුත් උන්වහන්සේගේ සටන අතිශය නිවැරදියි, සාධාරණයි.
ශ්‍රී ලංකාවේ විතරක් නොවෙයි මුලු ලෝකයේම ඉස්ලාම් අන්තවාදයක් තිබෙනවා. ඒ අන්තවාදය සෙසු ආගමිකයන්ගේ සහ ප්‍රජාවන්ගේ පැවැත්මට දැඩි තර්ජනයක් එල්ල කරමින් ඉන්නවා.
ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් කිව්වේ මේ කතාව. උන්වහන්සේ කියපු කතාව නිවැරදියි.
අද ඇමෙරිකාවේ, එංගලන්තයේ, කැනඩාවේ, ජර්මනියේ, ප්‍රංශයේ තරුණ පිරිස් සියල්ලම එකතු වෙලා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව සටන් කරමින් ඉන්නවා.
ඔබ එක්ස් අඩවියේ ප්‍රධානතම මාතෘකාව ඉස්ලාම් අන්තවාදය.
එංගලන්තයේ ටොමී රොBන්සන් කියමින් ඉන්නේ ඥානසාර හිමියන් කියූ කතාව.
ඇමෙරිකාවේ චාර්ලි කර්ක් කිව්වේ, බෙන් ශැපීරො කියමින් ඉන්නේ මේ කතාව.
ශ්‍රී ලංකාව මේ සියලූම රටවල් වලට වඩා ඉස්ලාම් අන්තවාදයෙන් පීඩා විඳපු රටක්. අපේ ඇස් ඉස්සරහා බෝම්බ පුපුරපු රටක්.
ශ්‍රී ලංකාවේ ඉස්ලාම් අන්තවාදය ගැන වැඩිපුරම පැමිණිලි එන්නේ සාම්ප්‍රදායික ඉස්ලාම් ප්‍රජාවගෙන්.
ඔබ නැගෙනහිර පළාතට ගිහින් බලන්න. එහි සිටින්නේ අතීතයේ අප දුටු සාම්ප්‍රදායික ලාංකේය මුස්ලිම් ප්‍රජාව නොවෙයි.
අද නැගෙනහිර පළාත කුඩා ඇෆ්ගනිස්ථානයක්, කුඩා ඉරානයක් බවට පත් වෙලා. අද නැගෙනහිර පළාත සහ*න්ලාගේ තිඹිරි ගෙයක් වෙලා.
ඥානසාර හිමියන් කළේ මේ සත්‍යය අපේ මූනේ අතුල්ලපු එක.
ඉතාම සුවපහසු නින්දක හිටපු, ස්ට්‍රෙස් වෙන්න අකමැති වූ ශ්‍රී ලාංකිකයා කළේ උන්වහන්සේගේ පණිවිඩයට බියෙන් උන්වහන්සේ අහෝසි කිරීම.
උන්වහන්සේ කියනා කතාව සත්‍යයක් වුවහොත් අපගේ සුවබර නින්ද අහිමි වෙනවා. අපිට සටන් කිරීමට ප්‍රතිවාදියෙක් ලැබෙනවා.
අපි ඒ සටනට බිය වුණා. සුවබර නින්දට කැමති වුණා.
එම නිසා අපි බොරු යථාර්තයක් හදාගත්තා.
“නෑ එහෙම අන්තවාදයක් නෑ. පාස්කු බෝම්බය ගැහුවෙත් දේශපාලකයො. මේ අපි බෙදන්න හදන කතා.” කියලා අපි හිත හදාගත්තා.
එයින් සිදුවන්නේ ඉතාම සුලු කාලයකින් අපගේ සුව නින්ද දිගුවීම පමණයි.
තර්ජනය අහෝසි වී යන්නේ නැහැ.
නමුත් ඇමෙරිකානුවන්, එංගලන්ත ජාතිකයන්, ප්‍රංශ පුරවැසියන් එසේ නැහැ.
අද ඔවුන් අනතුරට එරෙහිව සටන් කරනවා. ඒ සටනේ මතවාදී නායකයන් ඉහළින් සැමරෙනවා.
ඒ ඇමෙරිකානුවන්. මේ ලාංකිකයන්.
කෙසේ වෙතත් ඥානසාර හිමියන්ගේ චීවරය ගැලවීම තුළින් ආණ්ඩුව ඉතාම පැහැදිලි පණිවිඩයක් ලබා දෙනවා.
ඔවුන් මේ ගලවා දමන්නේ ඥානසාර හිමියන්ගේ චීවරය නොවෙයි.
උන්වහන්සේගේ පණිවිඩයේ තිබූ බර සහ ගැඹුර.
අවමවශයෙන් මෙතෙක් කාලයක් අපගේ සිතේ උන්වහන්සේ ඇඳී තිබුණේ චීවරයෙන්.
එම චීවරය සමග තිබූ සමාජ, දේශපාලනික බලය නිසා හෝ ඥානසාර හිමියන්ගේ පණිවිඩයට බරක්, ගැඹුරක් තිබුණා.
අනුර කුමාර දිසානායක රජය පැහැදිලිව උන්වහන්සේගේ චීවරය ගලවා සුදු සරමක් අන්දවා, හිතාමතාම අපගේ ඇස් ඉදිරියට ගෙන එනවා.
ඒ අවස්ථාව නවීන කැමරා වලින් වීඩියෝගත කරමින් අපිට පෙන්වනවා.
එයින් උන්වහන්සේගේ භික්ෂූත්වය අපගේ සිත් තුළින් අහෝසි කරනවා. උන්වහන්සේ සහ ගිහියෙකු අතර වෙනස ශූන්‍ය කරනවා.
ඒ ඔස්සේ ඉස්ලාම් අන්තවාදය ගැන උන්වහන්සේ කියූ පණිවිඩය අපගේ හිත් තුළින් ආණ්ඩුව අහෝසි කරනවා.
ආණ්ඩුව ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා දමන්නේ ඒ උදෙසායි.
එක් පැත්තකින් උතුරේ බෙදුම්වාදී අන්තවාදය විසින් උතුරු පළාතේ බෞද්ධ සිද්ධස්ථාන සියල්ල සැලසුම්සහගතව විනාශ කරමින් ඉන්නවා.
උතුරු පළාතේ ඉතා විශාල සිංහල බෞද්ධ ජනතාවක් ජීවත් වුණා. ඒ සියල්ල ප්‍රභාකරන් විසින් එක්කෝ එලවා දැමූවා. නොමැතිනම් ඝාතනය කළා.
නමුත් උතුරේ කිසිදා දෙමළ නිජබිමක් නොතිබු බවටත්, උතුරේ දමිල උරුමය යටත්විජිතවාදයේ නිර්මාණයක් බවට වන පැරණිම පුරාවිද්‍යා සාධකය මේ බෞද්ධ සිද්ධස්ථාන.
ඒ සියල්ල විනාශ කළ පසු උතුරේ දමිල නිජභූමි මතවාදය ස්ථිර වෙනවා.
එමෙන්ම ඒ කලාපයේ ඉතිරිව සිටිනා අවසන් සිංහල බෞද්ධ ජනතාවගේ කෘෂිකාර්මික ඉඩම් වලට, රාසමානික්කම්ලා උසිගැන්වූ දමිල ජනතාව සිය කිරි හරක් මුදාහරිනවා.
ඔවුන්ගේ ආහාර නිෂ්පාදනය විනාශ කරනවා. සිංහල දරුවන් කුසගින්නේ සිටීමට ඉඩ හරිනවා. ඒ තුළින් උතුරේ අවසන් සිංහල පරපුරත් ඔවුන් එලවා දමනවා.
ජාතීවාදීන් යැයි රැඩිකල් NGO නඩ කියනා දකුණේ එවැනි තිරිසන්, ත්‍රාඩ, ගෝත්‍රික ක්‍රියා සිදුවන්මේ නැහැ.
රාසමානික්කම් ඒ ක්‍රියා චතුර ලෙස සිංහලෙන්ම කතා කරලා ශුද්ධ කරනවා. ආණ්ඩුව ඊට සහය දෙනවා.
අනෙක් පැත්තෙන් ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉස්ලාම් අන්තවාදයට එරෙහිව තිබූ සියලු බාධක ආණ්ඩුව විසින්ම ඉවත් කරනවා.
තවත් පැත්තකින් සාම්ප්‍රදායික කිතුණු බැතිමතුන් පවා විනාශ කරන, පාදිලි ජෙරම්ලාගේ ව්‍යාපෘති වලට රාජ්‍ය අනුග්‍රහය හිමිවෙනවා.
ජෙරම්ගේ ජපාන අනුගාමිකයන් පිළිගන්න ඇමතිවරුන්ම කටුනායකට යනවා.
ජෙරම් බිලියන ගණනින් වියදම් කර, කැලෑ හෙලිකර විශාල මන්දිර හදනවා.
තවත් පැත්තකින් පන්සලක් හැදෙද්දී නිරාගමික වේශයෙන් සිටිනා සිංහල ජාතික බෞද්ධ විරෝධීන් විසින්ම ඊට එරෙහිව මතවාදීමය සටනක් දියත් කර තිබෙනවා.
අනෙක් පැත්තෙන් ඉස්ලාම් අන්තවාදයේ ප්‍රතිඵලයක් වන පාස්කු ප්‍රහාරය සිංහල බෞද්ධයා පිට දැමීමට මැල්කම් රංජිත් ලා, සිරිල් ගාමිණි ලා, ජූඩ් ක්‍රිශාන්ත ලා ඇතුළු කතෝලික සභාව දත කනවා.
මේ සියල්ල මෙසේ තිබෙද්දී ඊට එරෙහි වන සිංහලයා පමණක් ජාතිවාදී ලේබල අලවා නිහඬ කරනවා.
මේ කිසිවක් අහම්බ නොවෙයි.
රාජ්‍ය අනුග්‍රහයෙන් සිදු කෙරෙනා විශාල මෙහෙයුමක සහ දම්වැලක පුරුක්.
ඊට එරෙහිවීම ජාතිවාදය ලෙස නම්කර සිංහල බෞද්ධයා නිහඬ කිරීම ඒ මෙහෙයුමේ තවත් එක් පියවරක් පමණයි.
- Sachin Rathwatte
