September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“පැරනොයියා” අනුරයියා

1 min read

පාලකයෙකුට ආදරය ලබනවාට වඩා ජනතාව තුළ තමා කෙරෙහි බියක් ඇති කිරීම (Fear) බලය රැක ගැනීමට වඩාත් සුදුසු බව කියූවේ නිකොලෝ මැකියාවෙලිය. ඒ, ඔහු ලියූ “The Prince” නම් වූ කෘතිය මගින් ය. බලය තහවුරු කරගැනීම සඳහා පාලකයා සදාචාරය ගැන නොසිතා ඕනෑම උපක්‍රමශීලී හෝ කුරිරු ක්‍රියාවක් කළ යුතු බව ඔහුගේ මතය විය.

ඉන්දියානු දර්ශනය දෙස බැලීමේ දී මෞර්ය අධිරාජ්‍යයේ අගමැති වූ චානක්‍ය හෙවත් කෞටිල්‍ය “අර්ථශාස්ත්‍රය” කෘතියේ එන අදහස් ද බටහිර මැකියාවේලිගේ “The Prince” කෘතියේ එන අදහස් සමග බොහෝ සේ සමානය. රජු විසින් “දණ්ඩ” (Punishment) නිසි පරිදි ක්‍රියාත්මක කළහොත් සමාජය මත්ස්‍ය න්‍යායට (ලොකු මාළු කුඩා මාළු ගිල දැමීම වැනි ආරාජිකත්වයට) පත්වන බව කීවේ කෞටිල්‍යය. එබැවින්, ඔහු කීවේ පාලකයාගේ නීතිය සැමට ඉහලින් තිබිය යුතු බවය.

මෙකී ඉපැරණි දාර්ශනිකයන්ගේ ඒකාධිපතිවාදය හුදෙක් පාලන ක්‍රමයක් ලෙස දුටුවද නූතන දාර්ශනිකයන් එය දකින්නේ මානසිකත්වය, තාක්ෂණය සහ නූතන දේශපාලන උපායමාර්ගයන්ගේ එකතුවක් ලෙසය.

“ෆ්‍රැන්ක්ෆර්ට්” දාර්ශනික කුලකයට අයත් තියඩෝර් ඇඩොර්නෝ නම් වූ නූතන දාර්ශනිකයා ඒකාධිපතිවාදය දෙස බැලුවේ මනෝවිද්‍යාත්මක සහ සමාජයීය දෘෂ්ටිකෝණයකින් ය. ඒ අනුව, ඔහු ඇතුළු පර්යේෂකයන් පෙන්වා දුන්නේ, ඇතැම් මිනිසුන්ගේ පෞර්ෂය තුළම බලයට අවනතවීමේ සහ තමන්ට වඩා වෙනස් අදහස් ඇති අයට (Out-groups) වෛර කිරීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවය. සමාජයීය අස්ථාවරත්වය හා ආර්ථික බිය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින නිදහසට වඩා ලැබෙන සීමිත “ආරක්ෂාව සහ විනය” වැලඳගැනීම කරා සාමාන්‍ය ජනතාව පෙළැඹවීම පහසු බව ඔහු අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  කෝ මේ රංග?

කාල්පොපර් යනු විසිවන සියවසේ අගභාගයේ විසූ ප්‍රමුඛ පෙලේ දාර්ශනිකයෙකි. ඔහු තම “Open Society and its Enemies” යන කෘතිය මගින් විග්‍රහ කළේ ඒකාධිපතිවාදයේ දාර්ශනික මුල් පිළිබඳවය. ඔහු කීවේ, ප්‍රජාතන්ත්‍රවාදය යනු මිනිසුන්ට නිදහසේ සිටීමට සහ පාලකයන් විවේචනය කිරීමට ඉඩ දෙන “විවෘත සමාජයක්” වන බවත්, ඒකාධිපතිවාදය යනු එය විනාශ කරන “වැසුණු සමාජයක්” බවත් ය.

මිෂෙල් ෆෝකෝ නැමැති ප්‍රංශ පශ්චාත් නූතනවාදී දාර්ශනිකයා කීවේ, නූතන රාජ්‍යයන් ඒකාධිපති ස්වරූපය හිමිකර ගන්නේ හුදෙක් හමුදා බලයෙන් හෝ මර්දනයෙන් පමණක් නොවන බවය. එය සිදු කරන්නේ බල පද්ධතීන් (Power Networks), තාක්ෂණය, වෛද්‍ය විද්‍යාව සහ නීති පද්ධති හරහා බවය.

ග්‍රීක දාර්ශනික ප්ලේටෝ තම “Republic” කෘතියේ 9 වන කොටස මගින් පෙන්වා දුන්නේ, ඒකාධිපතියා යනු, තමන්ගේ අසීමිත තෘෂ්ණාවෙන්, ආශාවෙන් සහ මමත්වයේ (Ego) වහල‍ෙකු වූ පුද්ගලයකු බවය. ඔහුට තමාගේ මනස පාලනය කරගත නොහැකි බැවින්, ඔහු මුළු රටම පාලනය කිරීමට උත්සාහ කරන බවය. පිටතින් මහා බලවතෙකු ලෙස පෙනුනද ඒකාධිපතියා අභ්‍යන්තරයෙන් අතිශය දුප්පත් සහ බියෙන් පසුවන අයෙක් බව ද කීවේ ප්ල්ටෝ ය.

සජීවී, නිදහස් සහ වර්ධනය වන දේවලට (ජීවිතයට) වඩා, පාලනය කළ හැකි අජීවී දේවලට, බලහත්කාරයට සහ විනාශයට ඒකාධිපතියන්ගේ මනස ප්‍රියකරන බව කීවේ ප්‍රමුඛ දාර්ශනිකයකු මෙන්ම නූතන මනෝවිශ්ලේෂකයකු වූ එරික් ප්‍රොම්ය.

අද මේ රට පාලනය කරන්නේ ප්ලේටෝ කී පරිදිම “අභ්‍යන්තරයෙන් අතිශය දුප්පත් සහ බියෙන් පසුවන” හීනමානයෙන් පිරුණු ජනාධිපතිවරයෙක් ය. ලොව රාජ්‍ය නායකයන් එකම තැනකට එක්වන එකම අවස්ථාව වූ එක්සත් ජාතීන්ගේ මහා සමුළුව ජනාධිපති අනුර මගහරින්නේ ඔහු අභ්‍යන්තරයෙන් දුප්පන් නිසාය. බාහිර ලෝකය හමුවේ නිරාවරණය වීමට ඔහු සැබෑවටම බිය නිසාය. සිය නීත්‍යානුකූල බිරිඳ සඟවා තබන්නේ මේ හීනමානය නිසාය. බිරිඳගේ පළමු කසාදයේ දරුවා වූ කසුන්ව ඔහුගේ බලවත් අකමැත්ත තිබියදී බලහත්කාරයෙන් මහන කරවන්නට ගාල්ල පැත්තේ විහාරයකට යැවුවේ ඒ හින්දාය. උපාධිධාරියකු කීවාට ඔහු සතුව උපාධියක් නැත. කසාද සහතිකයේ ඇත්තේ ද බිරිඳගේ පළමු කසාදය මෙය බවය. සිංහල අලූත් අවුරුද්ද උදාවන විට ඔහු “සැඟවුණු අමුත්තා” චරිතයට පනපොවන්නේ, මහා සංස්කෘතියට ඔහු බිය නිසාය. 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීම හරහා අනුර කුමාරට ඒකාධිපතියකු වීමට උවමනා වී ඇත්තේ, ඔහු පිටතින් පෙන්වන බල පරාක්‍රමය සහ අභ්‍යන්තරයෙන් පවතින දැඩි අනාරක්ෂිතභාවය, බිය සහ සැකය අතර දෝලනය වන පුද්ගලයකුව සිටින නිසාය. මේ තත්ත්වය මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ “පැරනොයියා” කියාය.

ජනප්‍රිය පුවත්  නල්ලමලේ පුනරුදේ

ඒකාධිපතියකුගේ “පැරනොයියාව” යනු, ඔහුගේ පාලනයේ දුර්වලකම මෙන්ම එම පාලනය මෙහෙයවන ප්‍රධානතම එන්ජිමය. ඔහු තම ආරක්‍ෂාව උදෙසා ගනු ලබන සෑම දැඩි, මර්ධනකාරී සහ කුරිරු තීරණයක්ම පිටුපස පවතින්නේ අභ්‍යන්තර බිය ය.

අනුරයියාට දැන් හැදී ඇත්තේ “පැරනොයියාව” ය. එය අප කියවන්නේ ඔහුව හෑල්ලු කිරීමට නොවේ. අප එය කියන්නේ ඔහුගේ භාවිතය, ඔහු වේදිකාව මත සිදුකරන කතාව, හැසිරීම යනාදී සියල්ල හොඳින් විමසා බලාය.

දෙවසරක කෙළවර ඔහුට රටට කියන්නට කල වටිනා දෙයක් නැත. ඒ නිසා ඔහු කියන්නේ විශ්ව විද්‍යාල 50 ක් හදන බවය. 4G කුළුණු 1000 ක් හිටවන බවය. එක තැනකදී ගෙවල් 35000 ක් ද තවත් තැනකදී 25000 ක් ද ආදී ලෙසින් ගෙවල් එක එක ගණනනින් හදන බවය. වැව් 25 ක් අළුතෙන් හදන්නේ දශ ලක්ෂයක් වෙන්කර ඇතැයි කියන්නේ ඔහු දැන් ඉන්නේ හොඳටෝම බියෙන් නිසාය. පැරනොයියාවෙන් පෙළෙන ජනාධිපති අනුර කරන්නේ තම බිය තුනී කර ගැනුමට 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් අලුත්කඩේ ඇති උපරිමාධිකරණය, පැලවත්තට ගෙන ඒමය.

ඒ අනුව, මෙම 25 වැනිදායින් පසුව උදාවන්නේ පැරනොයියා අනුරයියාගේ යටතේ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගමේ කතාව ලියා සිටීමේ කාලයය. වසර 110 කට වඩා පැරණි ඉතිහාසයකට හිමිකම් කියන මෙරට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වළලා දමන අන්දම බලා ගැනීමට හැකිවන්නේ එතැන් සිටය. අධිකරණය පැලවත්තේ රූකඩයක් බවට පත්කර, බොල්ෂ‍ෙවික් නීතිය යටතේ පැරනොයියා අනුරයියා මේ අවතීර්ණ වන්නේ තමා තුළ වන බිය මුළු සමාජය මත පැටවීමේ යුගයටය.

ජනප්‍රිය පුවත්  බොල්ෂෙවිකයන්ගේ බුල් කෙලීම

එය නිසි බරින් දැන, එයට මුහුණ දිය යුතු නිසි පරිදි මුහුණ දී පැරනොයියා අනුරයියාගේ වියරුව පරාජය කිරීමේ වගකීම ඇත්තේ මුලු මහත් විපක්ෂයටම ය. ආසියාවේ පැරණිතම සර්වජන ඡන්ද අයිතිය හිමි ප්‍රජාතන්ත්‍රවාදී රට වූ මේසිරිලක දිවිගෙවන සියළු ඡන්දදායක ජනතාවට ය. සැවොම එක්වී පැරනොයියා අනුරයියාගේ මේ වියරුව පැරදවිය යුතුය. මහපාරේ පැරදවිය යුතුය. ඒ හැර අන් මගක් කිසිවකුට ඉතිරිව නැත !

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x