September 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලජ්ජාව සහ බිය

1 min read

බුදු දහමට අනුව ලැජ්ජාව සහ බිය හඳුන්වන්නේ “හිරි” සහ “ඔත්තප්ප” ලෙසය. “හිරි” යනු ලජ්ජාව ය. “ඔත්තප්ප” යනු බිය ය. “හිරි ඔතප්” බිඳගැනීම නොකරගත යුතු දෙයක් ලෙස අපේ සමාජය පිළිගත්තේ ඒ ආකාරයට ය.

දවසක මිනිසුන් තුළින් මේ හිරි-ඔත්තප්ප දෙක නැති වී ගියහොත්, ලෝකය සම්පූර්ණයෙන්ම විනාශවන බව වදාලේ බුදුන්වහන්සේ ය. එදිනට මිනිසුන් තිරිසනුන් ලෙස හැසිරෙනු ඇතැයි ද උන්වහන්සේ දෙසා වදාල සේක.

උන්වහන්සේ ලෞකික ධනය (සල්ලි, ඉඩ කඩම්) ඕනෑම වෙලාවක නැති වී යා හැකි නමුත් සප්ත ආර්ය ධන ගැන කීවේ කිසිවකුට සොරකම් කළ නොහැකි සැබෑ ආත්මීය ධනය ලෙසය. ශ්‍රද්ධා, සීල, හිරි, ඔත්තප්ප, සෘත, ත්‍යාග, ප්‍රඥා යන සියල්ල සප්ත ආර්ය ධනයට අයත් ය. හිරි සහ ඔත්තප්ප ද එහි තිබෙන්නේ එය ඒ තරමටම වටිනා ධනයක් නිසාය.

ලජ්ජාව සහ බය (හිරි සහ ඔත්තප්ප) ඇති අගවිනිසුරුවෝ සහ විනිසුරුවෝ ලොව වෙති. එවැන්නෝ තමාගේ නඩුව තමා විසින්ම නොඅසති. ඒ, එය ලජ්ජාවිරහිත ක්‍රියාවක් ලෙස පිළිගන්නා බැවිනි. එමගින් අධිකරණය කෙරෙහි සමාජය තුල වන බිය මුසු ගෞරවය හා පිළිගැනීම නැති වෙන බැවිනි. එසේ වීමට තමා හේතුවක් වීමට එවැනි විනිසුරුවෝ බිය වන බැවිනි.

ඉන්දියාවේ අගවිනිසුරු සූර්ය කාන්ත් 2026 මාර්තු මාසයේ දී මැතිවරණ කොමසාරිස්වරුන් පත් කිරීමේ කමිටුවෙන් අගවිනිසුරුවරයාව ඉවත් කර ඒ වෙනුවට කැබිනට් අමාත්‍යවරයකු පත් කිරීමට අදාළව 2023 වසරේ සම්මත කල පනතක් අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් වූ පෙත්සම් විභාග කිරීමෙන් ඉවත් විය. ඒ, තමා එම කමිටුවට අදාළ පාර්ශවයක් බැවින් එහි දී අවශ්‍යයෙන්ම “පරස්පර උනන්දුවක්” (Conflict of Interest) මතුවන බව පවසමිනි. ඉන්දියාවේ හිටපු අගවිනිසුරු රන්ජන් ගොගෙයි ද එරට සී.බී.අයි (CBI) ආයතනයේ අතුරු අධ්‍යක්ෂකවරයා ලෙස එම්. නාගේෂ්වර් රාම් පත් කිරීමට එරෙහිව ගොනු කල නඩුව විභාග කිරීමෙන් ඉවත් වූයේ නව අධ්‍යක්ෂවරයා තෝරා ගැනීමේ කමිටුවේ සාමාජිකයකු ලෙස තමා කටයුතු කිරීමට නියමිතව තිබීම හේතුව ලෙස පෙන්වා දෙමිනි.

ජනප්‍රිය පුවත්  ''ලූස් මෝෂන්"

ඇමරිකා එක්සත් ජනපදයේ අගවිනිසුරු ජෝන් රොබට්ස් තමා සතු පුද්ගලික කොටස් ආයෝජන හෝ මූල්‍යමය සම්බන්ධතා පවතින සමාගම්වලට අදාළ නඩු විභාග කිරීමෙන් වැලකී සිට ඇත.

හොංකොං හි ඉහළම අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම පිළිබඳව එරට රජය සහ නීති ක්ෂේත්‍රය තුල සාකච්ඡා මතු වූ අවස්ථාවක එවකට සිටි අගවිනිසුරු ඇන්ඩෘෘ ලී මහතා ඉතා වැදගත් පූර්වාදර්ශයක් තැබීය. මෙම තීරණය ක්‍රියාත්මක වුවහොත් ඉන් තමාට පෞද්ගලිකව ධූර කාලය දීර්ඝ වීමේ වාසියක් ලැබෙන බැවින් අධිකරණයේ ස්වාධීනත්වය හා ගෞරවය රැක ගැනීම උදෙසා ඔහු නියමිත කාලයටත් පෙර ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ගැනීමට තීරණය කළේය.

සිම්බාබ්වේ රාජ්‍යයේ ඒකාධිපති පාලකයා අගවිනිසුරුගේ විශ්‍රාම වයස අවුරුදු 70 සිට 75 දක්වා දීර්ඝ කළේ එවකට විශ්‍රාම යාමට සිටි අගවිනිසුරු ලූක් මලබාට සේවා දිගුවක් ලබාදීම පිණිසය. මෙයට එරෙහිව සිවිල් සංවිධාන මහාධිකරණයට ගිය විට මහාධිකරණය තීන්දුව දෙමින් පැවසුවේ “සේවයේ නියුතු විනිසුරුවරුන්ට තමාගේම විශ්‍රාම වයස දීර්ඝ කර ගැනීමට අදාළ ව්‍යවස්ථා සංශෝධන වලින් ප්‍රතිලාභ ලැබිය නොහැකි” බවය. එහෙත්, පසුව එම තීරණය එරට ව්‍යවස්ථාපිත අධිකරණය (Constitutional Court) ඉදිරියේ අභියෝගයට ලක් කෙරුණ විට, අගවිනිසුරු ලූක් මලබාට ගැති විනිසුරුවන් දෙදෙනා තීරණය කළේ මහාධිකරණය දුන් තීන්දුව වැරදි බවය. ලූක් මලබාට වයස අවුරුදු 75 වනතුරු අගවිනිසුරු ධූරය දැරිය හැකි බවය.

ජනප්‍රිය පුවත්  ‘දිත්වා‘ සහ දානය!

අපේ රටේ දැන් ඉන්න අගවිනිසුරුගේ පරමාදර්ශය වී ඇත්තේ ලජ්ජාව සහ බිය ඇති හොංකොං හි හිටපු අගවිනිසුරුව සිටි ඇන්ඩෘෘ ලී නොවේ. දේවගැති ප්‍රීති පද්මන් සූරසේනගේ පරමාදර්ශය වී ඇත්තේ සිම්බාබ්වේ අගවිනිසුරු ලූක් මලබාය. ලූක් මලබා “හිරි” හා “ඔත්තප්ප” ගැන අසා තිබුනේවත් නැති අයෙක් ය. විවාහ වී තම බිරිඳ මග යමින් ඉවැන්ජලික බෝන්-අගේන් කාරයකු වනතුරු ප්‍රීති පද්මන් සූරසේන බෞද්ධයෙක් ය.

හම්බන්තොට දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති වූ ප්‍රීති පද්මන් සූරසේනගේ පියා මෙන්ම දොඩම්පහල ප්‍රදේශයේ ගුරුවරියක ලෙස කටයුතු කල සූරසේනගේ මව ද බෞද්ධයන් ය. ඒ නිසා ලූක් මලබා මෙන් නොව මේ සූරසේන හිරි හා ඔත්තප්ප ගැන දැන අසා සිටිය යුතුමය.

එහෙත්, දේවගැති සූරසේනට දැන් ඒවායෙන් ඇති වැඩක් නැත. හොංකොං හි හිටපු අගවිනිසුරු ඇන්ඩෘෘ ලී සූරසේන වැනි අනාරක්ෂිත මනසකින් හෙබි හීනමාන මන්ද මානසිකයකු නොවේ. ඇන්ඩෘෘ ලී තම කුඩා කාලයේ දී හෝ සමාජයෙන් “බුලි” වී නැත. හොංකොං හි ප්‍රමුඛ පෙලේ ධනවත් පවුලක් වන ලී පවුලේ (Liclan) සාමාජිකයකු වන ඔහු චීන සංස්කෘතික සිරිත් විරිත් පිළිපැද්දේය. ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ් සහ චීනයේ සිංහුවා ඇතුළු ලොව ප්‍රමුඛ පෙලේ විශ්ව විද්‍යාල 13 කින් ඔහුට ගෞරව ආචාර්ය උපාධි පිරිනමා ඇත්තේ ඔහු එතරම්ම උසස් පුද්ගලයකු නිසාය. වසර 13 ක සේවා කාලයකින් පසු අගවිනිසුරු ධූරයෙන් ස්වේච්ඡාවෙන්ම විශ්‍රාම ගිය ඇන්ඩෘෘ ලී විශ්‍රාම යාමෙන් පසුව හොංකොං හි විවිධ විශ්ව විද්‍යාලවල නීති පීඨයන් හි සම්මානනීය මහාචාර්යවරයකු ලෙස කටයුතු කළේය. සංස්කෘතික වශයෙන් දියුණු, අධ්‍යාපනික අතින් පොහොසත් ශීලාචාර – ශිෂ්ඨ මිනිසුන් කටයුතු කරන්නේ එසේය.

ජනප්‍රිය පුවත්  අඳබාල බලය

එහෙත්, “ඇන්ටික් නාකොටික්” ආණ්ඩුවකට හරි යන්නේ ඇන්ඩෘෘ ලී ලා නොවේ. ලූක් මලබාලා ය. දේවගැති ප්‍රීති පද්මන් සූරසේන හැම අතින්ම සමාන වන්නේ ලූක් මලබාට ය. එක අතකින් මේකා ලූක් මලබාටත් හපන්ය. මහාධිකරණ තීන්දුව ව්‍යවස්ථාපිත අධිකරණයෙන් නැවත විභාග කෙරෙන විට ලූක් මලබා එය විභාග කරන විනිසුරුවරයෙකු ලෙස වාඩි වූයේ නැත. එය විභාග කෙරුවේ වෙනත් විනිසුරුන් දෙදෙනෙක් ය. සූරසේනට ලූක් මලබාට තිබූ තරමටවත් ලජ්ජාවක් ඇත්තේම නැත.

ඉහළ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දිගු කිරීම අභියෝගයට ලක් කරන නඩු විභාගයට අගවිනිසුරු සූරසේන මුලින්ම දමා ගන්නේ තමන්ගේම නමය. එම වයස දිගු කිරීමේ මුල්ම වාසිය හිමිවන්නාම, එය හරිදැයි විභාග කරන පංච පුද්ගල විනිසුරුවන්ගේ “මහඑකා” වූ විට, ඒ අවනඩුව කියන්නේ කාට ද? උත්තර දෙන්නේ කවුද? දෙවියනි, ඔබ කොහෙද ?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x