October 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අසිංහල සිංහලයා

1 min read

පුද්ගලයකු උපත ලබන පවුල, දෙමාපියන්ගේ ජාතිය සහ උපන් භූමිය මත කෙනෙකුගේ ජාතික අනන්‍යතාව තීරණය වේ. කිසියම් ජාතියකට තමන්ටම අනන්‍ය වූ භාෂාවක් ද තිබේනම්, කුඩා කල සිටම මව්භාෂාව කතා කිරීම හරහා එකී පුද්ගලයා එම ජාතියේ සිතීමේ රටාවට සහ සංස්කෘතියට අනුගත වේ. එමෙන්ම, ජාතියකට ආවේණික උත්සව (උදා : අවුරුදු උත්සවය), ආහාර රටා, ඇඳුම් පැළඳුම් සහ ආගමික වටිනාකම් අනුගමනය කිරීමෙන් ජාතික අනන්‍යතාව තහවුරු වේ. තම ජාතිය සතු අතීත ජයග්‍රහණ, වීරයන්, මුහුණ දුන් අභියෝග මෙන්ම, පොදු අරගල පිළිබඳ ඉතිහාසය හැදෑරීමෙන් හා ඒවා අගය කිරීමෙන් ජාතික හැඟීමක් ඇති වේ.

මිනිසා වූ කලී සමාජයීය සත්වයෙකි. තමාට කියා නිශ්චිත අනන්‍යතාවක් සහ ජාතියක් ඇති බව දැනීම තුළින් පුද්ගලයාට මානසික ස්ථාවරත්වයක්, ආත්ම අභිමානයක් සහ ආරක්ෂිත බවක් දැනේ. පොදු ජාතික අනන්‍යතාවක් පවතින විට, මිනිසුන් අතර “අපි” යන හැඟීම වර්ධනය වේ. තම ජාතික උරුමය ගැන ආඩම්බර වන පුරවැසියා රටේ දියුණුව වෙනුවෙන් වැඩ කිරීමටත්, නීති ගරුක වීමටත්, රටේ සම්පත් ආරක්ෂා කිරීමටත් නිතැතින්ම ඉදිරිපත් වේ.

මහාවංශයට අනුව, සිංහල ජාතියේ ආරම්භය සිදුවන්නේ ක්‍රි.පූ. 6 වන සියවසේ දී ය. ඒ, ඉන්දියාවේ සිංහපුරයේ සිට විජය කුමරු ඇතුළු පිරිස මෙරටට පැමිණීමත් සමඟය. සිංහල යන නාමය, “සිංහබාහු” රජුගෙන් පැවත එන්නන් යන අර්ථයෙන් බිහි වූවකැයි සැලකේ.

සිංහල ජාතියේ සුවිශේෂී වැදගත්ම සලකුණ වන්නේ බුදුදහමයි. ක්‍රි.පූ. 3 වැනි සියවසේ දී මිහිඳු මහා රහතන්වහන්සේගේ පැමිණීමෙන් බුදුදහම සිංහලයාගේ මුල්ගල බවට පත් වුණි. ලෝකයෙන්ම ඛේදවාචකයට ලක් වෙද්දී ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඩ කරමින් පිරිසිදු බුදුදහම (ථේරවාද බුදුදහම) ලෝකයට ඉතිරි කර දුන්නේ සිංහල ජාතියයි. විස්මිත වාරි තාක්ෂණය, අද්විතීය වාස්තු විද්‍යාව හා කලාව, තමාටම පමණක් උරුම වූ අද්විතීය භාෂාව හා සුවිශේෂී සාහිත්‍යය යනු සිංහලයා සතු මහා උරුමය යි.

ජනප්‍රිය පුවත්  කෝ මේ රංග?

සිංහල භාෂාව උරුමව ඇත්තේ ලංකාවට පමණි. එය ඉන්දු – ආර්ය භාෂා පවුලට අයත් වූවද, ශ්‍රී ලංකාව දූපතක් ලෙස හුදකලාව පිහිටීම නිසා වසර දහස් ගණනක් තිස්සේ අන් කිසිදු බාහිර බලපෑමකින් තොරව ස්වාධීන මුහුණුවරකින් මෙම භාෂාව වර්ධනය වී තිබේ.

සිංහල අකුරුවල ඇති වටකුරු ස්වභාවය නිසා එය ලෝකයේ වඩාත්ම කලාත්මක සහ ලස්සන අක්ෂර මාලාවලින් එකක් ලෙස සැලකේ. පැරණි කාලයේ තල්කොල වල( පුස්කොළ පොත්) ලිවීමේ දී ඉරී යෑම වැලැක්වීම සඳහා මෙම වටකුරු හැඩය පරිණාමය වී ඇතැයි විශ්වාස කෙරේ.

ලෝකයේ ඕනෑම භාෂාවක පවතින ශබ්දයක් (Pronunciation) ඒ අයුරින්ම උච්චාරණය කිරීමට සහ ලිවීමට හැකි තරම්, පොහොසත් හෝඩි ශබ්ද මාලාවක් සිංහල භාෂාව සතුව තිබේ. උදාහරණයක් ලෙස “ඇ” සහ “ඈ” ශබ්ද අනෙකුත් ඉන්දු – ආර්ය භාෂාවල දක්නට නොවේ.

ක්‍රි.පූ. 3 -2 සියවස් දක්වා දිවෙන බ්‍රාහ්මි ශීලා ලේඛන (සෙල් ලිපි) සිංහල භාෂාවේ ඇති ප්‍රෞඪ ලිඛිත ඉතිහාසය සනාථ වේ. 8 – 9 සියවස්වල සීගිරිය නැරඹීමට පැමිණි සාමාන්‍ය ජනයා ලියූ “සීගිරි කුරුටු ගී” හරහා සිංහල කවිය සහ භාෂාව එදා සමාජයේ කොතරම් ජනප්‍රියව පැවතියේ ද යන්න පැහැදිලි වේ. එය ලෝක සාහිත්‍යයේ අතිශය දුර්ලභ ගණයේ උරුමයකි. කාලයත් සමඟ පාලි, සංස්කෘත, දෙමළ මෙන්ම පෘතුග්‍රීසි, ලන්දේසි සහ ඉංග්‍රීසි වැනි බටහිර භාෂාවල වචන ද තමන්ගේ කර ගනිමින් (Loanwords) පෝෂණයවීමේ පුදුමාකාර ශක්තියක් සිංහල භාෂාව සතුව වේ.

ජනප්‍රිය පුවත්  විමල්ගෙන් උගනිමු!

මේ සියල්ල සිහිපත් කළේ මේ සිංහලයා අද වැටී සිටින තත්ත්වය ගැන කියා දීමේ අවශ්‍යතාව වෙනුවෙනි. “කී බෝඩ්” වීරයන් වී සිටින “අසිංහල” සිංහලයාට තමා කවුරුන්දැයි සිහිපත් කර දීම වෙනුවෙනි.

පිරිසිදු බුදුදහම ලොවට දායාද කළේ සිංහලයා ය. අද ඒ සිංහලයාගේ කවලම් පුත්තු ගහන්නේම සංඝරත්නයට ය. උන් අද තමන් “වෙනස්” සිංහලයකු බව පෙන්වීමට එකට හිටගෙන ඉන්නේ සිංහල ජාතියේ හතුරන් සමඟ ය. අශෝක හඳගම නැමැති සිංහල සිනමාකරුවා උගේ හීනමානය වහගන්නේ “දෙමළ ඊළම” තම උපන් රට යැයි කී Netflix චිත්‍රපටයේ සිටි නිළියට “දික පූ” ය. සමනලී ෆොන්සේකා වැනි මාලිමාවියන් තමන් “රැඩිකල්” බව පෙන්වන්නේ “තිලීපන් වීරයා” සැමරීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටිමින් ය. මුන් වැනි උන් බේරී ඉන්නේ සිංහලයා හික්මවනු ලැබ ඇත්තේ බුදුදහමෙන් වන නිසාය. එසේ නොවේනම් වෙන්නේ, අල්ලාට බැන වැදී කමෙන්ටුවක් දැමූ ලංකාවේ දෙමළ තරුණයාට අරාබියේ දී සිදු වූ දේය.

මඩකලපුවේ වෙසෙන අන්තිම සිංහලයාවත් එලවන්නට හදන්නේ දෙමළ ජාතිවාදින්ය. ජාතිවාදයට ඉඩ නොදෙමි කියන ඩොටේ ජනාධිපති අනුරට ඒවා පේනනෙවත් නැත. වඩුන්නාගල බෞද්ධ පුදබිම හින්දුකරණයට ලක් කෙරෙන්නේ නීතිය රෝල් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උන්ගේ “පුපට” එය ඇතුල් කරමින් ය. යාපනයේ තිස්ස විහාරය දැන් සිංහල බෞද්ධයාට පෝයට යාමට නොහැකිය.

ජනප්‍රිය පුවත්  පට්ට ක්ලීන් ය !

ජාත්‍යන්තර සන්නාමයක් වූ “බැරිස්ටා” කෝපි හලවල් මෙරට කවර නගරයක පිහිටුවිය හැකි වුවත් යාපනයේ ඒවා වානාය. තේසවලාමේ නීතිය මෙන් ව්‍යාපාර ගැන තීරණය කරන “වේසවලාමේ” නීතියක්ද දැන් ක්‍රියාත්මක එහිය. මේ සියලු දේ වෙන රටේ, ඉතිරි දේ වෙන්නට වැඩිකල් යන්නේ නැත. සිංහල “අසිංහලයා” ට හිමි එකම රට ද අහිමි වනු ඇත්තේ වැඩි කල් යන්නට මත්තෙන්ය. එතෙක් තොපි “මෙට්‍රො බස්” ආතල් ගනිමින් සිටිය යුතුය. ඥානසාර හාමුදුරුවන්ට ජම්පරය ඇන්දීමේ සතුට භුක්ති විදිමින් සිටිය. එවැන්ජලික බ්‍රෝන් අගේන් සූරසේන, ක්‍රිෂාන්ත කුරේ, ප්‍රමිෂ්ක පෙරේරා, දිලීප පීරිස්, ජෙරොම් ප්‍රනාන්දු ඇතුළු කල්ලිය තොපේ ඉරණම තීරණය කොට හමාරය. ඩොටේ අනුර කුමාර දන්නා රට පාලනයක් නැත. මෝඩ හා කුහක සිංහලයා, උගේ ජීවිත බේරා දුන් සුරේෂ් සලේලා විඳින වද දැක සතුටුවන්නහුය. එවන් වූ තොපට පැවැත්මක් නැත. ඇත්තේම නැත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x