October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“මහින්ද ඇතුළු පිරිස සමූල ඝාතනය කරන්න එක්නැලිගොඩ සමඟ සාකච්ඡා කළා !” – හිටපු කොටි සාමාජික උසාවියේ දී කියයි !

1 min read

ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ නඩුව කොළඹ ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඊයේ (09) විභාගයට ගත් අවස්ථාවේ දී, හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජික සුමතිපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නැමැත්තා ප්‍රකාශ කර සිටියේ, එවකට හිටපු රාජ්‍ය නායකයා ඇතුළු පිරිස කටුනායක ගුවන් තොටුපොළ වෙතින් ගුවන් යානයක නැගී පිටත්ව යන අවස්ථාවක මිසයිල ප්‍රහාරයක් එල්ල කර සමූල ඝාතනයක් කිරීමට ප්‍රගීත් එක්නැලිගොඩ යන අය සමඟ සාකච්ඡා කළ බවයි.

එම කරුණ ඔහු විසින් පවසන ලද්දේ විත්තියේ නීතිඥයා විසින් හරස් ප්‍රශ්න විමසන ලද අවස්ථාවේදී ය.

නයනා සෙනෙවිරත්න (සභාපති විනිසුරු) නලින් හේවාවසම් සහ ලක්මාලි හේවාවසම් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාගයට ගැනෙමින් තිබේ.

මෙම නඩුවේ පැමිණිලිකරුවා වන්නේ නීතිපති දෙපාර්තමේන්තුව වේ. විත්ති පාර්ශවය වන්නේ ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ හිටපු අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ෂම්මි කුමාරරත්න ඇතුළු බුද්ධි අංශ සාමාජිකයන් 9 දෙනෙකු වේ. ඔවුනට එරෙහිව චෝදනා 17 ක් යටතේ නීතිපතිවරයා විසින් මෙම නඩුව 2019 වසරේ නොවැම්බර් මස පවරන ලද්දේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාලනය බිහිවීමට ආසන්නයේදී ය.

ජනප්‍රිය පුවත්  බර ඛනිජ වැලි කොල්ලයට ලන්ඩන් සමාගමක් හඳුන්ව මිලදී ගනී !

එහෙත් එම නඩු විභාගය කාර්යක්ෂමව සිදු නොවන බව පවසමින් ජනාධිපති අනුර කුමාර පාලනය, අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන හරහා 2026 මැයි මාසයේදී නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලද අතර, ඒ අනුව 2026 මැයි 08 වැනිදා සිට මෙම නඩුව අඛණ්ඩව සතිපතා යළි විභාග කිරීම ආරම්භ කෙරුණි.

මෙම නඩුවේ පැමිණිල්ල විසින් යුද හමුදා බුද්ධි අංශයට එරෙහිව ඉදිරිපත් කරන ලද සිව්වන සාක්ෂිකරුවා වූයේ සුරේෂ් කුමාර හෙවත් “මුරලි” (Thaveendran) නැමැති මෙම සාක්ෂිකරුවා ය. මීට පෙර ඔහු තම සාක්ෂි ලබා දී තිබුණත්, 2026 න් පසු මෙම නඩු විභාගය යළි වේගවත්ව ආරම්භ කරන විට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා කළ ඉල්ලීමකට අනුව, විත්ති පාර්ශවයේ දැඩි විරෝධය මැද, සුරේෂ් කුමාර හෙවත් “මුරලි” වෙතින් නැවතත් සාක්ෂි විමසීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අවසර දී තිබේ.

එවන් තත්ත්වයක් තුළ, විත්තිය වූ ගිරිතලේ යුද හමුදා බුද්ධි අංශ කඳවුරේ සාමාජිකයන් 9 දෙනකුට එරෙහිව පැමිණිල්ල හෙවත් නීතිපතිවරයා විසින් යොදාගත් ප්‍රධාන පෙලේ සාක්ෂිකරුවකුගෙන් ප්‍රගීත් එක්නැලිගොඩ සමග සිදු කිරීමට සැලසුම් කළ සමූල ඝාතනය අණාවරණය වීම පැමිණිල්ලේ රෙදි ගැලවීමට හේතු වී තිබේ.

ජනප්‍රිය පුවත්  "දෙහිවල මාලිමාවට සලකන්නේ මං !" - ශිරාන් බාෂික් පිළිගනී.

මෙම සාක්ෂිකරු පිළිගෙන ඇති අදාළ සමූල ඝාතනයට අදාළ හඬ පටයක් ද පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණි. මහින්ද රාජපක්ෂ ඇතුළු එවකට යුද්ධයට දේශපාලන නායකත්වය ලබා දුන් ප්‍රභූන් සහිත ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කර සමූල ඝාතනය කිරීමට සැලසුම් කළ කල්ලියේ සිංහල කොටියක වූ ප්‍රගීත් එක්නැලිගොඩට “සාධාරණය” ඉටු කිරීම සඳහා වැය වන සියළු මුදල් දරනුයේ ද මෙරට ජනතාවගේ බදු මුදලිනි.

අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලට පුද්ගලිකව අණ දී ඇත්තේ චෝදනාවට ලක්ව සිටින යුද හමුදා බුද්ධි අංශ නිලධාරින් වරදකරුවන් කර දඬුවමට යටත් කළ යුතු බවයි. නඩුව සතියකට වරක්, පුරා දිනයක් පුරා විභාග වන්නේ ඒ හේතුව මතය.

  • ජයන්ති රඹුක්වැල්ල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x