July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අපේ අනාවරණය හරි ! ගෝලීය කොටි හමුවෙන්න ජනපති ප්‍රංශයට !

1 min read

මීට සතියකට පෙර Underground News වෙතින් පමණක් අණාවරණය කරන ලද පරිදි ජනාධිපති අනුර කුමාර ගෝලීය කොටි ප්‍රධානින් හමුවීම සඳහා එළඹෙන ජූලි මස 16 වනදා ප්‍රංශයේ සංචාරයක නිරතවීමට නියමිතය.

එම සංචාරයේ අරමුණ ලෙස භාහිරින් ප්‍රකාශයට පත්ව ඇත්තේ ප්‍රංශ ආයෝජන ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගැනීම හා CMA CGM නැමැති ප්‍රංශයේ විශාලතම නාවික ප්‍රවාහන හා ලොජිස්ටික් සමාගම සමඟ ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීම ය. මේ බව ප්‍රකාශයට පත්කර ඇත්තේ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති් රෙමි ලැම්බර්ට් මහතා විසින් මිස ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් ද නොවේ.

“ගෝලීය කොටි නායකයන් හා ජනපති අතර හමුවක් ප්‍රංශයේ දී” යන හිසින් අප මීට පෙර ඵළකල පුවත මගින් අණාවරණය කළේ ජනාධිපතිගේ මෙම සංචාරය පිළිබඳවය‍.

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපතිවරයා ප්‍රකාශ කර තිබෙන වාර්තාවට අනුව මෙය ප්‍රංශ රජයේ නිල ආරාධනාවකට අනුව සිදුකෙරෙන සංචාරයක් නොවේ. ඉහත දක්වා ඇති ප්‍රංශ සමාගම සමඟ සාකච්ඡා කිරීමට රටක ජනාධිපතිවරයකු තකාහනියක්ම ප්‍රංශයට යා යුතු ද යන්න විමසා බැලිය යුතු කරුණකි.

ජනප්‍රිය පුවත්  ජෙරම්ගේ පුවරු ජනපති නියෝගයෙන්!

එහෙත් එම කරුණු මුහුනත ලෙස තබාගෙන ජනාධිපතිවරයා මෙම ප්‍රංශ සංචාරයේ නිරතවන්නේ ගෝලීය දෙමල සංසදය, අන්තර් කාලීන දෙමල ඊළාම් ආණ්ඩුව (TGTE), දෙමළ පුනරුත්ථාපන සංවිධානය (TRO), යනාදී සංවිධානවල ප්‍රධානින්වන සුරේන් සුරේන්ද්‍රන්, විශ්වනාදන් රුද්‍රකුමාරන්, ශ්‍රී කරන් තුරෛයිරාජා හා එස්.ජේ. එමානුවෙල් පියතුමා ඇතුළු කොටි සංවිධානයේ ජාත්‍යන්තර ප්‍රධානින් ඉතා රහසිගතව හමුවීමට ය.

අපගේ වාර්තාකරුට අනුව, වන්නි මානුෂීය මෙහෙයුමේ හමුදා ප්‍රධානින් ඉලක්ක කර සිදුකෙරෙන දඩයම, උතුර සහ නැගෙනහිර පළාත් සඳහා පමණක් පළාත්සභා මැතිවරණ පැවැත්වීම, මුදල් විශුද්ධිකරණ පනත ශූක්ෂම ලෙස සංශෝධනය කර කොටි සංවිධානයේ අරමුදල් (Black Money) උපායමාර්ගිකව වැදගත් ආර්ථික මර්මස්ථාන මිලදීගැනීම සඳහා රට තුළට ගෙන ඒමට වාතාවරණය සැකසීම ආදි කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට භාජනයවීමට නියමිතය. එමෙන්ම, මහවැලි අධිකාරි පනත අහෝසි කිරීම, විහාර-දේවාලගම් පනත සංශෝධනය කිරීම, පුරාවිද්‍යා පනත සංශෝධනය කිරීම වැනි උතුර හා නැගෙනහිර ඉඩම් බලය කෙරෙහි බලපාන පනත් කෙටුම්පත් රැසක් සංශෝධනය කිරීමේ කාර්යයේ ප්‍රගතිය සලකාබැලීම ද මෙහි දී සිදුවීමට නියමිතය.

උතුරේ සහ නැගෙනහිර පමණක් පළාත් සභා මැතිවරණය පවත්වා, එහි පත්වන මහඇමතිවරයාට රිසිපරිදි ප්‍රඥාප්ති සම්මත කර, ඒවා අනුමත කරන ඔවුන්ගේ ආණ්ඩුකාරවරයකු ජනාධිපතිවරයා විසින් පත් කිරීම ද මෙහි දී සාකච්ඡාවට ලක් කෙරේ.

ජනප්‍රිය පුවත්  පුවත සනාථ වේ ! වසන්තගෙන් කරදරයි, ආණ්ඩුකාරයා සමුගනී !

මේ පිළිබඳව අප පෙර ඵළ කරන ලද අදාළ පුවතේ සම්බන්ධය මේ සමග දක්වා ඇත.

  • ටී. දීපානි සමරවීර –
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x