ගෝලීය කොටි නායකයන් සහ ජනපති අතර හමුවක් ප්‍රංශයේ දී
1 min read
මීට දින 4 කට පෙර “කොටි දුන්න ලයිස්තුව සිරකිරීම කඩිනම් කෙරේ” යන හිසින් Underground News අණාවරණය කරන ලද පරිදි, (කරුණාකර එම පුවත නැවත කියවන්න) ජනාධිපතිවරයා සහ ගෝලීය කොටි නායකයන් අතර ඇති කරගත් එකඟතාව ප්‍රකාරව ගෙන ඇති පියවර හා බාධා පිළිබඳ සමාලෝචනයක නියැලීම සඳහා එම නායක හමුවකට ජනාධිපති අනුර කුමාර එලඹෙන ජූලි මස 15 සහ 19 ප්‍රංශයේ සංචාරයක නියැලීමට නියමිතය. මෙහිදී ගෝලීය දෙමළ සංසදය, Transnational Government of Tamil Eelam (TGTE), Tamils Rehabilitation Organisation (TRO) යන සංවිධානය නියෝජනය කරමින් සුරේන් සුරෙන්ද්‍රන්, විශ්වනාදන් රුද්‍රකුමාරන්, ශ්‍රීකරන් තුරෙයිරාජා හා එස්.ජේ. එමානුවෙල් පියතුමා ජනාධිපතිවරයා මුණගැසීමට සූදානමින් සිටිති.
වන්නි මානුෂීය සටනේ දී කොටි සංවිධානය පැරදවීමට තීරණාත්මක භූමිකාවන් ඉටු කර ඇති සිවිල් හා මිල්ටරි ප්‍රධානීන් සම්බන්ධව ගෙන තිබෙන පියවර, මුදල් විශුද්ධිකරණ පණත සංශෝධනය කර තමන් ගෙන එන “කළු සල්ලි” සඳහා ආරක්ෂාව සහතික කිරීම, මහවැලි අධිකාරිය අහෝසි කර මහවැලි ඉඩම්, ප්‍රාදේශීය ලේකම් යටතට පත් කිරීම, විහාර දේවාලගම් පණත, පුරාවිද්‍යා පණත් ඇතුළුව සංශෝධනය කර දුබල කළ යුතු පණත් සංශෝධන ක්‍රියාවලිය යනාදිය මෙහිලා සමාලෝචනයට භාජනය කෙරේ. මේ බව අප වෙත වාර්තාවන්නේ ගෝලීය දෙමළ සංසදයේ ප්‍රංශ ප්‍රධානින්ගේ සමීප ආරංචි මාර්ග වෙතිණි.
කෙසේ වෙතත්, ජනාධිපතිවරයාගේ මෙම ප්‍රංශ ගමනට පෙර ගෝඨාබය රාජපක්ෂ ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත යටතේ අත්අඩංගුවට ගැනීමත්, විවිධ අභූත චෝදනා නංවා වන්නි මානුෂීය මෙහෙයුමේ පුරෝගාමීව කටයුතු කරන ලද තවත් හමුදා ප්‍රධානින් දෙදෙනකුවත් හිර බාරයට පැමිණවීමත් සිදුකෙරනු ඇත.
ප්‍රංශය කේන්ද්‍රකරගෙන, ගෝලීය LTTE ප්‍රධානින් සමග කටයුතු සම්බන්ධීකරණ කෙරෙන නිසා ජනාධිපතිවරයාගේ සමීප මිතුරියක වූ කැලණිය සරසවියේ ඉගෙනුම ලද සංජු දිසානායක නැමැත්තියක් මීට මාස 4 කට පෙර ප්‍රංශයේ වැඩබලන තානාපති ලෙස පත්කර යවා තිබේ. ඒ, හිටපු තානාපතිනි මහේෂා ගුණසේකරව කොළඹට කැඳවා පුරප්පාඩුවක් ඇති කිරීම මගිනි. එක්වරම තානාපති තණතුරට පත් කිරීම වෙනුවට වැඩ බලන තානාපති ලෙස කලක් තබා, පසුව ස්ථිර තානාපතිධුරය ඇය වෙත ලබාදීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.
අපගේ සොයා බැලීමේදී පෙනී ගියේ, ජනාධිපතිවරයාගේ මෙම සංචාරයට ප්‍රංශ රජයේ නිල ආරාධනාවක් ලැබී නැති බවය. එහෙත්, විදේශ අමාත්‍ය විජිත හේරත්ට ලැබී ඇති ආරාධනාවක් ඇති බැවින්, ඇතැම් විට ඒ සඳහා ජනාධිපතිවරයා සහභාගිවනු ඇති ද යන්න පැහැදිලි නැත.
එහිදී ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික ප්‍රජාව ඇමතීමට ද සූදානම් කරමින් ඇතැයි පැවසේ.
Underground ප්‍රංශ වාර්තාකරු මෙම කටයුතු පිළිබඳව සමීප නිරීක්‍ෂණයක නිරත බැවින් මේ පිළිබඳ නවතම තොරතුරු ඔබවෙත ලබාදීමට අපි සූදානමින් සිටිමු.
- ටී. දීපානි සමරවීර –

