October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විනිසුරු කෝදාගොඩ දඩයමට මෙහෙයුමක්!

1 min read

ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයා වන යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් නෙරපා හැරීමේ මෙහෙයුමක් මේ වන විට රහසිගතව දියත් කෙරෙමින් තිබේ. අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන සහ ජනාධිපතිවරයා එක්ව දියත් කර ඇති මෙහෙයුමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ ව්‍යවස්ථාදායක සභාව තුල ඇති වී තිබෙන තත්වයකි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සමාජ නියෝජිතයන් ලෙස නියෝජනය වන මහාචාර්ය වසන්තා සෙනෙවිරත්න, ඔස්ටින් ප්‍රනාන්දු හා රංජිත් ආරියරත්න යන තිදෙනා මීළඟ අගවිනිසුරුවරයා පත් කිරීමේ දී දැනට ශ්‍රේෂ්ඨාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරයාගේ නම හැර වෙනත් නම් අනුමත නොකර සිටීමේ තීරණයකට පැමිණ තිබේ. සාමාජිකයන් 10 දෙනෙකුගෙන් යුක්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ , එම සිවිල් සමාජ නියෝජිතයන් තිදෙනා දරන මතය සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂනායකවරයාගේ නියෝජිත අජිත් පී.පෙරේරා මෙන්ම සුළු පක්ෂ නියෝජනය කරන සිවඥානම් ශ්‍රීධරන් ද එක්වනු ඇතැයි ආණ්ඩුව ගණන් බලා තිබේ. එවිට, මීළග අගවිනිසුරු පත් කිරීම වැනි තීරණාත්මක අවස්ථාවකදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ බහුතරය ජනාධිපතිවරයාට අහිමිවන බැවින්, වහාම කළ යුතු වන්නේ කිසියම් විනය කඩකිරීම පිළිබඳ චෝදනාවක් හුවා දක්වා යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරයෙන් නෙරපා හැරීම බවට වත්මන් අගවිනිසුරුවරයා හා ජනාධිපතිවරයා අතර එකඟතාවයක් ඇති කරගෙන තිබේ.

ජනප්‍රිය පුවත්  ජනපතිගේ ගජ මිතුරු ඉෂාරට ඕස්ට්‍රේලියාවෙන් තොප්පියක් !

යම් හෙයකින් වත්මන් අගවිනිසුරුවරයාගේ විශ්‍රාම වයස දිගුකර ගැනීමට අපොහොසත් වුවහොත් හෝ කවර හේතුවක් මත හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට නව අගවිනිසුරුවරයෙකු පත් කිරීමට සිදු වුවහොත් විනිසුරු යසන්ත කෝදාගොඩ පත් කිරීම හැර අන් මගක් නොපවතින බැවින් (ඉහත පෙන්වා දී ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ තත්වය මත) එය වලකා ගැනීමට කළ යුත්තේ නොපමාව යසන්ත කෝදාගොඩ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා නෙරපා හැරීම බව ජනාධිපති අනුර කුමාර හා දේවගැති අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තීරණය කර තිබේ.

ඒ අනුව, මේ දිනවල විනිසුරු යසන්ත කෝදාගොඩට එල්ලකල හැකි කුමන හෝ චෝදනාවක් ඔහුගේ පෞද්ගලික ජීවිතය ආශ්‍රිතව ඇත්දැයි විමර්ශනය කරමින් තිබේ.

මේ වනවිට තමන්ට අවනත නැති විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන් 20කට වඩා අධිකරණ සේවා කොමිසම මගින් සේවයෙන් ඉවත් කිරීමට , වැඩ තහනම් කිරීමට හෝ අනිවාර්ය විශ්‍රාම යැවීමට ලක් කර තිබේ. අධිකරණ සේවා කොමිසමේ සභාපතිධූරය දරන්නේ ද අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේනමය.

-ගයාන් බස්නායක-

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x