October 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උද්ධමනය සියයට 5 සිට 2 දක්වා අඩු වුනොත් ජනතාවට හොඳයි වගේ පෙනුනට ආර්ථිකයට හොඳ නෑ..- මහ බැංකු අධිපති

1 min read

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමන ඉලක්කය සියයට 5 සිට සියයට 2 දක්වා අඩු කිරීමෙන් ජනතාවගේ මිලදී ගැනීමේ හැකියාව ආරක්ෂා වන බව බැලූ බැල්මට පෙනී ගියද, එමඟින් මෙරට සමස්ත ආර්ථික වර්ධනයට දැඩි අහිතකර බලපෑම් එල්ල විය හැකි බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පෙන්වා දෙයි.

විද්වත් හමුවක් අමතමින් මහ බැංකු අධිපතිවරයා මේ බව අවධාරණය කළේය.

මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේ, දැනට පවතින සියයට 5ක උද්ධමන ඉලක්කය තීරණය කර ඇත්තේ ගැඹුරු ආර්ථික අධ්‍යයනයකින් පසුව බවයි. එය ආර්ථික වර්ධනය සහ මිල ස්ථායිතාව අතර මනා සමතුලිතතාවක් පවත්වා ගැනීම උදෙසා තෝරාගත් වඩාත් ප්‍රශස්ත ඉලක්කය වන අතර, ඒ අනුව 2029 වසරේ ඔක්තෝබර් මාසය දක්වා ඉදිරි වසර තුනක කාලය සඳහාද එම සියයට 5ක උද්ධමන ඉලක්කය එලෙසම පවත්වාගෙන යාමට මහ බැංකුව සහ රජය නිල වශයෙන් එකඟ වී ඇති බව හෙතෙම සඳහන් කළේය.

උද්ධමන ඉලක්කය කෘත්‍රිමව පහළ මට්ටමකට (සියයට 2ක් වැනි අගයකට) සීමා කිරීමට උත්සාහ කළහොත්, රටේ ආර්ථිකය එහි සැබෑ වර්ධන ධාරිතාවට වඩා පහළ මට්ටමකට ඇදවැටීමේ බරපතළ අවදානමක් පවතින බව මහ බැංකු අධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

ජනප්‍රිය පුවත්  බිමල්ව ගේන්න වෙනම ගුවන් යානයක්!

එවැනි තත්ත්වයකදී උද්ධමනය අඩුවීමෙන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභයට වඩා ආර්ථිකය හැකිළීම නිසා අහිතකර බලපෑම්වලට මුහුණ දීමට සිදුවන ජනගහනය ඉහළ යා හැකි බවද ඔහු පැවසීය.

සියයට 5ට වඩා අඩු උද්ධමන ප්‍රතිශතයකින් මෙරට ආර්ථිකයට යහපත් ප්‍රතිඵල අත්වන බවට මෙතෙක් කිසිදු ආර්ථික සාක්ෂියක් ඉදිරිපත්ව නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත්, වත්මන් තත්ත්වය යටතේ සියයට 5ක ඉලක්කය වඩාත් සුදුසු බවට එකඟතාවකට පැමිණියද, ඉදිරියේදී මතුවන නව ආර්ථික දත්ත සහ පර්යේෂණ පදනම් කරගනිමින් අවශ්‍ය වුවහොත් එම ඉලක්කය නැවත සමාලෝචනය කිරීමේ හැකියාව පවතින බවද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

  • ශවින්ද්‍ර සමරසිංහ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x