July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දවසේ පුවත

1 min read

විජේදාස රාජපක්ෂ පසුගිය දිනවල ආණ්ඩුව සම්බන්ධව දැනෙන විවේචනයක් සිදු කළේය. සුරේෂ් සලේ සම්බන්ධ ප්‍රශ්නයේදී ද ඔහු සිටියේ සලේගේ පැත්තේ ය. වරෙක ඔහු කියා සිටියේ කතෝලික පූජකතුමන්ලාට වඩා සුරේෂ් සලේ රටට සේවයක් කර තිබෙන බවය. එමෙන්ම, පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් අහිංසක මිනිසුන් මිය ගිය ද එකදු පූජකයෙක් හෝ මිය නොගිය බවද ඔහු කියා සිටියේ ය.

විජේදාස රාජපක්ෂගේ මේ භාවිතාව විසින් මල පනින්නේ ජනාධිපති අනුරට පමණක් නොවේ. ඔහුට පනින මලටත් වඩා වැඩි මලක් පනින්නේ කාදිනල්තුමන්ට ය.

විජේදාස රාජපක්ෂ අන්තිමට කියුවේ අධිකරණය තමන්ගේ යටතට ගන්න ආණ්ඩුව හදන හැටි ගැනය. ඔහු කීවේ, ජනාධිපති බලයයි, 2/3 බලයයි තියෙන ආණ්ඩුවට, දැන් අවශ්‍ය වී ඇත්තේ අධිකරණ බලය අත්පත් කරගැනීම බවය. ඒකට ආණ්ඩුව කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ පුරප්පාඩු තියාගෙන තමන්ට පක්ෂ තීන්දු ගන්න නඩුකාරයො හසුරුවන්න හදන මෙවලමක් බවට මේ පුරප්පාඩු පත් කරගෙන තිබීම බවය.

“අවුරුදු 225 ක අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ ඉතිහාසයේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චකාරවරයෙක් විශ්‍රාම ගියාට පස්සේ, එක දවසක් එතැන හිස්තැනක් තිබිලා නැහැ. ඊට පහුවෙනිදාම හිටපු පාලකයෝ මොන පක්ෂයෙ හිටියත්, ඒ පත්වීම කරලා තියෙනවා. අද තමයි දැන් මාස 6 කටත් වැඩි කාලයක් සමහර ඇබෑර්තු එක ඇබෑර්තුවක්වත් පුරවන්නෙ නැතුව තනිකරම අධිකරණයට පයින් ගහලා ඒකාධිපති ස්වභාවයෙන් පාලනයක් දැන් ගෙනියනවා”

මේ දේ කිව්වේ විජේදාස රාජපක්ෂ ය. ඒකට දුන්න “රිටන්” එක නිර්මල බණ්ඩාර හෙවත් “හර්බි” ගේ නමක් නොමැති පැමිණිල්ලය. හඬ පට ආවේද මේ “හර්බි” හරහාය. දැන් අප සෙවිය යුත්තේ මේ හර්බි කවුරුන්දැයි කියාය.

ජනප්‍රිය පුවත්  බොරු සහ ගොදුරු

නිර්මල බණ්ඩාර හෙවත් හර්බි යනු, මෙරට ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකි. එමෙන්ම, “හරක්කටා” හෙවත් නදුන් චින්තක වික්‍රමරත්නගේ සමීප හිතවතෙකි.

පසුගිය දා ආණ්ඩුවෙන්ම ප්‍රසිද්ධියට පත් කරන ලද “හඬ පටයක” හර්බි කියන්නේ තමන්ට ආණ්ඩුවේ “ඉහළම” සමඟ සබඳතා තිබෙන බවය. පසුගිය ජනාධිපතිවරණයේ දී හර්බි මුදලින් උදව් කළේ වෙන කාටවත් නොව අනුර කුමාරට ය. හර්බි තම නමින් නොවුනත්, ටෙලි නාට්‍ය ගණනාවකට ආයෝජනය කළේය. ඔහු නිෂ්පාදනය කළ ටෙලිනාට්‍ය වැඩි ප්‍රමාණයක අධ්‍යක්ෂක වූයේ මාලිමාවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ය.

“කොඩි ගහ යට”, “ගඟ අද්දර අන්දරය” යනදිය ඒ අතර විය. ආණ්ඩුවට පට්ට හිතවත් “සුදා” ගේ යූ ටියුබ් නාලිකාවට ප්‍රධාන වශයෙන් අනුග්‍රාහකත්වය දක්වන්නේ ද හර්බි ය. ඒ ඔහුගේ “කාගෝ” සමාගමක දැන්වීම් ලබාදීමෙන්ය. නමින් එය “නිර්මාණ කාගෝ” ය.

“හරක්කටා” සහ “කුඩු සලිඳු” ඩුබායි සිට මැඩගස්කරය බලා පලා ගිය අවස්ථාවේදී ඔවුනට ගමන් කිරීම සඳහා පුද්ගලික ජෙට් යානයක් ද ලබා දුන්නේ නිර්මල බණ්ඩාර හෙවත් හර්බිගේ ඉහත කී “කාගෝ” සමාගම හරහා ය. මෙරට නළු නිළියෝ හා ගායක ගායිකාවෝ බොහෝමයක් හර්බිව ඇසුරු කර තිබේ. ඒ ඔහු විදේශයන්හි සංවිධානය කරන විවිද උත්සවවලට සහභාගි වීම නිසාය.

දැන් මේ හර්බි ඉන්නේ ජනාධිපති අනුර සමඟය. හර්බි කරන්නේ, ආණ්ඩුවට සමග එක්වී තමන්ට වාතයක් වී සිටින “පාතාලයින්” පමණක් අල්ලා ගැනීමට උගුල ඇටවීමය. කෙහෙල්බද්දර පත්මේ එයට ඇති එක නිදසුනක්ය.

ජනප්‍රිය පුවත්  "ධම්මික" පැණිය !

“හරක්කටා” වඩා පහසු හා ජීවිතාරක්ෂාව සහතික කෙරෙන පරිසරයකට ගෙන ඒම සඳහා ගත්තායැයි කියන පගාව රඛිතලා අරගෙන තියෙන්නෙත් හර්බිට අනුව ඩුබායි හි පිහිටි තම නිවසේ දී ය. පගාව දුන්නායැයි කියන්නේ “හරක්කටා” ගේ බිරිඳ ය. සල්ලිවලින් බොහොමයක් එව්වායැයි කියන්නේ උණ්ඩියල් ක්‍රමයට ය. හඬපට වලින් විතරක් මේවා ඔප්පු කරන්නට පුළුවන්කමක් නැත. ඔප්පු කරන්නටනම් හඬ පටවල ඉන්න පුද්ගලයන් උසාවියට පැමිණ සාක්ෂි දිය යුතුය. එසේ සාක්ෂි දීමට ලංකාවට එන්න මේ බොහොමයකට හැකියාවක් නැත. ඒ අනුව අවසානයේ සිදුවනු ඇත්තේ රඛිතලා ඔය කියන පගාව ගත්තත් නැතත්, ගත්ත බව ඔප්පු කිරීමට නොහැකි වීම මත නිදොස් කොට නිදහස් වීම ය. ජනාධිපති අනුර මේ බව නොදන්නවා නොවේය. එහෙමනම් ඔහු මේ ගන්නේ කුමන “ආතල්” එකක් ද ?

ජනාධිපති අනුරට වුවමනා වී ඇත්තේ දවසේ පුවත මැවීමටය. එමෙන්ම, ආණ්ඩුවේ නිල වලට පහර දෙන වුන් තෝරා පහර දී සෙස්සන් බිය ගැන්වීමය. දැන් ඔහු “පොලිස් රාජ්‍යයක්” බිහි කරමින් සිටින්නේ ඒකට ය.

සූගීෂ්වරව අත් අඩංගුවට ගත්තේ වාහනේ හරස් කොට, යන වාහනය නවතා මහපාරේ මැදදී ය. චරිත් අබේසිංහව අත් අඩංගුවට ගත්තේ හිමිදිරි පාන්දර තාප්පයෙන් පැන ගෙදරට කඩා පැන නිදන කාමරය තුලට ද ඇතුළුවීමෙන් අනතුරුවය. පුද්ගලයන් මෙලෙස අත් අඩංගුවට ගත යුත්තේ, නීතියට අවනත නැත්තන් ය. නීතිය මගහරිමින් සිටින විටය. එහෙත් මේ කිසිවකු එසේ කර නැත.

ජනප්‍රිය පුවත්  ''නඩු බලවන" සූරසේන!

මේ මගින් පතුරුවන්නේ මෘදු භීෂණයකි. ජනාධිපති අනුර දැන් කරමින් ඉන්නේ එම මෘදු භිෂණය පැතිරවීමය. එමඟිනුත් තත්වය පාලනය නොවේනම්, රළු භීෂණය පැතිරවීමට ද ඔහු අදි මදි නොකරනු ඇත. උසාවිය පූර්ණ අවනතභාවයට ගනිමින් සිටින්නේත් ඒ සඳහා ය. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස, නිළලත් භීෂණයකින් හිරිවට්ටවමින් ඇත්තේ මේ ආකාරයට ය.

සමස්ත විපක්ෂය මේ බව වටහාගෙන ඇති බව අපටනම් පෙනෙන්නේ නැත. කඩාවැටෙන ආර්ථිකයට, පීඩාවට පත්වන රටවැසියාට දෙන්න උත්තර නොමැති ආණ්ඩුව කරමින් ඉන්නේ නිළලත් භීෂණයකින් විරුද්ද මත යටත් කිරීමය. විපක්‍ෂය ඒ බව නොදැන වටේ යන්නේ සංගීත පුටු තරඟයක අසුන මත වාඩිවීමට වලිකන “සෙට්” එකක් විදියටය. සංගීත පුටු තරඟයේ දී සින්දුව නතරවන විට කළ යුත්තේ පුටුව රැකගැනීමය. හැමෝම හිතාන ඉන්නේ ආණ්ඩුවේ සින්දුව කොයි මොහොතක හෝ නතර වන විට අනෙකාට ඉඩ නොදී පුටුව තමන්ම අල්ලා ගන්නටය. අපට කියන්නට ඇත්තේ එසේ වන්නේ සංගීත පුටු තරඟයක පමණක් කියාය. මේ තරඟයේ දී සින්දුව ද, එය නතර කරන තැන ද සියල්ල තීරණය කරන්නේ ආණ්ඩුව ය. ඉක්මනින් කළ යුත්තේ ඒ හැකියාව ආණ්ඩුවට අහිමි කිරීමය. එය කළ හැක්කේ දුර දිග දකින, මොලේ ඇති විපක්ෂයකට ය. එහෙව් විපක්ෂයක් තියෙනවාදැයි අප දන්නේ නැත. දන්නවානම් ඒ බව කිවයුත්තේ “අටපට්ටමට” ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x