April 18, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

IMF නියෝජිතයන් ගල් අඟුරු හොරකම නිසා නිහඬ ‌වෙයි!

1 min read

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායමක් ඊයේ (02) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් මුණ ගැසී තිබේ. නියෝජ්‍ය කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම හමුවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස හෝ පොදුජන පෙරමුණෙ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ හෝ සහභාගී වී සිටියේ නැත.

එයට සහභාගී වී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන් විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වත්මන් ආණ්ඩුවේ දූෂණ වංචා පිළිබඳව නිහඩ පිළිවෙතක් අනුගමනය කරනු ලැබීම ප්‍රශ්න කර තිබේ. ශ්‍රී ලංකාව සමග මූල්‍ය අරමුදල ඇතිකරගෙන ඇති ගිවිසුමට අනුව, එම ගිවිසුම ක්‍රියාත්මක කාලය තුළ දූෂණ සිදු වුවහොත් මූල්‍ය අරමුදල ඒ සම්බන්ධව ක්‍රියා කරන ආකාරය පැහැදිලිව සඳහන්ව ඇතත්, කන්ටේනර් වංචාව සහ ආන්දෝලනාත්මක ගල් අඟුරු වංචාව යනාදිය සිදුවෙද්දී මූල්‍ය අරමුදල මුනිවත රැකීම ප්‍රශ්න සහගත බව මන්ත්‍රීවරයා පෙන්වා දී තිබේ.

එයට පිළිතුරු වශයෙන් කිසිවක් පැවසීමෙන් වැළකී සිටීමට මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කටයුතු කර ඇත.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දිලිත් ජයවීර, රවී කරුණානායක, හිස්බුල්ලා ඇතුළු මන්ත්‍රීවරු කිහිප දෙනෙක් සහභාගී සිටියහ.

තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න

ජනප්‍රිය පුවත්  මහජන නියෝජිතයන්ට නැති ආරක්ෂාව ජ.වි.පෙ. ප්‍රධාන ලේකම්ට හා මූලස්ථානයට!

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
1
0
Would love your thoughts, please comment.x
()
x