October 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එක්ස්ප්‍රස් පර්ල් වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රශ්න රැසක්

1 min read

එක්ස්ප්‍රස් පර්ල් (MV X-Press Pearl) නෞකා ගින්නෙන් ශ්‍රී ලංකාවට සිදුවූ දැවැන්ත පාරිසරික හානියට අදාළ වන්දි අයකර ගැනීමේ ක්‍රියාවලිය යළිත් ප්‍රශ්න රැසකට මැදිව ඇති බව විපක්ෂ මන්ත්‍රීවරුන් හා මාධ්‍ය වාර්තා කර තිබේ.

වන්දි මුදල අයකර ගැනීම, නෞකාවේ රක්ෂණ සමාගමේ මැදිහත්වීම්, දේශපාලන බලපෑම් පිළිබඳව මතුකර ඇති චෝදනා සහ අදාළ ක්‍රියාවලියේ විනිවිදභාවය සම්බන්ධයෙන් ඒ අනුව බරපතළ ප්‍රශ්න පැන නැගී තිබේ.

මෙම අර්බුදය පාරිසරික ව්‍යසනයකට වන්දි ලබාගැනීමේ නීතිමය ක්‍රියාවලියකට පමණක් සීමා නොවන බවත්, එය මහජන මුදල්, රාජ්‍ය ආයතනවල ස්වාධීනත්වය සහ රටේ නීතිමය ස්ථාවරය සම්බන්ධයෙන් ද අවධානය යොමු කළ යුතු කරුණක් යැයි පසුගියදා දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

ඩොලර් බිලියනයේ වන්දි තීන්දුවෙන් පසු සිදුවන්නේ කුමක්ද?

2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් බව සඳහන් වන ඩොලර් බිලියනයක වන්දි තීන්දුව මෙම ක්‍රියාවලියේ වැදගත් සන්ධිස්ථානයකි.

කෙසේ වෙතත්, අධිකරණ තීන්දුවක් ලබාගැනීම සහ එම මුදල සැබෑ ලෙස අයකරගෙන රජයට ලැබීමට සැලැස්වීම එකිනෙකට වෙනස් ක්‍රියාවලි දෙකක් බව මාධ්‍ය පෙන්වා දී තිබේ.

ජනප්‍රිය පුවත්  මිලින්ද මොරගොඩ ජනාධිපතිවරණයට!

වන්දි මුදල අයකර ගැනීමේදී අනුගමනය කරන නීතිමය ක්‍රියාමාර්ග මොනවාද? අදාළ පාර්ශ්ව සමඟ සිදුකරන සාකච්ඡා මොනවාද? වන්දි අයකර ගැනීමේ ප්‍රගතිය පිළිබඳව මහජනතාවට තොරතුරු ලබාදෙන ක්‍රමවේදයක් තිබේද? යන්න ඒවා බව මාධ්‍ය පෙන්වාදී ඇත.

මේවාට පැහැදිලි පිළිතුරු ලබාදීම වැදගත් වන්නේ ශ්‍රී ලංකාවට සිදුවූ හානිය පියවා ගැනීමේ වගකීම රාජ්‍ය ආයතන සතු වන බැවිනි.

  • ජීවන්ත ගුණරත්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x