ඩොනල්ඩ් ට්‍රම්ප් නීතිපතිනිය ධුරයෙන් නෙරපයි!
1 min read
ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර්ම්ප් විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි නීතිපතිනි Pam Bondi පදවියෙන් පහ කරනු ලැබ තිබේ.
සිය Truth Social සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ජනාධිපති ට්‍රම්ප් පවසන්නේ, හිටපු නීතිපතිනිය පුද්ගලික අංශයේ “වැදගත් රැකියාවකට” යොමුවනු ඇති බවය. නව නීතිපතිවරයෙකු පත්කරන තුරු නියෝජ්‍ය නීතිපති ලෙසින් කටයුතු කළ Todd Blanche නීතිපති පදවියේ වැඩ බලනු ඇත.
එක්සත් ජනපදයේ ව්‍යවස්ථාවට අනුව නීතිපති පදවිය ද කැබිනට් අමාත්‍ය පදවියක් වන අතර, කැබිනට් අමාත්‍යවරුන් තෝරා ගනු ලබන්නේ මහජන ඡන්දයෙන් තේරී පත්වන ජනතා නියෝජිතයින් අතරින් නොවේ.
ළමා දූෂක ජෙෆ්රි එප්ස්ටීන් සම්බන්ධ මිලියන ගණනක් ලිපි ගොනු සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය ගැන හිටපු නීතිපතිනිය සහ අධිකරණ අමාත්‍යාංශය ඩිමොක්‍රටික් පක්ෂයේ මෙන්ම පාලක රිපබ්ලිකන් පක්ෂයේ ද කොන්ග්‍රස් සභිකයින් ගේ දැඩි විවේචනයට ලක්විය.
Pam Bondi සියලු ලිපිගොනු නිකුත් නොකළ බවට විපක්ෂ ඩිමොක්‍රටික් පක්ෂය චෝදනා කරද්දී, දේශපාලන ප්‍රතිවාදීන් සම්බන්ධයෙන් පියවර නොගත් බවට ජනාධිපතිවරයා ඇතුළු රිපබ්ලිකන් පාක්ෂික මන්ත්‍රීවරු ඇයට චෝදනා කළහ.
නීතිපති දෙපාර්තමේන්තුව විසින් මිලියන් ගනනාවක් එප්ස්ටීන් ලිපිගොනු නිකුත් කරන ලද නමුත් තවත් ලිපිගොනු මිලියන ගනනාවක් මෙතෙක් නිකුත්කොට නැත.
තොරතුරු එසැණින් දැනගන්න අපගේ නිල WhatsApp සමූහය සමඟ එක්වන්න
