October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමූස් විවෘත කිරීමට ඉරානයෙන් අමෙරිකාවට කොන්දේසි

1 min read

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නව නාවික ගමන් මාර්ග තීරණය කිරීම සඳහා ඕමානය සමඟ අවසාන ගිවිසුමකට එළැඹීමට තමා සූදානම් බව ඉරානය පවසයි.

කෙසේ වෙතත්, මෙම මුහුදු මාර්ගය නැවත විවෘත කිරීමට නම්, වන්දි ගෙවීම්, සම්බාධක ඉවත් කිරීම සහ රාජ්‍ය තාන්ත්‍රික තර්ජන නැවැත්වීම ඇතුළු කොන්දේසි අමෙරිකාව සපුරාලිය යුතු බව ඉරානය නැවතත් අවධාරණය කර සිටී.

පසුගිය පෙබරවාරි අගදී අමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානය මෙම මුහුදු මාර්ගය වසා දැමීය.

ඉරාන විදේශ අමාත්‍ය අබාස් අරක්චි ප්‍රකාශ කළේ ඕමානය සමඟ ඇති කරගන්නා ගිවිසුම මගින් නව නාවික මාර්ග තීරණය වන නමුත්, අමෙරිකාව තම ඉල්ලීම් ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය විවෘත නොකරන බවය.

අමෙරිකාව ජූනි මාසයේ ඇති කරගත් අතුරු ගිවිසුම කඩකර ඇති බැවින් සෘජු සාකච්ඡා නොපවත්වන බවත්, මැදිහත්කරුවන් හරහා පමණක් පණිවිඩ හුවමාරු වන බවත් ඔහු පැවසීය.

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන් ඉරානය සමඟ දැඩිව මැදිහත් නොවී, ඔවුන්ගේ ආර්ථික පීඩනය දෙස බලා සිටින බවය.

ජනප්‍රිය පුවත්  අමෙරිකාවෙන් ඉන්දියාවට 100%ක තීරුබදු තර්ජනයක්

ඉරානයේ කොන්දේසි-

ඇමෙරිකානු ප්‍රහාරවලින් සිදු වූ හානියට වන්දි ගෙවීම.

ඉරානයට එරෙහි තර්ජන සහ ඉරාන හිතවාදී පාර්ශ්වයන්ට (ලෙබනනය, පලස්තීනය, යේමනය, ඉරාකය) එල්ල කරන ප්‍රහාර නැවැත්වීම.

පර්සියානු ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු නාවික වැටලීම් නැවැත්වීම, සම්බාධක ඉවත් කිරීම සහ අත්හිටුවා ඇති ඉරාන දේපළ නිදහස් කිරීම.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x