මහානාහිමිවරු බැහැදැකීම ජනපති මග හරියි ! ලියුම ලඟදීම එළියට
1 min read
ජනාධිපති අනුර කුමාර අතිගරු මහානායකහිමිවරු බැහැදැකීම පිණිස පැමිණෙන බව දන්වා තිබුණේ ඊයේ (09) දිනයේ දී වුවත්, කිසිදු දැනුම්දීමකින් තොරව ජනාධිපතිවරයා එම ගමන අවලංගු කර තිබුණි.
තමන්වහන්සේලාට දැනුම්දුන් පරිදි ජනාධිපතිවරයා තමන්වහන්සේලා බැහැදැකීමට පැමිණෙනු ඇතැයි යන අපේක්ෂාවෙන් අතිගරු මහානායක ස්වාමින්වහන්සේලාද ඊයේ (09) වෙනත් කටයුතු යොදා නොගෙන සිට තිබේ.
ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් මේ පිළිබඳව අප කළ සොයාබැලීමක දී අණාවරණය වූයේ, 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව දැනටමත් මහානායකහිමිවරු ස්ථාවරයක් ගෙන තිබෙන නිසා, උන්වහන්සේලා බැහැදැකීම ඵල රහිත ක්‍රියාවක් ලෙස ජනාධිපතිවරයා කල්පනා කරන බවයි.
එමෙන්ම අදාල හමුවීම සිදුවීමෙන් පසු, මහානායකහිමිවරු තම අත්සන් තබා “සූරසේන” දිගුවට එරෙහිව ජනාධිපතිවරයාට යොමු කරන ලද ලිපිය ද සමාජය හමුවේ ප්‍රසිද්ද කෙරෙනු ඇති බැවින්, හමුව හැකිතාක් ප්‍රමාද කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබේ.
එහෙත්, අපගේ ආරංචි මාර්ග පවසන්නේ, ජනාධිපතිවරයා තමන්වහන්සේලා බැහැ දුටුවක්, නැතත් ඉදිරි දින දෙක තුන ඇතුලත අදාළ ලිපිය ජනමාධ්‍යවෙත යැවීමට මහානායකහිමිවරු තීරණය කර තිබෙන බවයි.
මහානායකහිමිවරු බැහැදැකීමට පැමිණෙන බව පවසා, කිසිදු හේතුදැක්වීමකින් තොරව එම හමුවීම අවලංගු කිරීම මෙරට කිසිදු රාජ්‍ය නායකයකු විසින් මින් පෙර සිදුකර නැත. මෙමගින් පෙන්වන්නේ බුද්ධාගම පිළිබඳ ජනාධිපතිවරයාගේ සැබෑ මතය බව බොහෝ දෙනකුගේ මතය වී තිබේ.
- රවීන්ද්‍ර සහබන්දු
