September 9, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගාසා තීරය පිළිබඳ ට්‍රම්ප්ගේ යෝජනාව ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි

1 min read

අම‍ෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් යුත් ගාසා තීරයේ සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත.

ගාසා තීරයේ ක්‍රියාත්මක හමාස් සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම් “සම්පූර්ණයෙන්ම නිරායුධ කිරීම” සඳහා එකඟතාවකට පැමිණි බව ට්‍රම්ප්ගේ සාම මණ්ඩලය පසුගිය මාසයේදී ප්‍රකාශ කළේය.

එහෙත්, තම බර අවි භාරදීම භාරදීම සිදු කරනු ලබන්නේ ඊශ්‍රායලය විසින් සියලු ආකාරයේ ආක්‍රමණ නතර කිරීම සහ ගාසා තීරයෙන් තම හමුදා ඉවත්කර ගැනීම මත බව හමාස් සංවිධානය පැවසීය.

පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ මූලික සටන් විරාමයකට එකඟවීමෙන් පසුවද ඊශ්‍රායලය දිගින් දිගටම එම ප්‍රදේශයට ප්‍රහාර එල්ල කරමින් සිටියි.

” මෙම කරුණු 15කින් යුත් ලේඛනය ප්‍රතික්ෂේප කරනවා,” යැයි නෙතන්යාහු ඊයේ (09) පැවති කැබිනට් රැස්වීමකදී ප්‍රකාශ කළේය.

“හමාස් සංවිධානය සැබෑ ලෙසම නිරායුධ කරන තෙක් ඊශ්‍රායල හමුදාව කිසිදු ඉවත්වීමක් සිදු නොකරන අතර, අපගේ හමුදාවන්ට සහ පුරවැසියන්ට එරෙහි තර්ජන මැඩපැවැත්වීම දිගටම සිදු කරනු ඇත,” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ගාසා තීරය සඳහා වූ නිරායුධ කිරීමේ සැලැස්මක් පිළිගත් බව හමාස් සංවිධානය ප්‍රකාශ කිරීමෙන් පසු, “ස්ථිරසාර සාමය සහ ආරක්ෂාව කරා යන දැවැන්ත පියවරක්” තැබූ බව ට්‍රම්ප් පසුගිය මාසයේදී නිවේදනය කළේය.

ජනප්‍රිය පුවත්  රනිල් වෙනුවෙන් පැමිණි නීතිඥයන්ගෙන් අධිකරණය පිරී යයි ! (BREAKING NEWS)

එහෙත්, ඊශ්‍රායලය ගාසා තීරයෙන් තම හමුදා ඉවත් කිරීමට පෙර හමාස් සංවිධානය නිරායුධ විය යුතු බවත්, එය හුදෙක් ව්‍යාජ නිරායුධ කිරීමක් විය නොහැකි බවත් නෙතන්යාහු අවධාරණය කළේය.

ඉදිරි පියවර පිළිබඳව එක්සත් ජනපද නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඔහු පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x