October 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෙට (17) හවස 4 ට කොටුවට ජෙප්පො රැස් කරති !

1 min read

ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව නොදෙන ලෙසට බල කරමින් හෙට (17) සවස 4ට පිටකොටුව දුම්රියපොළ ස්ථානය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීම සඳහා ජ.වි.පෙ. සිය පාක්ෂිකයන් කැඳවීමට තීරණය කර තිබේ.

එම පක්‍ෂයේ (මාලිමාව) ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් වෙත මෙම විරෝධතාව පිළිබඳව දැනුම්වත් කර ඇති ජ.වි.පෙ. මූලස්ථානය, එකී විරෝධතාව පැවැත්විය යුත්තේ ජ.වි.පෙ. පාක්ෂිකයන් නොව, ඡන්දය දුන් පිරිස ලෙස බවද අවධාරණය කර තිබේ.

නීතියට ඉහළින් කිසිවකු නැත යන පාඨය පෙරදැරිව පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව නොදිය යුතු බව මෙහි ප්‍රභල සටන් පාඨය බවට පත් කිරීමට නියමිතව තිබේ.

  • වරුණ මුහන්දිරම්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x