ජනාධිපති අනුර, මිලින්ද මිල දී ගනී !
1 min read
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ කෝට්ටේ ආසනයේ ප්රධාන සංවිධායක මිලින්ද රාජපක්ෂව තම පාලනයට නතු කර ගැනීමට ජනාධිපති අනුර කුමාර සමත් වී තිබේ. ජනාධිපතිවරයාගේ සමීප ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මිලින්ද රාජපක්ෂගේ පෞද්ගලික සම්බන්ධතාවයක් සූක්ෂමව යොදා ගැනීම හරහා ජනාධිපති අනුර කුමාර තම පාලනයට ඔහුව නතු කරගෙන තිබෙන බවයි.
මිලින්ද රාජපක්ෂට පැවරී ඇත්තේ, පොදුජන පෙරමුණ තුළ සිටිමින් එය අභ්යන්තරයෙන් බෙදීම සඳහා ක්රියා කිරීමේ වගකීමය. එහි පළමු පියවර ලෙස මිලින්ද රාජපක්ෂ තම “බයිි තක්සලාව” වැඩ සටහනක් තුළින්, බෞද්ධ භික්ෂූන්වහන්සේලාගේ පාගමනට හිටපු අමාත්යවරුන් වන විමල් වීරවංශ හා උදය ගම්මන්පිල සහභාගිවීම හෙලා දැක තිබේ. එමගින්, අභ්යන්තර බේද උත්සන්න කිරීම ඔහුගේ අරමුණ වී ඇතැයි පැවසේ.
නාමල් රාජපක්ෂ දඬුවම් ලැබ සිරගත කරන ලද හොත් ශ්රී ලංකා පොදුජන පෙරමුණ නූල කැඩුන සරුංගලයක් සේ ඉබාගාතේ විසරී යනු ඇතැයි ද තම සමීපතමයන් සමඟ පවසන්නේ මිලින්ද රාජපක්ෂ ය. එමඟින් ද පාක්ෂිකයා මානසිකව බිඳ වට්ටවාලීම සූක්ෂම ලෙස ඔහු විසින් සිදු කරමින් තිබේ.
ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසන්නේ, මිලින්ද රාජපක්ෂව නඩත්තු කිරීම සඳහා මුදල් සම්පාදනය කිරීම ජනාධිපතිවරයා විසින් බාර දී ඇත්තේ ප්රභල මුස්ලිම් ව්යාපාරිකයකුට බවය.
- ජානකී වර්ණසිංහ
