September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රිෂාඩ් බදියුදීන්ට ජනාධිපතිගෙන් සහතිකයක් !

1 min read

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ ඇතුළු පිරිසකට එරෙහිව ඊයේ (15) කොළඹ කොටුව මහේස්ත්‍රාත් උසාවිය හමුවේ පැවැති නඩු විභාගයේ දී, අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් විසින් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් ද පාස්කු ප්‍රහාරයට සහය දී ඇතැයි පවසන ලදී. රිෂාඩ් බදියුදීන් සහ මන්නාරම ප්‍රදේශයේ “අලවුඩීන්” නැමැති අයෙකු සම්බන්ධ කරමින් දිලීප පීරිස් අධිකරණය හමුවේ කියා සිටියේ, ප්‍රහාරකයින්ට සහ ඔවුන්ට සම්බන්ධ පුද්ගලයන්ට දේශපාලනික රැකවරණය සහ දේශපාලන සහයෝගය ලබාදීමට අදාළව රිෂාඩ් බදියුදීන් ඇතුළු පිරිසකගේ මැදිහත්වීමක් පැවතිය ද යන්න පිළිබඳව විමර්ශකයින් මේ වන විට පරීක්ෂණ පවත්වන බවයි.

ෂැංග්‍රිල්ලා හෝටලයේ බෝම්බ පුපුරුවාගත් ඉන්ෂාෆ් අහමඩ්ගේ මාමණ්ඩිය වන මන්නාරමේ “අලවුඩීන්” නැමැති ව්‍යාපාරිකයා සතු වේගවත් යාත්‍රා සහරාන් ඇතුළු පිරිසට ඉන්දියාව බලා යාමට භාවිතා කර තිබෙන බවද දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වනු ලැබුවේ ය.

මේ පිළිබඳ තොරතුරු වාර්තාවීමත් සමඟ ඊයේ (15) රාත්‍රියේ රිෂාඩ් බදියුදීන් විසින් ජනාධිපතිවරයාව දුරකථනය මගින් අමතා, තමාට එල්ල කර ඇති මෙම චෝදනාව පිළිබඳව කරුණු විමසා තිබේ. අපගේ ආරංචි මාර්ග පවසන පරිදි, එහිදී ජනාධිපති අනුර කුමාර විසින් රිෂාඩ්ට එරෙහිව කිසිදු පියවරක් නොගන්නා බවට සහතික වී තිබේ.

ජනප්‍රිය පුවත්  විශේෂ මහා සභාව "අල" කරන්න වටගලලා බැහැලම වැඩ !

ඊට අමතරව “හෙට” (එනම්, අද – 16 ) තමන් මන්නාරමට පැමිණෙන බවත්, ඒ කිසිදු අවස්ථාවකට රිෂාඩ් සහභාගි නොවිය යුතු බවත් මෙහිදී ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබේ.

ජනාධිපතිවරයාගේ උපදේශය පිළිගත් රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයා අද (16) පෙරවරුවේ මන්නාරම රෝහල සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ඇරඹීම සඳහා ජනාධිපතිවරයා පැමිණ සිටි උත්සවයට සහභාගි වී සිටියේ නැත. මන්නාරම දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් ඔහුට ඒ සඳහා ආරාධනා ලැබී ඇතත්, ජනාධිපතිවරයාගේ උපදෙස් මත ඔහු එයට සහභාගිවීමෙන් වැලකී තිබේ.

  • චාමර ගුණරත්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x