September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අරවින්ද ද සිල්වා සහ බිරිඳ වහා ම අත්අඩංගුවට ගන්නැයි නියෝගයක්

1 min read

හිටපු ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ වහා ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන අද (සැප්: 16) නිකුත් කළේ ය.

අරවින්ද සිල්වාගේ බිරිඳගේ නිවුන් සහෝදරිය මෙන් ම, මියගිය කපිල චන්ද්‍රසේනගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාට මීට පෙර තිබූ නඩුවක ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් වී සිටින අරවින්ද ද සිල්වා සහ ඔහුගේ බිරිඳ එම ඇපකාරභාවයෙන් ඉවත්වීම සඳහා පවරා තිබූ නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේ ය.

එම නියෝගය කළේ, එම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔවුන් අධිකරණයේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් නොකිරීම හේතුවෙනි.

එහිදී අදාළ නඩුවේ ඇපකරුවන් වෙනුවෙන් කරුණු ඉදිරිපත් කිරීමට නියමිත තිබිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x