July 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති කී මැයි 25 තීන්දුව කුමක් ද?

1 min read

පසුගිය මැයි පළමුවැනි දා පැවැති මැයි රැලියේදී ජනාධිපතිවරයා විපක්ෂ දේශපාලනඥයන්ට එරෙහිව දියත් කොට තිබෙන අධිකරණමය ක්‍රියාමාර්ග පිළිබඳව සඳහන් කරමින් කියා සිටියේ ”මැයි 25 එක තීන්දුවක් එනවා! අත්පුඩි ගහන්න ලෑස්ති වෙලා ඉන්න කියාය. මේ පිළිබඳව අපගේ ගවේෂණ මාධ්‍ය කණ්ඩායම සිදු කරන ලද සොයා බැලීමකදී අනාවරණය වූයේ එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වූ සරණ ගුණවර්ධන සම්බන්ධව සිදු කෙරුණු නඩු විභාගයකට අදාල තීන්දුවක් බවය.

නඩුවකදී විභාගය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සඳහා අදාළ විනිශ්චකාරතුමන් හෝ තුමියන් විසින් දිනයක් ප්‍රකාශයට පත්කරනු ලබයි. නමුත් බොහෝවිට සිදුව ඇත්තේ නඩු තීන්දුව නිසි පරිදි ලිඛිතව සකස් කර ගැනීමට නොහැකිවීම හෝ එවැනි වෙනත් හේතුවක් මත එම දිනයේදී තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට තවත් ඉදිරි දිනකට කල් දැමීමයි.

ජධිපතිවරයා කල්තබා සිදුකරන ලද මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය මගින් පැහැදිලි වන්නේ සරණ ගුණවර්ධන සම්බන්ධ නඩු විභාගයට අදාළව තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙන දිනය කිසිදු හේතුවක් මත වෙනස් නොවන බවයි. එමෙන්ම එම තීන්දුව තම පාක්ෂිකයන්ට සතුට ගෙන එන (එනම්, සරණ ගුණවර්ධනට බරපතළ දඬුවමක් සහිතව සිරගත කිරීමට ලක්වෙන) වර්ගයේ නඩු තීන්දුවක් වන බවයි

ජනප්‍රිය පුවත්  විදුලියබල මණ්ඩලය කෑලි 6කට කඩා විකුණන පණතට සහය ගන්න පාටි පිට පාටි

අදාල නඩු දිනය ජනාධිපතිවරයා දැන ගෙන තිබීම විශේෂිත කරුණක් නොවුනත්, එදින නිසැකවම එම තීන්දුව දෙන බව දැන සිටීම හා එම තීන්දුව තම පාක්ෂිකයාට සතුටු විය හැකි (අත්පොළසන් නගා භාරගත හැකි) තීන්දුවක් බව කල්තබා ප්‍රකාශයට පත් කිරීමට හැකිවීම මගින් අදාළ නඩු තීන්දුව දීමට සූදානමින් සිටින විනිශ්චකාරවරයා මේ වන විටත් බලවත් අසීරුතාවයකට ලක්ව සිටි.
ජනාධිපතිවරයා සිදුකරන ලද මෙම ඉතා අපරිනත ප්‍රකාශය හේතු කොට ගෙන මැයි 25 දෙනු ලබන තීන්දුව සරණ ගුණවර්ධනට බරපතළ දඬුවම් හිමිවන තීන්දුවක් වන්නේ නම් එය ජනාධිපතිවරයාගේ අභිමතය මත දෙන ලද තීන්දුවක් මිස අධිකරණය මගින් යුක්තිය පසිඳිලීමේ ක්‍රමය මත දෙන ලද තීන්දුවක් නොවන බවට සමාජයේ මතයක් නිර්මාණය විය හැකිවීම විනිසුරුගේ අවධානයට ලක්ව ඇතැයි වාර්තා වේ. එම කරුණ මත අදාල තීන්දුව මැයි 25 ප්‍රකාශයට පත් නොකර වෙනත් දිනයකට කල් දැමිය යුතුද යන්න පිළිබඳව එම විනිසුරුගේ අවධානයට යොමු කරන්න ඇතැයි අපගේ අධිකරණ ආරංචි මාර්ගය අනාවරණය කළ සිටි

මෙරට පෙර සිටි කිසිදු රාජ්‍ය නායකයෙකු අධිකරණය තුළින් ගනු ලබන විනිශ්චයන් පිළිබඳව තම පාක්ෂිකයන් ”චූන්” කිරීම සඳහා කලින් ප්‍රකාශයට පත් කරන අත්දැකීමක් අප අත්විඳ නැත. මේ පිළිබඳව අප කළ විමසීමකට පිළිතුරු දුන් හිටපු ජනාධිපති ලේකම්වරයෙකු කියා සිටියේ ”මෙය ඉතා ලාමක ප්‍රකාශයක් කිසිම ජනාධිපතිවරයෙක් අධිකරණ ක්‍රියාදාමයට මෙලෙස පොදු ජනතාව හමුවේ සැකයට භාජනය කර නෑ !මෙයින් සිදුවන හානිය සුළුපටු නෑ” යනුවෙනි

  • තිස්ස රාජකරුණා
ජනප්‍රිය පුවත්  NDB අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත්වෙයි! හොරකම වුණේ නන්දලාල් දැනගෙනද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x