September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

22ට ආණ්ඩුවේ තීන්දුවම ආවොත් ශ්‍රේෂ්ඨාධිකරණයට හිස නමන්නේ නෑ…!

1 min read

ජනාධිපති මෙන්ම අධිකරණ ඇමතිද 22 වන සංශෝධනය ‍ගෙන එන බව රට හමුවේ ප්‍රකාශ කර ඇතැයි ආචාර්ය අජන්තා පෙරේරා ප්‍රකාශ කරයි.

22 වන සංශෝධනය පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන්නේ රහස් තීන්දුවක් බවත් එය අධිකරණ ඇමති හරහා ජනාධිපති වෙත යන බවත් ඈ පෙන්වා දෙයි.

අගවිනිසුරු ජනතාව ඉදිරියෙහි ප්‍රකාශ නොකරන එම රහස් තීන්දුව ජනාධිපති මෙම ක්‍රියාවලිය තුළ තමන්ට අභිමත ආකාරයට වෙනස් කර ගැනීමේ හැකියාවක් ඇතැයිද අජන්තා පෙරේරා අනතුරු අඟවයි.

එහෙයින් එම තීන්දුව මගින් 22 වන සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බවට සහ පාර්ලිමේන්තුවේ 2/3ක අනුමැතිය ප්‍රමාණවත් බවට ප්‍රකාශ කළහොත් තමා තව දුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයට පිවිසීමේදී හිස නමා ආචාර නොකරන බවද ඈ අවධාරණය කරයි.

මාධ්‍ය හමුවක් අමතමින් ආචාර්ය අජන්තා පෙරේරා මේ බව ප්‍රකාශ කළාය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x