September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඊලග තාඹුගල

1 min read

පහුගිය දවසක ලංකාවට ආපු පුද්ගලයෙක් ගැන ආණ්ඩුව සහ මාධ්‍ය විශාල ප්‍රචාරයක් දුන්නා.

ආණ්ඩුවට අනුව ඔහු බිලියනපතියෙක්. ලංකාවේ ආණ්ඩුව ගැන පැහැදිලා, ලංකාවේ ආයෝජනය කරන්න ආපු ආයෝජකයෙක්.

මම දැක්කා ‘ස්වාධීන’ කියලා හඳුන්වා ගන්නා පුද්ගලයන් පවා මෙවැනි ධනවත් ලාංකිකයන් ලංකාවට ‘ආයෝජනය’ කරන්න එන්නේ ආණ්ඩුව ‘හොඳ’ නිසා කියලා හෑලි ලියලා තිබුණා.

කොහොමත් ලංකාවේ බහුතරයක් ගිල්ලවන නැරෙටිව් එකක් ගිලලා, සරල නිගමන වලට එනවට වඩා, කල්පනා කරලා, සම්පූර්ණ චිත්‍රයක් ගොඩනගා ගන්න තරම් බුද්ධිමත් නැහැ.

මෙලෙස ලංකාවට ආවේ ‘ආචාර්ය’ රෝෂන ජලග්ගේ.

ඕස්ට්‍රේලියාවේ ‘පර්ත්’ වල ජීවත් වෙන, ව්‍යාපාරයක් කරන ලාංකිකයෙක්.

ඔහුව ලංකාවේ මාධ්‍ය උස්සගෙන දිව්වේ ඔහු ලංකාවට ආවේ ඔහුගේම පුද්ගලික ජෙට් යානයක කියලා.
ඒ වගේම ඔහු බිලියනපතියෙක් කියලා.

ඔහු පාරේ ඉදලම වොයිස් කට් එකක් දුන්නා. ලංකාවේ ගුවන් තොටුපළවල් යා කරලා කරන ව්‍යාපෘතියක් ගැන කතා කළා.

හැබැයි බුවාගේ හැසිරීම, මාධ්‍ය ප්‍රචාරණය දිහා බැලුවම ඉතාම සැකසහිතයි. ඔහුගේ හැසිරීම් සියල්ල දැක්කම මම දැක්කේ ආචාර්ය තාඹුගල කෙනෙක්.

මෙවැනි කොන් ආර්ටිස්ට්ලාගේ මූලික අච්චුව කියවා ගන්න අපහසු නැහැ.

ජනප්‍රිය පුවත්  කාදිනල් අත්අඩංගුවට ගැනීම අනාගතයේ වැළැක්විය නොහැකි තත්ත්වයකි.

ඔහු ඉතාම උවමනාවෙන් මේ ‘පුද්ගලික ජෙට් යානය’ විකිණුවා. ඒ වගේම ලංකාවේ ‘PR ඒජන්සි’ එකක් හයර් කරලා තිබුණා.

පැටර්න්ස් කියවන්න පුළුවන් මනුස්සයෙකුට මේ රෝෂන ජලග්ගේ ගේ හැසිරීමේ, ලංකාවේ මිනිස්සු අන්දන තක්කඩිකම් සියල්ල දැකගන්න පුළුවන්.

එතුමා ‘ආචාර්ය’ රෝෂන. අර සල්ලි වලට දෙන ආචාර්ය උපාධියක්. සාමාන්‍යයෙන් ‘බිලියනපතියන්’ මෙවැනි ආචාර්ය උපාධි එල්ල ගන්නේ නැහැ.

ඔහු ගැන අන්තර්ජාලයේ හෙව්වම කිසිඳු වැදගත් තොරතුරක් නැහැ. සරලවම ඔහු ආපු ගමන් මගක් නැහැ. ඔහු රොකට් එකකින් පාත් වෙච්ච, ක්‍රමවත් ඉතිහාසයක් නැති පොරක්.

ඔහු ගැන අන්තර්ජාලයේ ඇති සීමිත තොරතුරු 2026 දී එකතු කරපු දේවල්. විශේෂයෙන්ම ඔහුගේ ව්‍යාපාර වෙබ් අඩවිය පවා 2026 දී ගොඩනගපු එකක්.

ඔහුගේ ව්‍යාපාරය වැඩිහිටියන්ට සුවසේවා සැපයීම (Aged care). ඒක හොද ව්‍යාපාරයක් තමයි. නමුත් බිලියනපතියෙක් බිහි වෙන්න තරම් විශාල ව්‍යාපාරයක් ද කියන බරපතල සැකයක් මතුවෙනවා.

අනිත් කාරණාව බිලියනපතියන්ට උරුම වූ හැසිරීමක් තියෙනවා. ඒ කට්ටිය අමුතුවෙන් ඉදලා කෝට් ඇදලා, පාරවල් වල වොයිස් කට් දිදී යන්නේ නැහැ. එහෙම යන්නේ පෘ කරන්න දෙයක් තියෙන උදවිය.

ජනප්‍රිය පුවත්  සීනි වෙනුවට හදුන්ගේ හාල්

මෙතුමා ලංකාවේ ඉඳපු කෙටි වෙලාවට මෙහේ සෙකියුරිටි කොම්පැනියකින්, බවුන්සර්ස්ලා අරන්, ඔවුන් ආරක්ෂකයො වගේ තියලා, ඉතාම අපරිනත විදියට රඟපෑවා.

මේවා ගංකඹර හැසිරීම්. බිලියනපතියන් එහෙම නැහැ. කොටින්ම ධම්මිකලාවත් එහෙම නැහැ.

ඒ සියල්ල ‘තක්කඩි ගේම්කාරයන්ගේ’ වල ලක්ෂණ

විශේෂයෙන්ම මෙතුමාගේ කැපී පෙනීම එක්ක මම මෙතුමා ගැන හෙව්වා පර්ත් හි වෙසෙන ලාංකේය ව්‍යාපාරික ප්‍රජාවගෙන්. නමුත් ඔවුන් කවුරුත් මෙතුමා ගැන දන්නේ නැහැ.

මෙතුමාට ඉතිහාසයක් නැහැ.

නමුත් මෙතුමා සමීපයෙන් ආශ්‍රය කරන, පර්ත් වල ජීවත් වෙන තවත් ලංකාවේ පොරක් ගැන තොරතුරක් ලැබුණා.

ඒ ලාංකිකයා නිමල් පෙරේරා.

මෙතුමා නිමල්ගේ අලුත් අසල්වැසියෙක් වගේම සමීප මිතුරෙක්. නිමල් එක්ක එකට කන බොන, දැන් ඕස්ට්‍රේලියාවේ නිමල් එක්ක ව්‍යාපාර කරන පොරක්.

ඕස්ට්‍රේලියාවේ වැඩිහිටි නිවාසයක් කරන් ඉදපු මෙතුමාට එක පාරම මහා ධනයක් පාත් වෙන්නේ, නිමල්ගේ හමුවීම එක්ක.

අවශ්‍ය නම් කෙනෙකුට මේ එකපාරම පාත් වෙච්ච බුවා, ආණ්ඩුව නිමල් පෙරේරා එක්ක දාපු ඩීල් එක වෙනුවෙන්, එයා බස් ගණුදෙනුවේ ප්‍රථම සහ විශාලතම වැරදිකරුවා නිමල් පෙරේරා බේරීම වෙනුවෙන්, නිමල් ගෙවන වන්දිය ආණ්ඩුවට ලබා දෙන නියෝජිතයා විය හැකියි කියලත් දකින්න පුළුවන්.

ජනප්‍රිය පුවත්  වතුකම්කරුවන්ගේ පඩි වැඩිවීම ගැන මගේ සත දෙක..

ආයෝජකයො නැතිව වේලි වේලි ඉන්න ආණ්ඩුව නිමල්ගේ නියෝජිතයා, මහා ව්‍යාපාරිකයෙක් කියලා විකිණුවා.

ඉදිරියේ දී අපිට ඒ ගැන හරියටම දැනගන්න පුළුවන්.

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x