September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බොරුව සහ පෙනුම

1 min read

මේ ඉන්නේ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නල්ලමලේ ජනාධිපති ය. තම පාලනයට දෙවසරක් සැපිරීම වෙනුවෙන් ඔහු මේ කරනුයේ පච වැපිරීම ය.

බොරු කීම හෙවත් පච වැපිරීම මේ ජනාධිපතිගේ සුපුරුදු ක්‍රියාවක් ය. අනුරාධපුරයට පැමිණි ඔහු කීවේ “මේ අවුරුද්දේ අනුරාධපුරේ විතරක් වැව් 450 ක් හදනවා” කියාය. මේ වසර නිමා වන්නට තව ඉතිරිව ඇත්තේ දින 107 ක් ය. වැව් 450 දින 107 න් බෙදූවිට දවසකට වැව් 4 ක් සෑදිය යුතුය. මෙහෙවු බොරුවලට පැරැන්නෝ කියන්නේ “අල්ලේ පැලවෙන” බොරු කියාය.

ජනාධිපති අනුරටනම් බොරුකීම සාමාන්‍ය දෙයක් ය. පොළොන්නරුවේ දී ඔහු කීවේ පාරවල් හදන්න බැරි වී ඇත්තේ පුහුණු ශ්‍රමය නැති නිසා බවය. ඊට පසුදා අනුරාධපුරයේ දී ඔහු කීවේ පාරවල් හැදීම ප්‍රමාද වී ඇත්තේ මැද පෙරදිග යුද්ධය නිසා තාර ගෙන ඒමට නොහැකි වීම හේතුකොටගෙන බවය. පැය 24 ක් ගෙවීයාමට මත්තෙන් එකම කාරණය ගැන මෙහෙම කීමට හැක්කේ අමුතුම වර්ගයේ බොරු විදින්නකුට ය.

බුදු දහමට අනුව පුද්ගලයකුගේ බාහිර රූපය තීරණය වන්නේ ඔහු කරන කර්මයන් (කර්මජ රූප) අනුව ය. නිරන්තරයෙන් බොරු කීම භාහිර පෙනුම ඍජුවම විකෘති කරන අකුසලයක් ලෙස බුදු දහම පෙන්වා දේ.

ජනප්‍රිය පුවත්  උස මිට්ටෝ

ලක්ඛණ සූත්‍රය වැනි දේශනාවලට අනුව, සත්‍ය කතා කරන අයට රන්වන් පැහැති ප්‍රසන්න සමක් (සුවණ්ණ වන්නෝ) හිමිවේ. එහෙත්, නිරන්තරයෙන් බොරු කියන, වංචා කරන පාලකයන්ගේ ශරීරයේ ලේ දූෂණය වී සම කළු හෝ දුර්වර්ණ වී අප්‍රසන්න ස්වභාවයක් ගන්නා බව බෞද්ධ ධර්මයේ දැක්වේ.

එමෙන්ම, බෞද්ධ සාහිත්‍යයේ එන ප්‍රේත වස්තුව වැනි ග්‍රන්ථවල සඳහන්ව ඇත්තේ, පෙර ආත්මවල හෝ මෙලොවදීම මහජනතාව බොරුවෙන් රැවටු පාලකයන් සහ පුද්ගලයන්ගේ කටින් අසූචි හෝ කුණු වූ මස් වැනි දරුණු දුර්ගන්ධයක් හමන බවයි.

අසත්‍යය සහ අධර්මය රජයන විට පාලකයාගේ මුහුණේ ඇති මනුෂ්‍ය ලක්ෂණ ගිලිහී ගොස් ක්‍රමයෙන් “රාක්ෂ” (Cruel / Demonic) පෙනුමක් මතුවන බව මහාභාරතයේ සඳහන් වේ. හින්දු දහමේ එන “සාමුද්‍රික ශාස්ත්‍රය” (ශරීර ලක්ෂණ විද්‍යාව) අනුව පුද්ගලයකුගේ අභ්‍යන්තර වංචනික බව බාහිරින් හඳුනාගත හැකිය. එමෙන්ම, පාලකයකු බොරු කියන විට, ලක්ෂ්මී දේවිය (ශ්‍රියාව සහ සමෘද්ධිය) ඔහුව අත්හැර යන බව පවසන්නේ ද හින්දු දහමේ ය. එවිට ඔහුගේ බාහිර පෙනුමෙන් දිලිඳු, අඳුරු සහ අවාසනාවන්ත ස්වභාවයක් (ජ්‍යේෂ්ඨ දේවී ලක්‍ෂණ) පෙන්නුම් කිරීම පටන් ගන්නා බව ද එහි දැක්වේ.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගේ ජාතිවාදය!

ඉස්ලාම් ධර්මයට අනුව සත්‍යවාදී මිනිසුන්ගේ මුහුණේ විශේෂ ආධ්‍යාත්මික ආලෝකයක් (Noor) දැකිය හැකිය. ජනතාව රවටන කුහක (මුනාෆික්) පාලකයන්ගේ මෙම ආලෝකය සම්පූර්ණයෙන්ම වැනසී ගොස් මුහුණ අඳුරු ස්වභාවයක් ගන්නා බව ද එහි කියැවේ.

වංචනික පාලකයන්ගේ බොරු හෙළිවන විට ඔවුන්ගේ මුහුණ “ලැජ්ජාවෙන් සහ නින්දාවෙන්” වැසී යන බවත්, සමාජය ඉදිරියට පැමිණීමට නොහැකි තරමට ඔහුගේ බාහිර ගාම්භීරත්වය බිඳ වැටෙන බවත් කීවේ ශුද්ධ වූ බයිබලයේ (ගීතාවලිය වැනි පොත් වල) ය. ජනාධිපති අනුර ජනාධිපති වී දෙවසර උදාවන විට ඔහුගේ භාහිර පෙනුමට සිදුව ඇති අලකලංචිය තේරුම් ගැනීමට මේ විවිද ආගමික අර්ථකථනය වැදගත් ය.

බෞද්ධ සාහිත්‍යයේ එන “චේතිය ජාතකය” මෙවැනි බොරුකාර පාලකයන් ගැන කියන්නේ අපූරු අදහසක් ය. චේතිය රජු සෘද්ධි බලයෙන් අහසින් ගමන් කළ හැකි, සිරුරෙන් දිව්‍යමය සුවඳක් හැමූ, ඉතා පියකරු රජෙක් ය. ඔහු තම පුරෝහිත බ්‍රාහ්මණයා තණතුරෙන් පහකර, තමන්ගේ මිතුරෙකු ඒ තණතුරට පත් කිරීම සඳහා ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට දැනුම්වත්වම බොරුවක් කිරීමට තීරණය කළේය.

රජු පළමු වතාවට බොරුව කී සැණින්, ඔහුගේ ශරීරයෙන් හැමූ දිව්‍යමය සුවඳ නැති වී කටින් සහ සිරුරෙන් අසූචි වැනි දරුණු දුර්ගන්ධයක් හැමීමට පටන් ගත්තේ ය. අහසේ ගමන් කිරීමේ සෘද්ධි බලය නැති වී ඔහු ඇද වැටුණේ බිමට ය. අවසානයේ වූයේ, ඔහු දිගින් දිගටම එම බොරුව සත්‍යයක් බව පැවසීමට උත්සාහ කර, එය හේතුකොටගෙන ඔහුගේ ශරීරයේ පැහැය අඳුරු වී මනුෂ්‍ය ලක්ෂණ විකෘති වීම ය. දැන් ජනාධිපති අනුරට වී ඇත්තේ චේතිය රජුට සිදුවූ ඒ දෙයම ය.

ජනප්‍රිය පුවත්  ට්‍රැක පැන්න වට ගල

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x