September 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇබෑර්තු තිබේ !!

1 min read

ඇමරිකා එක්සත් ජනපදයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ මහින්ද සමරසිංහ මහතා 2026 මැයි මාසයේදී සිය ධූරයෙන් ඉල්ලා අස්වන බව රජයට දැනුම් දුන්නේය.

ඉන්පසු ඔහුගේ නිල සේවා කාලය අවසන් වී මාසයකට අධික කාලයක් ගතවී ඇතත්, වත්මන් රජය විසින් ඒ සඳහා මෙතෙක් ස්ථිර තානාපතිවරයෙකු පත් කර නැත.

ඇමරිකානු – ඉරාන යුද්ධය, ශ්‍රී ලංකාවේ අපනයන වෙළඳපොළට සහ IMF ණය වැඩසටහනට අතිශය තීරණාත්මක බලපෑමක් කරන ඇමරිකාව වැනි රටක, ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා නොමැතිව තැබීම ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ ඇති අදූරදර්ශීභාවය මැනවින් කියාපාන්නකි..

ඇත්තටම ඇමරිකාවේ තානාපති කරන්න තරම් සුදුසු පුද්ගලයෙක් අනුරගෙ කැළණි කැම්පස් සගයන් අතර නැද්ද…?

එහෙමත් නැත්නම් ඇවිදින පුස්තකාල අතරවත් එවැනි රාජ්‍යතාන්ත්‍රික තනතුරක් හෙබවීමට සුදුසු නමක් නැද්ද..?

ලැජ්ජයි අනුර..

රාජ්‍ය තන්ත්‍රයේ ප්‍රධාන පදවි මාස ගණන් හිස්ව තැබූ අනුර ආණ්ඩුවේ ලැයිස්තුව බලන්න ආසයිද… ?

රටක යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේ රාජ්‍ය ආයතන නිසි වේලාවට, නිසි නිලධාරීන් මඟින් ක්‍රියාත්මක වුවහොත් පමණි.

නමුත් වත්මන් අනුර කුමාර දිසානායක රජය බලයට පත්වූ දා සිට රටේ අතිශය තීරණාත්මක තනතුරු රැසක් පිරවීමට නොහැකිව අන්ත අකාර්යක්ෂමතාවයක් ප්‍රදර්ශනය කරමින් සිටී.

ජනප්‍රිය පුවත්  අනුර, හර්ෂ ඩී සිල්වා සහ ව්‍යාපාරික ගජ මිතුරන්

හිටපු විගණකාධිපති චූලන්ත වික්‍රමරත්න මහතා 2025 අප්‍රේල් මාසයේදී විශ්‍රාම ලැබීය.

එතැන් සිට මාස 10කට අධික කාලයක් රටට ස්ථිර විගණකාධිපතිවරයෙක් පත් කිරීමට ආණ්ඩුව අසමත් විය.

ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත නිර්දේශ කරන ලද නම් 4ක්ම ව්‍යවස්ථාදායක සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලදදෙ තමන්ට හිතවත් බාහිර පුද්ගලයන් පත් කිරීමට දැරූ උත්සාහයන් නිසාය.

2025 දෙසැම්බර් වන විට වැඩබලන විගණකාධිපතිවරයාගේ කාලය පවා අවසන් වී, COPE සහ COPA වැනි පාර්ලිමේන්තු කාරක සභාවල මූල්‍ය අධීක්ෂණ කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල විය.

අවසානයේ විගණන සේවා කොමිෂන් සභාවේ නව සාමාජිකයන් දිවුරුම් දුන්නේ 2026 මැයි 04 වැනිදාය.

ස්ථිර විගණකාධිපතිවරයෙක් මාස ගණන් නොසිටීම නිසා ලෝක බැංකුව (World Bank), ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සහ ආසියානු සංවර්ධන බැංකුව (ADB) මඟින් ලැබෙන විදේශ ආධාර සහ ණය මුදල් පිළිබඳ විගණන කටයුතු ප්‍රමාද වෙමින් පැවතිනි.

2026 අගෝස්තු වන විටත් ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් සහ අභියාචනාධිකරණයේ පුරප්පාඩු 4ක් වශයෙන් මෙරට ඉහළම උසාවිවල තනතුරු 8ක් මාස ගණනාවක් තිස්සේ හිස්ව පවතී.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පළමු පුරප්පාඩුව ඇති වූයේ 2025 ජුනි 20 වැනිදා විනිසුරු ගාමිණී අමරසේකර මහතා විශ්‍රාම යාමත් සමඟය. ( දැනට අවුරුද්දයි මාස 02 කට පෙරය)

ජනප්‍රිය පුවත්  හරිනිට එරෙහි වෛරී ප්‍රකාශ නවතනු! හැබැයි නීතිය ක්‍රියාත්මක කරනු!

ඉන්පසු එස්. තුරෙයිරාජා, කුමුදුනී වික්‍රමසිංහ සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන් විශ්‍රාම ගියද තවමත් ඒ සඳහා පත්වීම් කර නැත.

මෑතකදී බඳවා ගැනීමේ විභාග පැවැත්වුවද, මහේස්ත්‍රාත් විනිසුරු පුරප්පාඩු 50න් පුරවා ගැනීමට හැකිවී ඇත්තේ තනතුරු 33ක් පමණි. ඉතිරි තනතුරු පිරවීමට ආණ්ඩුවට නිසි වැඩපිළිවෙළක්ද නැත.

ලක්ෂ සංඛ්‍යාත රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම් සහ මාරුවීම් සිදුකරන ප්‍රධානතම ආයතනය වන රාජ්‍ය සේවා කොමිෂන් සභාව මාස ගණනාවක් අකර්මන්‍ය කර තැබීමට ආණ්ඩුව කටයුතු කළේය.

රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම අර්බුදයකට ලක් කිරීමෙන් අනතුරුව, රාජ්‍ය සේවා කොමිෂන් සභාව සඳහා නව සභාපතිවරයෙක් සහ සාමාජිකයන් පත් කිරීමට ආණ්ඩුවට හැකි වූයේ 2026 ජූලි 09 වැනිදාය.

මේ හේතුවෙන් වසරකට අධික කාලයක් රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් සහ විනය පාලන කටයුතු සියල්ල එකතැන පල් විය..

අවුරුදු 76 ක රටේ දිශානතිය වෙනස් කරන්න ආපු අය, රටේ ප්‍රධානම ආයතන ටික “වැඩබලන” මට්ටමට සහ “හිස් පුරප්පාඩු” මට්ටමට ඇද දමා ඇත.

වේදිකාවල කයිය ගැසූ “කාර්යක්ෂමතාව” සහ “ක්‍රමවේද වෙනස” (System Change)) මේකද කියා ජනතාව දැන්වත් ප්‍රශ්න කළ යුතුය.

ජනප්‍රිය පුවත්  ලංකාවේ ක්‍රිකට් සහ සිනමන් ග්‍රැන්ඩ් හොටෙල්

අනුර… දැන්වත් ඇත්ත කියන්න..

මේ තනතුරු පුරප්පාඩු වී ඇත්තෙ ඒවාට පත් කිරීමට තරම් සුදුසු හෙංචයියන් ඔබේ පක්ෂය තුළ නැද්ද…?

නිලන්ත සත්සර ගමගේ ✍️

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x