September 16, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එට්කා එන විදිය

1 min read

ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගිය රැළි දෙක තුනකදීම, ලංකාවේ සංවර්ධන වැඩවලට සේවකයන් සහ කම්කරුවන් නැති කතාවක් කිව්වා නේද ?

මේ කතාවම මීට කලින් සුනිල් හඳුන්නෙත්ති අමාත්‍යවරයාත් තැන් කිහිපයකම කිව්වා.

ඔබ හිතන්නේ මොකක්ද ? මේ ආණ්ඩුව තමන්ගේ නොහැකියාව වසාගන්න ලබා දෙන තවත් නිදහසට කරුණක් නේද ?

නැහැ!

ආණ්ඩුව ඉන්දියාව එක්ක, ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ රැකියා වෙළඳපොල විවෘත කරන ගිවිසුම අත්සන් කරලා ඉවරයි.

දැන් ඉන්දියාව ඒ ගිවිසුම ක්‍රියාත්මක කරන්න බල කරනවා.

දැන් ආණ්ඩුවට ඉන්දියානු ජාතිකයන්ට ලංකාවේ රස්සා කරන්න ඉඩ දෙන්න උවමනායි.

අන්න ඒ සඳහා හදන ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය වෙනුවෙන් තමයි අනුර ලංකාවේ රස්සා කරන්න මිනිස්සු නැතිය කියාගෙන යන්නේ.

වැරදිලාවත් මේ ගිවිසුම ක්‍රියාත්මක වුනොත් ඔබ මා දන්න ලංකාව ඉවරයි.

ඉන්දියාව ලෝකයේ විරැකියාව වැඩිම රටක්. ඉතාම සුලු මුදලකට ඕනෑම රැකියාවක් කරන්න සුදානම් සහ උපාධි පවා තියෙන මිනිස්සු මිලියන ගණනක් ඉන්දියාවේ ඉන්නවා.

ඉන්දියාවේ මිලියන ගානක් තරුණ තරුණියො රස්සා නැතිව ඉන්නවා.

ඉන්දියාවේ අඩියෙන් අඩිය උපාධි කඩ.

ලංකාවේ වගේ උසස් අධ්‍යාපන ආයතන ප්‍රමිතියක් ඉන්දියාවේ නැහැ.

ජනප්‍රිය පුවත්  ඉරාන යුද්ධය සමග ට්‍රම්ප්ගේ කතා මල්ල කොටස් වෙළෙඳපොළේ සල්ලි මල්ලක් වෙන හැටි !

ඇත්තටම අඩියෙන් අඩිය සල්ලි වලට උපාධි දෙනවා. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල අරඹයා ගොතපු විහිලුවක් වගේ නෙවෙයි. ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාල ප්‍රමිතිගතයි.

ඉන්දියාවේ තරුණ තරුණියන් රැකියා වලට තෝරා ගන්නා IPS / IAS විභාග වලට වාර්ෂිකව මිලියන ගණනක් ලියනවා.

තෝරගන්නේ 250 ක වගේ ප්‍රමාණයක්.

ඉන්දියාවේ මේ රැකියා තරගකාරීත්වය නිසාම ඉන්දියානුවන් රැකියාවකින් ඉතාම අඩු වැටුපක් බලාපොරොත්තු වෙන්නේ.

මේ ගිවිසුම ක්‍රියාත්මක වුනොත් IT ක්ෂේත්‍රයේ ඉදලා කොන්ඩය කැපීම දක්වා ලංකාවේ රැකියා වෙළඳපොලට ඉන්දියානුවන් එනවා.

ඇවිල්ලා ඉතාම අඩු මුදලකට රැකියා කරමින් ලාංකිකයන්ගේ රැකියාවන් උදුරා ගන්නවා.

ඉන්දියාවේ රුපියල් 2500 ට මාසයක් වැඩ කරන රියදුරන් ඉන්නවා. රුපියල් 30 ට කොන්ඩය කපන බාබර් ලා ඉන්නවා. රුපියල් 5000 ට වැඩ කරන වෛද්‍යවරයො ඉන්නවා.

රුපියල් 4000 ට වැඩ කරන තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවො ඉන්නවා. රුපියල් දෙසීයට දවසක් වැඩ කරන කම්කරුවො ඉන්නවා.

මේ ගිවිසුම් ක්‍රියාත්මක වුනොත් මෙරට ඇගළුම් කර්මාන්තශාලා වල ඉදලා කම්කරුවන් දක්වාම ඉන්දියානුවන්ගෙන් පිරෙනවා.

එක් පැත්තකින් ලාංකිකයාගෙන් රැකියා උදුරලා ගන්නවා.

අනිත් පැත්තෙන් අපි පිරිසිදු පාරවල් තියෙන, පාරේ කුණු අඩු, මාර්ග විනය සාපේක්ෂව වැඩි රටක්.

ජනප්‍රිය පුවත්  අහෝ ධනනාත්, කුමට මෙතරම් මුලාවක්!

ඉන්දියානුවන් ලක්ෂ දෙක තුනක් හෝ ලංකාවට ආවා කියන්නේ ඒ තත්ත්වය ඉවරයි.

අපි දන්න ශ්‍රී ලංකාව ඉවරයි.

ඒ නිසා මේ ‘මට රට හදන්න ඕන වුනත් කම්කරුවො නෑ’ කියලා අනුර කියන කතාව අහිංසක කතාවක් නෙවෙයි.

ඒ කාලයේ ඉන්දීය විරෝධය වෙනුවෙන් බොම්බේ ළුණු විකුණපු මනුස්සයා පවා මරලා, දැන් බල ලෝභය වෙනුවෙන් ඉන්දියාව තරහා කරගන්න අකමැති, ඉන්දියාව තරහා වුනොත් තමන්ට විරුද්ධව කැරලි ගහයි කියලා හිතලා ඉන්දියාව කියන හැමදේටම රූකඩයක් වගේ නටන බුවෙක්, ඉන්දියාව තරහා කරගන්න අකමැති නිසා කරන්න යන වැඩකට පිටිය සැකසීම.

බලාගෙන ඉන්න!

  • Sachin Rathwatte
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x