October 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇමරිකාවට 250යි. චීනයට 77යි. එක කවුද?

1 min read

පිව් (PEW) සමීක්ෂණ ආයතනය අපූරු වාර්තාවක් එළි දක්වලා තියෙනවා. ඒක ලෝකයේ රටවල් 36ක මිනිසුන් හතළිස් දෙදහස් එකසිය පනහක් (42,150) ඇසුරෙන් කරපු සමීක්ෂණයක්. අහල තිබුණේ සරල ප්‍රශ්නයක්. ඔබ වඩා කැමැති ඇමරිකන් ක්‍රමයටද, චීන ක්‍රමයටද?

මෙන්න පිළිතුර. චීන ක්‍රමයට කැමැති පිරිස වැඩිවෙලා තියෙනවා. ලංකාවේ අයත් කියල තියෙන්නෙ චීන ක්‍රමයට කැමැතියි කියලයි.

වඩා විදිමත්ව කියනවානම්, 2026 දී චීන ක්‍රමයට කැමැති පිරිස 46%ක් වෙනකොට ඇමරිකන් ක්‍රමයට කැමැති පිරිස 36%ක් වෙලා තියෙනවා. මේ වාර්තාව කියන විදිහට 2023 දී ඇමරිකන් ක්‍රමයට කැමැති පිරිස 58%ක් සහ චීන ක්‍රමයට කැමැති පිරිස 32%ක් වෙලා තියෙනවා. ඒ අනුව 2026 අවුරුද්දෙ ඉඳළ චීන ක්‍රමයට කැමැති පිරිස ඉහළ ගිහින් තියෙනවා. ලංකාවේදී චීන ක්‍රමයට කැමැති පිරිස 72%ක් වෙලා තියෙනවා. රටවල් 36න්ම ඇමරිකන් ක්‍රමයට කැමැතිවෙලා තියෙන්නෙ රටවල් 5ක් විතරමයි. ඒ රටවල් තමයි ඊශ්‍රායලය,ජපානය,ඉන්දියාව, දකුණු කොරියාව සහ පිලිපීනයයි.

මේ අනුව අවුරුදු දෙසිය පනහක (250) ඉතිහාසයක් තියෙන ඇමරිකාව ගමන් කරමින් තියෙන දිශාව පැහැදිලියි. එය පල්ලම් බහිමින් තියෙනවා. ඒ වගේම අවුරුදු හැත්තෑ හතක (77) විප්ලවීය ඉතිහාසයක් තියෙන චීනයේ ගමන් දිශාවද පැහැදිලියි. 1949 ඔක්තෝබර් 1වැනිදා සිට අධිරාජ්‍යවාදී භූවල්ලාගෙන් ගැලැවුණු චීනය ලෝකයේ අවධානය දිනා ගනිමින් තියෙනවා. අද චීනයේ 77වන ජාතික නිදහස් දිනයයි.
ඇත්ත වශයෙන්ම ලෝක ජනතාවකගේ ප්‍රසාදය චීනය දිනා ගත්තෙ කොහොමද? මේ අවුරුදු 77ක කාලයේදී ඔවුන් කරල තියෙන හපන්කම් මොනවාද? එම හපන්කම් තේරුම් ගැනීමට පහසුවෙන්න මම ඔබට දත්ත කීපයක් ලියන්නම්.

ජනප්‍රිය පුවත්  කතානායක ප්‍රේමය වෙනුවෙන් දිවි දෙයි, කතානායක ඔක්තොම්බර් 20 ඉල්ලා අස්වෙයි.වසර දෙකකදී මාලිමාවේ දෙවෙනි කතානායකටත් කෙලවෙයි

2010 දී චීනය ලෝකයේ 2වන විශාලතම ආර්ථිකය බවට පත්වුණා. වර්තමානයේ, ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් ඇමරිකාව හා චීනයේ කොටස් අතර වෙනස 6% ක් පමණවෙලා තියෙනවා. අගය අනුව ගත්තොත් පිළිවෙලින් 25% සහ 19%ක් වෙනවා.

ඒ වගේම ඉදිරි වසර දහය තුළ චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකාව අභිබවා යනවා කියල ගණන් බලා තියෙනවා. එම කාලය තුළම, ඉන්දියාව පෘථිවියේ තුන්වන විශාලතම ආර්ථිකය ලෙස ස්ථානගත වෙනවා කියලත් ගණන් බලලා තියෙනවා.

කෙසේ වෙතත්, මිලදී ගැනීමේ බල සමානාත්මතාවය (PPP) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සකස් කළහොත්, චීනය දැනටමත් ලෝකයේ විශාලතම ආර්ථිකය වෙලා තියෙනවා. එම පරාමිතිය යටතේ, විශාලතම ආර්ථිකයන් දහය වන්නේ: චීනය (19%), ඇමරිකා එක්සත් ජනපදය (15.2%), ඉන්දියාව (7.75%), ජපානය (3.65%), ජර්මනිය (3.11%), රුසියාව (2.84%), ඉන්දුනීසියාව (2.56%), බ්‍රසීලය (2.31%), ප්‍රංශය (2.18%) සහ එක්සත් රාජධානිය (2.17%) යි.

ඒ වගේම 2024 දී ගෝලීය කාර්මික නිෂ්පාදනයේ චීනයේ කොටස 31.6% ක් වෙමින් එය පළමු ස්ථානයට පත් වූ අතර ඇමරිකාවේ කොටස 15.9% ක් වෙමින් එය දෙවන ස්ථානයට පත්වෙලා තියෙනවා. ඉන්පසුව ජපානය (6.5%), ජර්මනිය (4.8%) සහ ඉන්දියාව (2.9%) පැමිණිල තියෙනවා.

ජනප්‍රිය පුවත්  ලුම්පන් බලය

චීන කර්මාන්තයේ ද්‍රව්‍යමය හා තාක්ෂණික පදනම ඇමරිකාව සහ අනෙකුත් බටහිර බලවතුන්ගේ ඒවාට වඩා ගැඹුරින් අලුත් සහ උසස් වන්නේ එය පසුගිය දශකය තුළ නවෝත්පාදනය කෙරෙහි නැඹුරු වූ අති නවීන තාක්ෂණයන්, නවීන යටිතල පහසුකම් සහ රාජ්‍ය සැලසුම්කරණය මත ගොඩනගල තියෙන නිසයි. බටහිර කර්මාන්ත වයස්ගත ව්‍යුහයන්, අධික පිරිවැය සහ නිතර වෙනස්වන ක්‍රියාවලීන් ගෙන යනවා.

චීනය කෘතිම බුද්ධිය, රොබෝ විද්‍යාව, උසස් නිෂ්පාදන සහ ඩිජිටල් සැපයුම් දාමයන් ඒකාබද්ධ කරන ඒකාබද්ධ කාර්මික පරිසර පද්ධති සංවර්ධනය කරල තියෙනවා. ක්ෂුද්‍ර ඉලෙක්ට්‍රොනික විද්‍යාව, හරිත බලශක්තිය සහ ස්වයංක්‍රීය නිෂ්පාදනය වැනි උපායමාර්ගික අංශවල ඒකාබද්ධ වූ මෙම තාක්ෂණික පදනම අද එහි විශාලතම වාසියයි. එම වාසියේ ප්‍රතිඵල චීනය භුක්ති විදින අතර ඒවා ලෝකයටත් බෙදා දෙමින් තියෙනවා. ඒ නිසයි චීනය එක වෙලා තියෙන්නෙ.

  • ප්‍රියන්ත මධුකුමාර
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x