සැලැස්ම තිබුනේ රනිල්ට ගහන්න ! මහමොළකරු අනුර
1 min read
“සිරස” TV නාලිකාවේ අධිකරණ වාර්තාකරුයැයි සඳහන් චරිත් නියොමාල් විසින් ඊයේ, ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරියකුට සිය කැමරාවෙන් පහර දී ඇත්තේ පූර්ව සැලසුමකට අනුව බව අපගේ විමර්ශන අංශය විසින් අණාවරණය කරගෙන තිබේ.
මුල් සැලසුම වී තිබී ඇත්තේ අධිකරණය හමුවේ පෙනී සිට සිය වාහනය බලා එන විට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කැමරාව මගින් පහරදීමය. එහෙත් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රභූ ආරක්ෂක නිලධාරින් එයට ඉඩ නොලැබෙන පරිදි පිරිස පාලනය කිරීම මත “සිරස” මාධ්‍යකරුවා විසින් අදාළ පොලිස් නිලධාරියාගේ හිසට කැමරාව මගින් පහර දී තිබේ.
මෙම සැලසුම සකස් කර ඇත්තේ “කැපිටල් මහරාජා” ආයතන සමූහයේ වත්මන් කළමනාකරණ අධ්‍යක්ෂ ශෂී රාජමහේන්ද්‍රන් හා ජනාධිපති අනුර කුමාර එක්වය.
චරිත් නියොමාල් වෙත මෙම කටයුත්ත පවරා ඇත්තේ සිරස TV ප්‍රධානී ෂෙවොන් ඩැනියෙල් විසිනි. ඒ සඳහා ඔහු වෙත සැලකියයුතු මුදල් ප්‍රධානයක් ද සිදුකර තිබේ. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ හිස ඉලක්කකොට කැමරාව මගින් පහරදීමටත්, පසුව එය අතපසුවීමකින් සිදු වූ දෙයක් බව හුවාදැක්වීමටත් ඔවුන් සැලසුම්කර තිබේ. එමගින් අධිකරණයට පැමිණීම පවා බිය උපදවන කාරණයක් බවට පත් කිරීම සැලසුම්කරුවන්ගේ අපේක්ෂාව වී ඇතැයි පැවසේ.
මීට පෙර නාමල් රාජපක්‍ෂ මන්ත්‍රිවරයා අධිකරණ පරිශ්‍රය තුළ වන සිරකුටියේ සිටිය දී, වෙනත් සිරකරුවකු විසින් ඔහුට පහරදීමට උත්සාහ කිරීම සිදුකර ඇත්තේ ද මෙම මෙහෙයුමට අනුවය.
කෙසේ වෙතත්, අදාළ මෙහෙයුම සිදුකරන ලද කැමරා ශිල්පියාට අද ෂෙවොන් ඩැනියෙල් සමග රාත්‍රී භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබේ.
- සමන්ත උඳුපිටිය
