October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සජිත්ගෙන් , රනිල් ට දුරකථන ඇමතුමක්

1 min read

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (30) රාත්‍රියේදී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට දුරකථන ඇමතුමක් ලබාදී ඇති බව වාර්තා වේ.

කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේ ගේට්ටුව අසලදී සිරස මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියකු විසින් රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක පොලිස් නිලධාරියෙකුට පහරදීමේ සිද්ධිය පිළිබඳ විමසීම සඳහා ය.

එම පහරදීමේ සිද්ධිය පිළිබඳ විස්තර විමසීමෙන් අනතුරුව වත්මන් දේශපාලන තත්වය සම්බන්ධයෙන් ද දෙදෙනා සාකච්ඡා කර ඇති අතර සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය දෑ කතාබහ කරගැනීම සඳහා පියවර ගැනීමට එකඟතාවක් ද ඇතිකරගෙන ඇති බවද සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x