October 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අධිකරණය තවදුරටත් ජෙපිකරණය කෙරේ !

1 min read

මහාධිකරණ විනිසුරුවන් දෙදෙනකු වන නවරත්න මාරසිංහ සහ මංජුල තිලකරත්න යන විනිසුරුවන් අභියාචනාධිකරණ විනිසුරුවන් ලෙස උසස් කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර විසින් නම් කර ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර තිබේ.

ඒ පිළිබඳ තීරණය කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව අද (02) රැස්වීමට නියමිතව ඇත. ජනාධිපතිවරයා විසින් උසස්වීම් සඳහා නිර්දේශ කර තිබෙන මෙම දෙදෙනා මහාධිකරණ විනිසුරු ලයිස්තුවේ ජ්‍යෙෂ්ඨත්වය අනුව සිටිනුයේ, දෙවැනියට සහ පස්වැනියාට ය. ජ්‍යෙෂ්ඨත්වය අනුව පළමුවැනි, තුන්වැනි හා හතරවැනි යන ස්ථානයේ සිටි සියලු විනිසුරන් අදාළ උසස්වීම් සඳහා නිර්දේශ නොකර සිටීමට ජනාධිපතිවරයා විසින් තීරණය කර ඇති බව මෙමගින් පැහැදිලි වේ.

විනිසුරු මංජුල තිලකරත්න, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අධිකරණ සේවා සංගමය පැවැත් වූ මහා සභා රැස්වීම කඩාකප්පල් කිරීමට වෙර දැරූ ප්‍රමුඛයෙකි.

මෙමගින් මෙරට අධිකරණය තවදුරටත් “ජෙපිකරණයට” ලක් කෙරෙන බව ප්‍රවීණ නීතිවේදීන්ගේ මතය වී තිබේ.

  • රුක්ෂාන් වරකගොඩ
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x