October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

නීතිඥ මෛත්‍රීට එරෙහිව විනිසුරුවා උසාවි යයි ! ලේඛන සහිත අණාවරණය

1 min read

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න විසින්, තම මහේස්ත්‍රාත් උසාවියේ දී අධිකරණයට අපහාස කර ඇතැයි චෝදනා කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් විසින් අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන වෙත ලිඛිතව පැමිණිලි කර තිබේ.

සැකකරුවකුට අදාළ ඇප ඉල්ලීමක් තමන් ප්‍රතික්ෂේප කරන ලද අවස්ථාවේ “දැන් ඔබතුමා කොහොමත් ඇප දෙන්නෙ නෑ කියලා අපි දන්නවා” යනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කියා සිටි බවත්, විවෘත අධිකරණයේ දී ඔහු එසේ ප්‍රකාශ කළ විට එම කරුණු වාර්තාගත කිරීමට අවශ්‍යද යනුවෙන් විමසූ විට, “ඔබතුමාට ඕනනම් රෙකෝඩ් කරන්න, මට ප්‍රශ්නයක් නෑ” යනුවෙන් කියා සිටි බවත් එම ලිඛිත පැමිණිල්ලේ දක්වා ඇත.

ජනාධිපති නීතිඥයකු විසින් විවෘත අධිකරණයේ දී මේ ආකාරයෙන් අධිකරණයට අපහාස කිරීම ඉතාම බරපතල ආකාරයෙන් සලකා බැලිය යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙසත් එම ලිපියේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත දන්වා තිබේ.

2026 සැප්තැම්බර් 11 දාතම සහිතව සිදුකර තිබෙන එම පැමිණිල්ලට අනුව වහාම ක්‍රියාත්මක වී ඇති අගවිනිසුරු දේවගැති ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝජ්‍ය රෙජිස්ටාර් මඟින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට ලිඛිතව දක්වා ඇත්තේ මසක් ඇතුළත අදාළ පැමිණිල්ල පිළිබඳ කරුණු වාර්තා කරන මෙන්ය.

ජනප්‍රිය පුවත්  අධිකරණ සේවා සංගමයේ මහා සභා රැස්වීම කඩාකප්පල් කරන්න පසන් අමරසේන බරටම වැඩ!

අපගේ අධිකරණ ආරංචිමාර්ග පවසන්නේ, 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න පුරෝගාමීව ක්‍රියා කළ නිසා එයට වන දඬුවමක් ලෙස ඔහුගේ නීතිඥභාවය ඉවත්කිරීම මෙහි යටි අරමුණ වී තිබෙන බවය.

අදාල ලේඛන මේ සමග දක්වා ඇත.

  • රසික එදිරිමාන්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x