November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගතවූ මාස12දී ළමයි 12,000ක් පොලිස් බාරයට

1 min read

රටම එකට” ජාතික මෙහෙයුම යටතේ වසරක කාලයක් තුළ සිදුකළ වැටලීම්වලදී ළමුන් 12,000කට ආසන්න සංඛ්‍යාවක් පොලිස් බාරයට ගෙන තිබේ.

2025 වසරේ ඔක්තෝබර් 30 වන දින සිට මේ දක්වා කාලය තුළ සිදුකළ වැටලීම්වලදී ළමුන් 11,970 දෙනෙකු මෙලෙස බාරයට ගෙන ඇති බව වාර්තා වේ.

එහිදී පිරිමි ළමුන් 11,737 දෙනෙකු සහ ගැහැණු ළමුන් 233 දෙනෙකු බාරයට ගෙන ඇත.

මේ අතර “රටම එකට” ජාතික මෙහෙයුම දිවයින පුරා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන අතර සංවිධානාත්මක අපරාධ ජාලයට එරෙහිව දැවැන්ත වැඩපිළිවෙළක් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x