November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඇතකුගේ මළ සිරුරක් හමුවෙයි…!

1 min read

කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී වන ඇතකුගේ මළ සිරුරක් හමුවී තිබේ.

කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය නොමැති බව නිරීක්ෂණය වී තිබේ.

ඇතාගේ වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කාපාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරන අතර, ඇතා මියගොස් යම් කාලයක් ගතවී ඇති බවට ද සැක කෙරේ.

සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලීසිය සහ යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

කාවන්තිස්ස සද්ධන්තයා මියගොස් මාසයක් ගත වන්නටත් පෙර තවත් සද්ධන්තයින් මෙලෙස මියයෑම ඉතා සෝචනීය කරුණකි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x