November 2, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කොටි “සිරසට” ආණ්ඩුවෙන් රු. ලක්ෂ 1000 ක පගාවක් !

1 min read

පසුගිය දා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී පැවති ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහසමුළුව පැවැත්වීම වෙනුවෙන්, ජනාධිපති අනුර කුමාර විසින් MTV පුද්ගලික සමාගමට (“මහරාජා ටෙලි විෂන්” ආයතනයට) රු. 104,603,876.00 ක මුදලක් පිරිනමා තිබේ.

මෙම රුපියල් ලක්ෂ 1000 කට වඩා වැඩි මුදල පිරිනමා ඇත්තේ සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අරමුදල් වෙතිනි. අමාත්‍ය විජිත හේරත් මගින්, මෙම මුදල් “සිරස” ආයතනයට ලබාදීම පිණිස කටයුතු කරන ලෙස දන්වා ඇතත්, ඒ අනුව සකස් කෙරුණ අධ්‍යක්ෂ මණ්ඩල පත්‍රිකාව එම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පසුව, ජනාධිපති අනුර කුමාරගේ උපදෙස් මත විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත් විසින් අමාත්‍ය මණ්ඩලය වෙත අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය මගින් අදාල මුදල “සිරස” ආයතනයට ලබා දීමට අනුමැතිය ලබාගෙන තිබේ.

පසුව, මෙයට විරෝධය පා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ඒකාබද්ධ සභාපතිවරයා ලෙස කටයුතු කළ බුද්ධික හේවාවසම් මහතා, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීය. ඔහුව මෙම තණතුරු සඳහා පත් කරන ලද්දේ 2024 ඔක්තෝබර් මාසයේ දී ය.

ජනප්‍රිය පුවත්  රනිල්ගේ සංචාරය ගැන ආණ්ඩුව විමසිල්ලෙන් !

පුද්ගලික රූපවාහිනී නාලිකාවක් සංවිධානය කරනු ලබන උත්සවයකට ජනතාවගේ බදු මුදල් මෙලෙස වැය කිරීම මුදල් රෙගුලාසි උල්ලංඝණය කිරීමක් බව ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරින්ගේ මතය වී තිබේ.

  • විශේෂ වාර්තාකරු
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x