November 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඩෙංගු අවධානම ඉහළ ට | ආසාදිතයින් ලක්ෂය ඉක්මවයි…!

1 min read

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බස්නාහිර, දකුණ, සබරගමුව, ඌව, උතුර, නැගෙනහිර සහ මධ්‍යම යන පළාත් 07 තුළ ඩෙංගු රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එමෙන්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 130ක පමණ මදුරු කීට ඝනත්වයද සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා ප්‍රකාශ කර සිටී.

මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එළඹෙන නොවැම්බර් මස 09 වැනිදා සිට 14 වැනිදා දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 13ක් ආවරණය වන පරිදි විශේෂ මදුරු මර්දන වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 105,500ක් පමණ වාර්තා වී ඇති අතර ඩෙංගු වැළඳීමෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 79ක් ලෙස සටහන් වේ. එම නිසා රෝගය තවදුරටත් පැතිරයාම වැළැක්වීම සඳහා තම පරිශ්‍රයන්හි මදුරුවන් බෝ විය හැකි ස්ථාන වහා විනාශ කිරීමට පියවර ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ජනප්‍රිය පුවත්  ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස මොප්තාබා කමේනි පත් කෙරේ!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x