October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනවසරෙන් මැණික් ගැරූ 8 දෙනෙකු අත්අඩංගුවට

1 min read

කාසල්රි ජලාශයට බගවන්තලාවේ සිට ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ කිමිදුම් කට්ටල ඇදුම් ඇද ඔය පතුලේ වූ මැණික් ඉල්ලම් ගොඩ ගත් ජාවාරම්කරුවන් 8 දෙනෙකු අද (08) අලුයම අත්අඩංගවට ගෙන ඇත.

නුවරඑළිය ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් මෙම මෙහෙයුම දියත් කර අත්අඩංගවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් ටින්සින් ප්‍රදේශයේ කෙසෙල්ගමුඔය රක්ෂිතයද විනාශ කරමින් එම ජාවාරම්කරුවන් පිරිස රක්ෂිතය අසළින් ඇද ඇති අධිබලැති විදුලි රැහැන් පද්ධතියකින් අනවසරයෙන් විදුලි බලය ලබා ගෙන වායු පීඩන යන්ත්‍රයක් ආධාරයෙන් වායුව ලබා ගෙන මැණික් ජාවාරම්කරුවන් කිහිප දෙනෙකු කෙසෙල්ගමුඔයේ කිමිදි ඔය පතුලේ සහ කෙසෙල්ගමුඔය රක්ෂිතයේ ඉවුරේ තිබූ මැණික් ඉල්ලම් ගොඩ ගනිමින් සිටි බවයි එම වැටලීම සිදු කල නිළධාරින් කියා සිටියේ.

මෙම ජාවාරම වැටලීමට බගවන්තලාව පොලිසියේ නිළධාරින් දෙදෙනෙකුගේද සහයෝගය ලැබී තිබූ බවත්, සැකකරුවන් මැණික් ගැරීමට උපයෝගි කර ගත් සහ මුරකරුවන් ස්ථාන ගත කිරිමට භාවිතා කල ත්‍රී රෝද රථ දෙකක් සහ උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් ජාවාරම්කරුවන් රත්නපුර, බගවන්තලාව, හැටන් යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 40-50ත් වයස් කාණ්ඩවල පසුවන අය බවයි වැටලීම සිදු කල නිළධාරින් කියා සිටියේ.

ජනප්‍රිය පුවත්  නීතිඥ සංගමය හා අධිකරණ ඇමති අතර සාකච්ඡාවක්..

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව කියා සිටියහ.

මෙම අනවසර මැණික් ගැරීමේ ජාවාරම සම්බන්ධයෙන් නුවරඑළිය දිසාව භාර නියොජ්‍ය පොලිස්පතිවරයා යටතේ විමර්ෂණයක් ආරම්භ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x