October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

උතුම් අරහත් ධජය ගලවා ආණ්ඩුව කරගත්තේ බරපතළ ඓතිහාසික වැරැද්දක්.. – මිහින්තලා හිමි

1 min read

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කර ගිහි ඇඳුමින් සැරසී අධිකරණය හමුවට පැමිණවීම වත්මන් ආණ්ඩුවට කිසිදා මකා දැමිය නොහැකි ඉතිහාසගත කළු පැල්ලමක් බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ අවධාරණය කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු මාලිමා රජය එක්ව උතුම් අරහත් ධජය ගලවා ඥානසාර හිමියන්ව ගිහි ඇඳුමින් අධිකරණයට ඉදිරිපත් කරමින් සංදර්ශනයක් පවත්වා ඇති බවයි.

බුද්ධ ශාසනයට හා භික්ෂූන් වහන්සේලාට වින කිරීමට උත්සාහ කරන ඕනෑම පාර්ශ්වයකට එම ක්‍රියාවෙහි විපාක පෙරළා තමන් වෙතටම මහත් විපතක් ලෙස පැමිණෙන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ගලවා ගිහි ඇඳුම් ඇන්දවීමෙන් ආණ්ඩුවේ ඇතැම් පිරිස් සතුටු වුවද, ජාති හෝ ආගම් භේදයකින් තොරව රටේ සමස්ත ජනතාවම මෙම සිදුවීම හේතුවෙන් දැඩි ලෙස කම්පාවට හා කණගාටුවට පත්ව සිටිති.

මිහිඳු මහරහතන් වහන්සේගේ සම්ප්‍රාප්තියෙන් ශ්‍රී ලංකාවට හිමිවූ උතුම් ශාසනික හා ධර්ම දායාදය විනාශ කිරීමට අතීතයේදී මෙන්ම අනාගතයේදී ද කිසිවෙකුටත් හැකියාවක් නොලැබෙන බව සඳහන් කළ මිහින්තලා විහාරාධිපති හිමියන්, වත්මන් පාලකයන් විසින් සිදුකරගත් මෙම බරපතළ ඓතිහාසික වරද කිසිසේත්ම ආපසු හැරවිය නොහැකි එකක් බවද වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියහ.

ජනප්‍රිය පුවත්  නියඟයේ සැර දැඩිවෙයි
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x