October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනපති බිය වේ ! හැරෙන තැපෑලෙන් සාකච්ඡාවක් !

1 min read

ඊයේ (07) පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමි අධිකරණයට වැඩම කරවන ලද අවස්ථාවේ එම භූමියට එක් රැස් වූ අනුනායක මාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය හා ගිහි නායකයන් එල්ල කරන ලද බලපෑම හේතුකොටගෙන අද (08) පස්වරු 01 ට ජනාධිපති අනුර කුමාර විසින් ත්‍රෛයිනිකායික මහානායකහිමිවරුන්ගේ නියෝජිත භික්ෂූන්වහන්සේලාට අදාළ කරුණ පිළිබඳ සාකච්ඡා කිරීමට අවස්ථාව ලබාදී තිබේ.

එම සාකච්ඡාව ලබාදීමට නිමිත්ත ලෙස ජනාධිපති මාධ්‍ය අංශය පෙන්වා දී ඇත්තේ ඊයේ (07) අතිගරු ත්‍රෛයිනිකායික මහානාහිමිවරු විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන ලද ලිපියයි. එහෙත් ජනාධිපති මාධ්‍ය අංශයේ අපගේ නියෝජිතයා කියා සිටියේ, “ජනාධිපතිවරයාටම යොමු කරන ලද, 22 වැනි සංශෝධනයට එරෙහි මහානායකහිමිවරුන්ගේ ලිපියට අදාළව මොනම සාකච්ඡාවක්වත් නොදුන් ජනාධිපති, මේ කාරණයේදී බන්ධනාගාර ලොක්කට යවපු උන්වහන්සේලාගේ ලිපියකට මෙහෙම ප්‍රතිචාර දක්වන්නේ, ඊයේ උසාවිය ගාව තිබුන ප්‍රවණතාවට බිය වී සිටින නිසා” යනුවෙනි.

මේ අතර, අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ද, ඥාණසාර හිමි සම්බන්ධ ප්‍රශ්නය ජනාධිපතිවරයාට හෝ අධිකරණ ඇමතිවරයාට ලිඛිතව ඉදිරිපත් නොකර බන්ධනාගාර අධ්‍යක්ෂ ජනරාල්වරයාට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත්තේ ජනාධිපති හා ආණ්ඩුව කෙරෙහි කිසිදු විශ්වාසයක් උන්වහන්සේලා තුළ නොපවතින බැවින් යැයි, මල්වතු අස්ගිරි මහා විහාරයීය ආරංචි මාර්ග පවසයි.

ජනප්‍රිය පුවත්  මීළඟට අත් අඩංගුවට ගන්නේ කවුද ?

අපගේ ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග පවසන්නේ, පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් ගිහි ස්වරූපයෙන් උසාවියට ගෙන ඒමේ චෝදනාව බන්ධනාගාර බලධාරින් මත පටවා, තමන් එයින් නිදහස් වී ඉදිරියේ දී පැවිදි ස්වරූපයෙන් උන්වහන්සේව සිරගෙදරින් බැහැරට ගෙන ඒමට මෙහිදී ජනාධිපතිවරයා විසින් නියෝග කිරීමට නියමිත බවයි.

මෙම සිදුවීමත් සමඟ මතුවන බෞද්ධ ගිහි-පැවිදි විරෝධය ඉදිරියේ දී බලවත් ආණ්ඩු විරෝධී බෞද්ධ ව්‍යාපාරයක බිහිවීමට හේතුවනු ඇති බව ජනාධිපතිවරයාට සමීප උපදේශකයන් පෙන්වා දී තිබේ. එබැවින් එම ප්‍රවණතාව නිවාදැමීමට වහාම පසුපසට අඩියක් ගත යුතු බවද ඔවුන් පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත්, ගලබොඩඅත්තේ ඥාණසාර හිමිට ජනාධිපති සමාවක් ලබාදීමට එකඟ වීමෙන් මෙපිට තමන් වහන්සේලා සෑහීමකට පත් නොවන බව එම සාකච්ඡාවට සහභාගිවන මල්වතු – අස්ගිරි පාර්ශවයන්හි නියෝජිත භික්ෂූන්වහන්සේ අවධාරණය කර සිටිති.

  • කමල් ජයමාන්න
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x