උතුර හා නැගෙනහිර පළාත් සභා ඡන්දයට ආණ්ඩුව සැරසේ !
1 min read
උතුර හා නැගෙනහිර යන පළාත් දෙකෙහි පමණක් පළාත් සභා මැතිවරණ ලබන වසරේ මාර්තු මාසයට පෙර පැවැත්වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව කටයුතු සූදානම් කරමින් ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ මාලිමාව පමණක් වෙනම තරඟ නොකර, මාලිමාව යටතේ දැනට උතුර හා නැගෙනහිර පළාත් තුළ සිටින දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු ද ඉදිරිපත් කිරීමටය. ඒ අනුව, ITAK පක්ෂයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම්ට මේ වන විටත් ජනාධිපතිවරයා ආරාධනා කර ඇත්තේ නැගෙනහිර පළාතේ මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට එක්වන මෙන්ය. අපගේ ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ දැනටමත් රාසමාණික්කම් මන්ත්‍රිවරයා ඒ සඳහා සිය කැමැත්ත ජනාධිපතිවරයා වෙත දන්වනු ලැබ තිබෙන බවයි. මඩකලපුව දිවුල්පතාන ගමේ විසූ සිංහල ජනතාව පළවා හැරීමට ඔහුට හැකි වී ඇත්තේ ඒ සඳහා ජනාධිපතිවරයාගේ පූර්ණ එකඟතාව ලැබී ඇති නිසා බවද එම ආරංචි මාර්ග අවධාරණය කරයි.
මීට අමතරව උතුරු පළාත සඳහා මහ ඇමති අපේක්ෂකයා ලෙස තරඟ කිරීමට ජනාධිපතිවරයා සිය යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ITAK පක්ෂයේ වත්මන් මහලේකම්වරයා ද වන එම්.ඒ. සුමන්තිරන් වෙතය. අපගේ ආරංචි මාර්ග අනුව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මෙතෙක් එම යෝජනාව ප්‍රතික්ෂේප කර හෝ බාරගෙන නැත.
“මාලිමාව” යටතේ වෙනත් දෙමළ පක්ෂවල ප්‍රමුඛයන් මහා ඇමති අපේක්ෂකයන් හා අමාත්‍යධූර ලැබෙන අපේක්ෂකයන් බවට පත්කර, උතුරු හා නැගෙනහිර පළාත් සභා දෙක, මාලිමාව යටතට පත් කර ගැනීමත්, දෙවනුව LTTE ඩයස්පෝරාව සමග එකඟ වූ පරිදි ඉදිරි වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාමත් ජනාධිපතිවරයාගේ සැලසුම වී තිබේ.
LTTE ඩයස්පෝරාවේ ප්‍රධානින් ද ජනාධිපතිවරයාගේ මෙම සැලසුමට සහාය ලබාදෙන බවද වාර්තා වේ.
- තිවංක අලකේෂ්වර
