September 17, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තිලීපන්ගේ ප්‍රතිමාව !

1 min read

මේ ඡායාරූපයේ පෙනෙන්නේ ප්‍රතිමාවක් ය. ප්‍රතිමාවක් කීවාට ලෝකඩ වෙතින් නිමවන ලද ප්‍රතිමාවක් ය. එම ප්‍රතිමාවෙන් සංකේතවත් කරන්නේ 1987 සැප්තැම්බර් 26 දා මියගිය කොටි සංවිධානයේ ත්‍රස්තවාදියකු වූ තිලීපන් ය. මෙහි දැක්වෙන්නේ, නිකම්ම නිකන් තිලීපන් කියා නොවෙයි “ලුතිනන් කර්නල්” තිලීපන් කියාය.

“ලුතිනන් කර්නල්” යනු රාජ්‍යයේ නිල හමුදාවේ නිලයක් වේ. ත්‍රිවිධ හමුදාවේ අධිකාරිලත් නිලයක් පිරිනැමිය හැක්කේ මෙරට රාජ්‍ය නායකයාට පමණී. පසුගිය සැප්තැම්බර් 16 වැනිදා යාපනයේ නල්ලූර් හි හිටුවන ලද මේ ත්‍රස්ත ප්‍රතිමාවේ සිටින තිලීපන්ට “ලුතිනන් කර්නල්” නැමැති අධිකාරිලත් නිලය දුන්නේ කවරකු විසින් ද?

එල්.ටී.ටී.ඊ. සංවිධානයේ යාපනය ප්‍රදේශයේ දේශපාලන අංශයේ ප්‍රධානියා වූයේ තිලීපන් හෙවත් රාසයියා පාර්දිපන් ය. ඊට පෙර ඔහු ක්‍රියා කළේ කොටි සංවිධානයේ සන්නද්ධ අංශයේ ය. 1986 අග භාගයේ දී යුද හමුදාව සමඟ වූ ගැටුමක දී ඔහුගේ බඩට වෙඩි වැදුන නිසා, එයට ප්‍රතිකාර ගැනීමෙන් පසු ඔහු කටයුතු කළේ කොටි සංවිධානයේ දේශපාලන අංශයේ ය.

තිලීපන් මියගියේ මාරාන්තික උපවාසයක නිරතව සිටිය දී ය. එසේ වීමෙන් ඔහු ත්‍රස්තවාදියෙකු නොවන්නේ නැත. ‍

ජනප්‍රිය පුවත්  දෙවසරක දෙබිඩිබව

ශ්‍රී ලංකාවේ නීතියට අනුව, කොටි සංවිධානය තවමත් තහනම් සංවිධානයකි. එය ප්‍රවර්ධනය කෙරුම නීති විරෝධී ය. එහි මියගිය ත්‍රස්තයන් වීරත්වයට නැංවීම යනු එය ප්‍රවර්ධනය කිරීම මිස අන් කිසිවක් විය නොහැකිය. නීතියට අනුව දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ ලාංඡන, කොඩි ප්‍රදර්ශනය කිරීම, ප්‍රචාරණ කටයුතු කිරීම සහ එම සංවිධානය හා එහි නායකයන් වීරත්වයට නංවමින් ප්‍රසිද්ධියේ ඇගයීමට ලක් කිරීම තහනම් ය. “නීතිය සැමට සමානයි” කියා කට මැත දොඩවන මේ කොටි හිතවාදී පාණ්ඩුව උතුර පළාත ඒ නීතියෙන් මුදා හැර ඇති බව මේ අනුව පැහැදිලි ය.

දෙමළ පාසැල් දරුවන් මේ ප්‍රතිමාවට ගරු කිරීම පිණිස රැගෙන විත් ඇත්තේ පාසැල් නිල ඇඳුමෙන් පාසැල් ගුරුවරු විසින්ම ය. ඒ ගුරුවරුන්ට එරෙහි නීතිමය පියවරක් හරිනි අමරසූරිය මලහොල්මන විසින් ගනු ලබන්නේ ද නැත. මෙලෙස බෙදුම්වාදී ත්‍රස්තවාදය වීරත්වයට නගන්නට, නිදහස ලබාදී මෙරට නීතිය ගර්හිත කර දමන ජනාධිපති අනෙක් අතට කියන්නේ “කිසිදු ජාතිවාදයකට දැන් ඉතින් ඉඩක් නෑ” කියාය.

ජනාධිපති අනුර කියන “කිසිදු ජාතිවාදයකට” යන ප්‍රකාශයට කොටි ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීම අදාළ නොවේද? මේජර් ජෙනරල් සුරේෂ් සලේලා නොකළ වරදකට රැඳවුම් බාරයේ තබාගෙන පීඩාවට භාජනය කරන ගමන් කොටි වීරත්වයට නංවන්නට නිදහස ලබා දී ඇත්තේ ජනාධිපති අනුර ඉන්නේ කොටින්ගේ පැත්තේ නිසා නොවේද?

ජනප්‍රිය පුවත්  පාට ''චේන්ජ් " කිරීම

එහෙවු පජාති, කොටි හිතවාදී ජනාධිපති අනුර, අනුරාධපුර “පොහොට්ටුව” රැලියේ දී තමන් කොටියෙක් ලෙස හඳුන්වන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනාව ඒ ගැන ප්‍රශ්න කරන්නට නීතිය බලගන්වන්නේ ය. උතුරට නීතිය අප්‍රාණික ය. කොළඹට නීතිය ප්‍රාණවත් ය. පුනරුදය කියන්නේ ඒකට ය.

මේවා දැක දැකත් තවදුරටත් පාහර ආණ්ඩුව රකින වුන් දිවිදුන් රණවිරුවන්ගේ සොහොන් මතට වී පහරන්නන් මිස අන් කවරකුවත් විය නොහැකිය. සිංහලයා තවදුරටත් බකන් නිලාගෙන සිටියහොත්, සිංහලයාට ඇති එකම රට ඉතිරි වන්නේ නැත. කියන්නට ඇත්තේ එච්චරම ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x