August 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ගොන් කවඩියා”

1 min read

මේ ඉන්නේ මයිනා ය. මයිනා කොහොමටත් සර්ව භක්ෂක ය. ඒ කියන්නේ ඕනෑම දෙයක් කෑමට මයිනාට හැකි බවය. මිනිස් ඇසුරට සහ නාගරික පරිසරයට ඉතා ඉක්මනින් අනුවර්තනය වීමේ සුවිශේෂී හැකියාවක් මේ මයිනා සතුය.

ශ්‍රී ලංකාවේ මයිනා ඉන්දියාවේ වෙසෙන මයිනාට වඩා තරමක් අඳුරු පැහැති ය. ගවයන් මත වෙසෙන මැක්කන් සහ උන් ඇවිදීමේ දී තණබිම් වලින් මතුවන කෘමීන් ආහාරයට ගන්නා නිසා ගැමියන් මයිනාව හඳුන්වන්නේ “ගොන් කවඩියා” කියාය.

මේ ගොන් කවඩියන් ජීවත්වන්නේ ජෝඩු වශයෙනි. උන් ජීවිත කාලය පුරාම එකම සහකරු හෝ සහකාරිය සමඟ වාසය කරන බව විශ්වාස කෙරේ. කොට්ටෝරුවන් වැනි පක්ෂීන් හාරන ගස් බෙන අයිතිකරගෙන ඒවායේ වාසය කිරීම මේ ගොන් කවඩියන්ගේ පුරුද්ද වී තිබේ.

මයිනා වයසට යන විට උගේ පිහා‍ටු අවුල් වේ. ඇස් වටා කහ පැහැය තද වී, ශරීර ස්වභාවය තරමක් දුර්වල වේ. එසේම, වයසට ගිය මයිනන් එක තැනකට වී නොනවත්වාම සහ කරදරකාරී ලෙස එක දිගට කෑ ගසති. එවැනි, හැමදේටම “හොට” දාන, වයස්ගත වුවද තැන්පත් නොවී නිතර නිතර දොඩවන හෝ කේලාම් කියන උදවියට පැරැන්නෝ කීවේ නාකි මයිනා කියාය.

ජනප්‍රිය පුවත්  සාදු කියන්න පින්වතුනී !

මේ උපුටා දක්වන්නේ නාකි මයිනන් ගැන සත්ගුණවත් දානපති, ඉඩම් හිමි කේ.ඩී. ලාල්කාන්තයානෝ පසුගිය මහමැතිවරණ කාලයේ කරපු කතාවක පොඩි කෑල්ලකි.

“මේ රටේ ජනතාව එදා “මයිනා ගෝ හෝම්” කියලා පාරට බැස්සේ නිකන් නොවෙයි. අවුරුදු ගානක් රට පාලනය කරලා, රටේ සම්පත් විනාශ කරලා, මග යන්න පණනැති වයසට ගිය අප්පුහාමිලා තවදුරටත් පුටු බදාගෙන ඉන්න හදන නිසයි. ජනතාව මැතිවරණ වලින් උන්ව ගෙදර යැව්වා…”

මාලිමාවේ වේදිකාවේ කතා කල ගැටිස්සියක් “නාකි මයිනන්ට ගෙදර යතුරවත් බාර දෙන්න එපා” යැයි කී හැටිද අපට මතකය. එහෙත්, දැන්නම් මේ උන්දැලා කියන්නේ නාකි මයිනන් වැඩි වැඩියෙන් පරිණත බවය. කාර්යක්ෂම බවය. පට් පට් ගාලා වැඩ කරන බවය. සුරුස් ගානකොට “නඩු බලවන” බවය. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඒ ගැන කියන්නේ මෙන්න මෙහෙමය.

“අධිකරණ කටයුතු කාර්යක්ෂම කිරීම වෙනුවෙන් විනිසුරුවරුන්ගේ වයස් සීමාව වැඩි කිරීම එක් කරුණක් පමණයි. ලංකාවේ අධිකරණවල ලක්ෂ 11 ක නඩු ගොඩගැහිලා තියෙනවා. අපි සියලුම විනිසුරන්ගේ වයස් සීමාව තමයි වැඩි කරන්නේ. නඩුකාරතුමන්ලාගේ පරිණතභාවය වැඩි වන විට නඩු කාර්යක්ෂමව කටයුතු කරන්න පුළුවන්…”

ජනප්‍රිය පුවත්  මේ ශ්‍රී ලංකාවේද අනාගත දෙමල ඊළාමේද?

වයස් සීමාව වැඩිවන විට පරිණතභාවය ද වැඩිවන බව කියන්නේ මාලිමාවේ අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර ය. ඒ සමගම කාර්යක්ෂමතාව ද වැඩිවන බව කියන්නේත් ඔහුම ය. ඒ කියන්නේ ” නාකි මයිනන්” වැඩේට නියමෙට “සෙට්” වෙන බවය. ගෙදර යතුර නොවේ ගේට්ටුවේ යතුර වුව දීමට මේ මයිනන් සුදුසු බවය.

මාලිමාවේ උන්දැලාට දැන් “කැඳත් බොන්න ඕනෑ” ය. “බඩත් පිරෙන්න ඕනෑ” ය. “ගඟෙන් එගොඩ වනතුරු මාමයි, එතෙර වුණාට පසු බාප්පයි” වගේ කතා දැන් මේ උන්දැලා කියන්නේ අවසාන කාලේ උදා වී තිබෙන හින්දා ය.

උන්දැලාට එක කලෙකදී මයිනෝ අරහංය. මේ කාලේ දී මයිනෝ මරුය. සූරසේන මයිනා මරේ මරුය. උන්දෑ වයසට යන්න යන්න පට්ට පරිණතය. අම්බානක් කාර්යක්‍ෂමය. “අනේ කාලේ වනේ වාසේ” කියා කියන්නට හිතෙන්නේ මෙන්න මේ වෙලාවට ය. ලැජ්ජ නැතිකම මාලිමාවකු වීමටත් වඩා ලොකුයැයි අපට හිතෙන්නේ මේ හින්දාය. දැන් අර මයිනො ගැන කියා කෑ මොර දුන් හිච්චි එකීට පාරෙ යන්නට වෙන්නේ බිම බලාගෙන “සයිඩ්” එකෙන්ය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x