August 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සූරසේනට “මඩ”ත් ගසා සේදීමත් ආණ්ඩුවෙන් !

1 min read

කොළඹ දී අද (26) මාධ්‍ය හමුවක් පැවැත් වූ ආණ්ඩුවට කත් අදින “ජනවරමේ නීතිඥයෝ” නැමැති නීතීඥ කණ්ඩායම, වර්තමාන අගවිනිසුරු, දේවගැති ප්‍රීති පද්මන් සූරසේන සම්බන්ධව අසත්‍ය චෝදනා එල්ලවෙන බව ප්‍රකාශ කළේ ආණ්ඩුව විසින්ම පවත්වාගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුමක ඵල කර ඇති පුවතක් පදනම් කර ගෙනය.

ක්‍රිෂාන්ත ගයාන් යන පුද්ගල නාමයකින් පවත්වාගෙන යන සමාජ මාධ්‍ය ගිණුමක පසුගිය දා ඵල කර තිබුණේ, අගවිනිසුරු සූරසේනට ඕස්ට්‍රේලියාවේ සුඛෝපභෝගී නිවසක් හිමිව තිබෙන බවත්, එය මිලදීගෙන ඇත්තේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේනගේ දියණියගේ නමට බවත්ය.

එහෙත්, The Lanka Underground මෙන්ම වෙනත් අව්‍යාජ සමාජ මාධ්‍ය පිටු මගින් කිසි අවස්ථාවකවත් අගවිනිසුරුවරයාගේ දියණියක් ගැන කරුණු වාර්තා කර නැත. එමෙන්ම, එම පවුලේ කිසිවකුට ඕස්ට්‍රේලියාවේ ඇති නිවසක් ගැන කියා නැත. මෙම ව්‍යාජ පුවත ආණ්ඩුව විසින්ම පවත්වාගෙන යන ව්‍යාජ සමාජ මාධ්‍ය ගිණුම්වලින් ප්‍රචාරය කරවා, අද පැවති මාධ්‍ය හමුවේ දී එම පුවත පදනම්ව අගවිනිසුරුට දියණියක් නැතැයි පෙන්වා දෙමින්, අගවිනිසුරු සම්බන්ධව අණාවරණය කර ඇති සියලු පුවත් අසත්‍ය ලෙස හුවා දක්වන්නට ආණ්ඩුවේ නීතිඥයෝ උත්සාහ කළහ.

ජනප්‍රිය පුවත්  සිංගප්පූරුවේ සිට පාර්ලිමේන්තුවට! ෆයිසර් අස්වෙයි!

එහෙත් අප අණාවරණය කර ඇති කොළඹ 7 GRAND නිවාස සංකීර්ණයේ 12 වැනි මහලේ වන නොම්බර (06) අගවිනිසුරුගේ පුත් දමිතු පද්මන් සූරසේන නමින් වන නිවස ගැන මෙම නීතිඥයෝ පිළිතුරු දීම මගහැර ගොස් තිබේ. අගවිනිසුරු සූරසේන පිරිසිදු පුද්ගලයකු ලෙස පෙන්වා දෙන්නට, ඔහුට එල්ල වී ඇති ඇත්ත චෝදනාවන්ට අදාළ පිළිතුරු දීමට නොහැකිවීම මත, ඔහුට අදාළව ව්‍යාජ චෝදනාවක් තමන් විසින්ම නිමවා, පසුව එය අවලාදයක් ලෙස පෙන්වා දී සියලු නිවැරදි චෝදනා ද ඒ ගණයට ඇද දැමීම මේ උත්සාහයේ අරමුණ වී තිබේ.

එමඟින් ද සනාථ වන්නේ, අප අණාවරණය කර ඇත්තේ සත්‍ය තොරතුරු මත පදනම් වූ පුවත් මිස ව්‍යාජ කරුණු මත පදනම් වූ පුවත් නොවන බවයි.

“ජනවරමේ නීතිඥයන්ට” මෙන්ම, සිය පුතු අභිරහස් ලෙස මරාදමන ලද පාපයේ හිමිකරු වූ ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්ට අප අභියෝග කරනුයේ හැකිනම් ඉහත අප අණාවරණය කරන ලද නිවස ගැන ප්‍රතිචාර දක්වන ලෙසයි.

  • තාරක ගුණතිලක

ජනාධිපති නීතිඥ මොහාන් වීරකෝන්

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x