කොළඹ 7 GRAND සූරයා “නඩු බලවන” සූරසේන ! විශේෂ අණාවරණය
1 min read
Lanka underground විසින් මීට සති හතරකට පෙර ප්රථම වතාවට අනාවරණය කරන ලද කොළඹ 07 වෝඩ් පෙදෙසෙහි පිහිටි The Grand(Prime Grand) නැමැති සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ අගවිනිසුරු, දේවගැති ප්රීති පද්මන් සූරසේනගේ පුතකු නමින් වන නිවස පිළිබඳව තවත් බරපතල අනාවරණයක් අද සිදු කරනු ලැබේ. (අපගේ මුල් පුවතට සබඳතාව මේ සමග ලබා දී ඇත.)
මහල් 37කින් සමන්විත මෙම නිවාස සංකීර්ණයේ දේවගැති අගවිනිසුරුගේ වැඩිමහල් පුතු වන දමිතු සූරසේනට අයත් නිවස ඇත්තේ 12වැනි මහලේය. එහි අංකය 1206 වේ. කාමර 3කින් හා නාන කාමර 3ක්, සහිත වර්ග අඩි 1760 ක් සහිත මෙම නිවස ප්රයිම් ලෑන්ඩ් සමාගම විසින් සූරසේනට පිරිනමා ඇත්තේ මෙම නිවාස සංකීර්ණයට සම්බන්ධ නඩු විභාගයකදී සූරසේන ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිදුකරන ලද සන්තෝශමක් හෙවත් අල්ලසක් ලෙසය.
වෝඩ් පෙදෙස කොළඹ, 7 අවට ප්රදේශයේ The grand ගොඩනැගිල්ල බඳු තට්ටු 36-37 කින් යුත් වෙනත් අධි-ඝනත්ව මහල් නිවාස සංකීර්ණ(Ultra-High – Rise Residential Towers) මෙතෙක් ඉදිකර නැත. මෙම ව්යාපෘතිය ප්රවර්ධනය කිරීමේ දී ද “ප්රයිම් ලෑන්ඩ්“ ආයතනය මගින් එය හඳුන්වා දෙනු ලැබුවේ “කොළඹ 7 ප්රදේශයේ ඉදි කළ එකම සහ ප්රථම අහස උසට විහිදෙන නේවාසික කුළුණ“ කියාය.
මේ හේතුව මත මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමේ දී එය අවට පදිංචිකරුවන් අධිකරණය හමුවට ගියේ කොළඹ 07 (කුරුදුවත්ත) යනු සාම්ප්රදායිකව තනි නිවාස හෝ අඩු මහල් නිවාස සහිත හරිත පරිසරයක් ඇති නේවාසික කලාපයක් නිසා, එවැනි පරිසරයක තට්ටු 37 ක වැනි දැවැන්ත නිවාස කුළුණක් ඉදිකිරීමට අවසර දීම මුල් නාගරික සැලසුම් වලට සහ කලාපයේ ස්වභාවයට පටහැනි බව පවසමින්ය. එමෙන්ම පදිංචිකරුවන් විසින් දක්වන ලද අනෙක් තර්කය වූයේ, නාගරික සංවර්ධන අධිකාරිය විසින් කොළඹ 7 (කුරුදුවත්ත) ප්රදේශය සඳහා පනවා තිබූ සාමාන්ය උස සීමාවන්ද මෙම ව්යාපෘතිය මගින් ඉක්මවා ගොස් තිබෙන බවය. 2017 දී අධිකරණය හමුවට ආ මෙම මහජන පැමිණිල්ල විභාග කර 2017 ජුනි 28 තීන්දුව දෙනු ලැබුවේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වරයකු ලෙස කටයුතු කළ වත්මන් අගවිනිසුරු දේවගැති ප්රීති පද්මන් සූරසේනය.
සාමාන්යයෙන් මෙවැනි සිවිල් හෝ රීට්(Writ) පෙත්සම් විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු ගෙන් හෝ තිදෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලක් පත් කරන අතර, මෙම නඩුවේ ප්රධාන විනිසුරු ලෙස ප්රීති පද්මන් සූරසේන කටයුතු කළ අතර, අනෙක් විනිසුරු වූයේ ශිරාන් ගුණරත්නය. තීන්දුව ප්රයිම් ලෑන්ඩ් සමාගමට වාසිදායක වන පරිදි ලියන ලද්දේ ප්රීති පද්මන් සූරසේනය. අදාල තීන්දුව මගින් අවට ප්රදේශවාසීන්ගේ සියලු ඉල්ලීම් ප්රතික්ෂේප කර දැමුණි. මේ වන විට ශිරාන් ගුණරත්න ද ශ්රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් වේ.
ඒ අනුව බාධාවකින් තොරව ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් කටයුතු කරගෙන ගිය ප්රයිම් ලෑන්ඩ් සමාගම අදාළ නිවාස කුළුණට ලබාගත් ලිපිනය වූයේ The Grand -No. 64, Ward Place ලෙසය. මෙහි ඇති මහල් නිවාසවල මිල ගණන් ආරම්භ වන්නේ රුපියල් මිලියන 155 සිටය. දමිතු සූරසේනට අයත් නිවසේ ලිපිනය වන්නේ, 1206 නොම්බර 64 The Grand වෝඩ් පෙදෙසය. එම නිවස එකල වටිනාකම ලෙස දක්වා ඇත්තේ රුපියල් මිලියන 185ක් ලෙසය.
2023 මැයි 15 නේවාසික පදිංචිකරුවන් වෙනුවෙන් විවෘත කෙරුණ මෙම නිවාස කුළුණේ 12 වැනි මහලේ අංක 06 වන නිවස සූරසේන පුතුට වෙන්කර තබා ඇත්තේ ඉහත කී අධිකරණ තීන්දුව ලබාදීම වෙනුවෙන් වන අල්ලසක් ලෙසය. අපගේ ආරංචි මාර්ග අනුව ප්රයිම් ලෑන්ඩ් ආයතනය වෙනුවෙන් මෙම නඩු කටයුත්තට පෙනී සිටි නීතිඥයන් හරහා දමිතු සූරසේන සමඟ ගනුදෙනු සාකච්ඡා කරගෙන එයට අනුව පියා සමාගමට අවශ්ය පරිදි කඩිනමින් නඩුව විභාග කර තීන්දුව ලබා දී ඇත.
ඒ අතරම, 2025 වසර සඳහා ප්රීති පද්මන් සුරසේන ලබා දී ඇති වත්කම් බැරකම් ප්රකාශයේ සඳහන්ව ඇත්තේ ඔහු සතුව නේවාසික ගොඩනැගිල්ලක් (වටිනාකම රු.22,000 000.00) පර්චස් 6ක ඉඩමක් (වටිනාකම රු: 6,000,000.00) තවත් හෙක්ටයාර 0.0215 ක හිස් ඉඩමක් (වටිනාකම රු.3,485,000.00) ඇති බවය. එහි දැක්වෙන පරිදි ඔහුට හා ඔහුගේ බිරිඳට අයත් ජංගම ගිණුම් සහ ස්ථිර තැන්පතු ගිණුම් 17 ක් වේ. එයින් පහක් අයත් වන්නේ අගවිනිසුරු සූරසේනටය. එම ගිණුම් 17න් 16ක 2025 ජූනි මස 14 දිනය වන විට මුදල් රුපියල් 7,835,061.99 (රුපියල් හත් කෝටි අසූතුන්ලක්ෂ පනස් දහස් හැට එකකුත් සත අනූනමයක්) තැන්පත් කර තිබී ඇත. මීට අමතරව ඇමෙරිකානු ඩොලර් 12,017.67 ක් ද එක් ගිණුමක තැන්පත් කර තිබේ. එය රුපියල් වලින් රුපියල් මිලියන 3.95 (රුපියල් 3,952,882.06 ක්) පමණ වේ.ඒ අනුව ඔහුගේ එකී විදේශ ගිණුමේ තැන්පත් කර ඇති මුදලේ රුපියල් අගය ද එක් කළ විට බැංකු ගිණුම් 17 තුළ රුපියල් 11,787,944ක මුදලක් වේ. එනම් එකොළොස් කෝටි හත්ලක්ෂ අසූ හත්දහස් නවසිය හතලිස් හතරක අති විශාල මුදලකි. අපගේ ගවේෂණ අංශය විසින් අනාවරණය කරගත් අගවිනිසුරු දේවගැති ප්රීති පද්මන් සුරසේනගේ 2025 වත්කම් බැරකම් ප්රකාශයද මේ සමග පළ කර තිබේ.
මීට අමතරව හිටපු අගවිනිසුරු මුර්දු ප්රනාන්දු ඇතුළු විනිසුරුවරු පස්දෙනකු විසින් ලබාදුන් එක්ස්-ප්රෙස් පර්ල් නෞකාව සම්බන්ධ ඓතිහාසික නඩු තීන්දුව වත්මන් අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේනයන විසින් විනිසුරුවන් තිදෙනෙකුට අඩුකර දියකර හැරියේ ද තවත් බරපතළ අල්ලසක් ගෙනය. ඉදිරියේදී අපි එම තොරතුරු ද ඔබ හමුවේ තැබීමට සූදානමින් සිටිනෙමු.
- තලතා විජේසූරිය
