I.M.F. සමඟ දිගටම යන්න ජනපති සැරසේ !
1 min read
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කණ්ඩායමක් ලබන මාසය මුල දී මෙරටට පැමිණීමට නියමිතව තිබේ.
විස්තීරණ ණය පහසුකම් හත්වැනි සමාලෝචනය සඳහා පැමිණෙන එම නියෝජිතයන්, ලබන වසරේ මාර්තු මාසයේ දී නිමාවන වත්මන් ගිවිසුම වෙනුවට මාර්තු සිට බලපවත්වන පරිදි නව ගිවිසුමක් අත්සන් කිරීම පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කරනු ඇතැයි පැවසේ.
7 වැනි සමාලෝචනය සිදු කිරීමත්, ඩොලර් මිලියන 300 ක ණය වාරිකයක් නිකුත් කිරීමට අදාල තීරණය ගැනීමත් මෙහිදී සිදු වීමට නියමිතව තිබේ.
2027 මාර්තු සිට ක්‍රියාත්මකවන නව ගිවිසුම ද ඔවුන් විසින් සකස් කර අවසන්ව ඇතැයි පැවසේ. මේ වන විට මුදල් අමාත්‍යාංශ ලේකම් හර්ශණ සූරියප්පෙරුම හා ජනාධිපතිවරයාගේ ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව විසින් මෙම නව ගිවිසුමට එළැඹීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයාට පෙන්වා දී ඇතැයි පැවසේ.
ඒ අනුව, ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ඒ පිළිබඳ කුමන මත තිබුනේ වුවද 2027 මාර්තු සිට ඉදිරියට බලපාන නව ගිවිසුමට I.M.F. සමඟ අත්සන් තැබීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
- තීක්ෂණ කල්දේරා
