පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු 54 දෙනෙකුට කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඇතුළු ප්රදේශයේ රැඳී සිටීම වළක්වාලමින්, කොටුව මහේස්ත්රාත් අධිකරණයෙන් ආඥාවක් !
1 min read
ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය සහ මුදල් අමාත්යාංශය ඇතුළු ස්ථාන කිහිපයකට ඇතුළුවීම මෙන්ම පදික වේදිකා අවහිර කිරීම තහනම් කරමින් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන විසින් නියෝගයක් නිකුත් කර තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට නිදහස ඉල්ලා සංඝරත්නය සහ ගිහි පිරිසක් විසින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිදු කරනු ලබන විරෝධතාවය සම්බන්ධයෙන් කොම්පඤ්ඤවීදිය පොලිසිය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයා මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
පූජ්ය උලපනේ සුමංගල හිමි ඇතුළු 54 දෙනෙකුට කොටුව ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්රය ඇතුළු ප්රදේශයේ රැඳී සිටීම වළක්වාලමින්, කොටුව මහෙස්ත්රාත් එම නියෝගය නිකුත් කර ඇත.
- ජගත් ශ්රී පටබැඳී

