September 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අනන්‍යතා ව්‍යසනය

1 min read

අනන්‍යතාවය යනු කුමක්ද? අන්‍යතාවය (Identity) යනු යම් පුද්ගලයකු, කණ්ඩායමක්, සංස්කෘතියක් හෝ රටක් අනෙක් අයට වඩා වෙනස්ව සහ සුවිශේෂීව හඳුනාගැනීමට උපකාර වන සැබෑ ස්වභාවය හෝ ලක්ෂණ සමූහය වේ. සරලව කිවහොත්, අනන්‍යතාවය යනු, “මම කවුද?” හෝ “අපි කවුද?” යන ප්‍රශ්නයට ලැබෙන පිළිතුරයි.

අනන්‍යතාවය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකිය. එනම්,

(I) පුද්ගල අනන්‍යතාවය
(II) සාමූහික අනන්‍යතාවය

වශයෙනි.

පුද්ගල අනන්‍යතාවය යන්නට අයත් වන්නේ යම් පුද්ගලයකු තනිව ගත් කල ඔහු සතු සුවිශේෂී ලක්ෂණය. එනම්, ඔහුට අයත් නම, ජාතික හැදුනුම්පත් අංකය, ඇඟිලි සලකුණු, පෞද්ගලික රුචිකත්වයන්, කුසලතා සහ සදාචාරාත්මක වටිනාකම් ය.

සාමූහික අනන්‍යතාවය ඊට වඩා පුළුල් ය. එයට, භාෂාව හා සාහිත්‍යය (කතා කරන හා ලියන මව් භාෂාව), සංස්කෘතික හා සිරිත් විරිත් (ඇදහිලි, ආගම, උත්සව, ආහාර රටා සහ සම්ප්‍රදායික ඇඳුම් පැළඳුම්), ඉතිහාසය සහ උරුමය, (රටක හෝ ජාතියක පැරණි අභිමානය, පොදු අත්දැකීම් සහ ඓතිහාසික ස්මාරක) මෙන්ම භූගෝලීය සාධක (උපන් රට හෝ ජීවත් වන දේශසීමාව) යනාදී සියල්ලම ඇතුළත් ය.

අනන්‍යතාවය පුද්ගලයකුට හෝ සමාජයකට තමන් පිළිබඳව ආත්ම අභිමානයක් සහ ආරක්ෂිත හැඟීමක් හිමිකර දේ. උපන්දා සිට පවුල, පාසැල, ආගමික ස්ථාන, මිතුරන් සහ මාධ්‍ය හරහා සමාජයේ නීති රීති, වටිනාකම් සහ සංස්කෘතිය අප තුලට කිද‍ා බැසීමට සැලැස්වීම හඳුන්වන්නේ සමාජානුයෝජනය (Socialization) යනුවෙන් ය. අපගේ අනන්‍යතාව හැඩ ගැසෙන්නේ ඒ මගින් ය.

සමාජානුයෝජනයෙන් මුක්ත වූ කෙනෙකු යනු, තමන් දිවි ගෙවන සමාජයේ නිසි ඇසුරක්, බලපෑමක් හෝ හැඩගැස්වීමක් නොලැබූ, සමාජ සිරිත් විරිත්, සදාචාරයක් හෝ සංස්කෘතික වටිනාකම් කිසිවක් උකහා නොගත් පුද්ගලයෙකි. සමාජ විද්‍යාවේදී හා මනෝ විද්‍යාවේදී මෙවැනි පුද්ගලයන් හඳුන්වන්නේ “වනචාරීන්” ලෙසය.

ජනප්‍රිය පුවත්  වැඳපං ටිං වැඳපං

මේ ඡායාරූපයේ සිටින ශ්‍රී ලංකාවේ ගරු අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මැතිනිය “වනචාරී” තත්ත්වයට පත්ව ඇතැයි අප සිතන්නේ නැත. ඒ, ඇය මගින් මිනිස් අනන්‍යතාව විද්‍යාමානවන නිසාය. එහෙත් ඇය තුලින් විද්‍යාමානවන සාමූහික අනන්‍යතාව පිළිබඳවනම් අර්බුදයක් පැන නැගීම නියත ය.

ඇය මේ පැමිණ සිටින්නේ භූතානයට ය. එහිදී ඇය පැමිණි ගුවන් යානය අසලටම පැමිණ ඇයව පිළිගන්නේ භූතානයේ රාජ්‍ය තාන්ත්‍රිකයකු විසින් ය. ඒ රාජ්‍ය තාන්ත්‍රිකයා තුළින් විද්‍යාමාන වන්නේ භූතානයට හිමි සාමූහික අනන්‍යතාව ය. එනම්, භූතානයේ අනන්‍යතාව ය. භූතානයට ගිය ශ්‍රී ලංකාවේ අගමැතිනය වෙතින් විද්‍යාමානවන සාමූහික හෙවත් ජාතික අනන්‍යතාවය කුමක්ද?

හරිනි අගමැතිනිය නොවී, ශ්‍රී ලංකාවේ උපන් ගැහැණියක ලෙසින් භූතානයට ගියේ නම්, ඇය තුළින් විද්‍යාමාන වන්නේ කුමන සාමූහික අනන්‍යතාවයදැයි විමසන්නට අපට රුදාවක් ඇතිවන්නේ නැත. ඒ, ඇය ඒ ගමන යන්නේ සමූහය නියෝජනය නොකරන නිසාය. නමුත්, ශ්‍රී ලංකාවේ අගමැතිනිය ලෙස ඇය භූතානයට යන විට ඇය තුළින් විද්‍යාමානවිය යුත්තේ සාමූහික හෙවත් ජාතික අනන්‍යතාව ය. ශ්‍රී ලංකාව ඊට ආවේණික අනන්‍යතාවක් වසර දහස් ගණනක් තිස්සේ ගොඩනගාගෙන තිබේ. හරිනි අමරසූරියගේ භාහිර ස්වරූපයෙන් නියෝජනය වන්නේ ඒ ඓතිහාසික රාජ්‍යයට උරුම අනන්‍යතාවය ද? අපිට නම් පෙනෙන්නේ, ඇය තුළින් විද්‍යාමානවන්නේ පකිස්ථාන් හෝ බංගලාදේශ අනන්‍යතාවය බවය.

අගමැතිනිි යනු, ජාතියේ නියෝජනයකිි. කොණ්ඩ කඩාගෙන, පන්ජාබ් ඇඳුමකින් විලි වසාගෙන හරිනි අමරසූරිය මොන තූත්තුකුඩියකට ගියත් අපට ප්‍රශ්න කල හැකි නොවේ. එහෙත් මේ යන්නේ රටේ අගමැතිනිය ය. අගමැතිනිය, ඒ ධූරය දරාගෙන තව රටකට යා යුත්තේ ඇයව අගමැති කළ රටේ අනන්‍යතාවය නියෝජනය වන ලෙසය. අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක ද, සෝබෝන් චන්ද්‍රිකා කුමාරතුංග බණ්ඩාරනායක ද මේ බව දැන සිටියා ය. අමරසූරිය වලව්වේ වැඩකාරියට දාව උපන් මේ මල හොල්මනට මේ බව නොතේරෙන්නේ ඇයි දැයි අපට නම් තේරෙන්නේ ය.

ජනප්‍රිය පුවත්  ආපදාවේ දේශපාලනය

ජනාධිපති අනුර කුමාර “ඩබල් පොකට්” ය. හරිනි අමරසූරිය “පන්ජාබ්” ය. මුන් ඔක්කොම ඕපපාතිකයෝ ය. චීනය කියන්නේ, තමන් සතුව ඇත්තේ චීන අනන්‍යතාවය සහිත සමාජවාදය කියාය. කොන්ෆියුසියස් දහම චීනය ප්‍රවර්ධනය කරන්නේ ඒ හින්දා ය. සමාජවාදී රටක් ලෙස අද එය ලොව ඉහළින්ම බැබලෙන්නේ ද ඒ හින්දා ය.

භූතානයේ රාජ්‍ය තාන්ත්‍රිකයෝ තම සම්ප්‍රදායික ඇඳුමට ප්‍රමුඛත්වය දෙන්නේ ස්වකීය අනන්‍යතාව (සාමූහික අනන්‍යතාව) නියෝජනය කිරීම අතිශය වැදගත්කොට සලකන නිසාය. ජපානය තම අධ්‍යාපන පද්ධතිය තුළ සංස්කෘතික අනන්‍යතාව සහ හික්මීම දැඩිව ප්‍රවර්ධනය කරන්නේ එහි වටිනාකම දන්නා නිසාය. ප්‍රංශය තම භාෂාව රැකගැනීම සඳහා දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ ද එය ප්‍රංශ අනන්‍යතාවයේ සියල්ල නිසාය.

නවසීලන්තයට පසුකාලීනව පැමිණි “කල්ලතෝනින්” වුව එරට ස්වදේශික “මාවෝරී” ජනතාවගේ අනන්‍යතාවය සහ භාෂාව රාජ්‍ය පාලනයේ නිල අංගයක් බවට පත්කරගෙන තිබෙන්නේ ද මේ හින්දාය. මෑතක දී එරටට ගිය ශ්‍රී ලංකාවේ විදේශ අමාත්‍ය “ඇන්ටික් නාකොටික්” මහතාව එම රාජ්‍ය තාන්ත්‍රිකයන් පිළිගත්තේ ද “මාවෝරී” සංස්කෘතියට අනුව ය. රාජ්‍ය උත්සව, පාර්ලිමේන්තු සැසිවාර සහ ජාතික ක්‍රීඩා කණ්ඩායම් හරහා මාවෝරී සංස්කෘතික අනන්‍යතාවය සමස්ත රටේම අනන්‍යතාවය ලෙස ලොවට ගෙනයාමට නවසීලන්තය කටයුතු කරන්නේ එහි ඇති වටිනාකම දන්නා නිසාය.

ජනප්‍රිය පුවත්  විරු හදවත නොදකින මරු හදවත!

අද මේ රට පාලනය කරන්නේ, දිවුරුම් දීමට පෙර පන්සිල් ගැන්වීම සිදු නොකරන ලද ජනාධිපතියෙකි. පාර්ලිමේන්තු මංගල සැසිය අරඹන විට ජයමංගල ගාථා ප්‍රතික්ෂේප කළ ජනාධිපතියෙකි. සිංහල අලූත් අවුරුද්දට අතුරුදහන්වන ජනාධිපතියෙකි. මුන් ඔක්කෝටම මෙරට සංස්කෘතික අනන්‍යතාවය වහ කදුරු වගේය. හරිනි අමරසූරිය ද හරියන්නේ අනන්‍යතාවට සනුහරේටමද වෛර කරන මේ මුග්ධ රැලටම ය.

රාජිව් අමරසූරියට අනන්‍යතා අර්බුදයක් නැත. ඔහු ස්වකීය පංතිය තුල නොසලකාහැරීමට භාජනය නොවීය. පවුල තුල බැහැරකිරීමට ලක් නොවීය. පන්සල ඔහුට ආගන්තුක නොවීය. එහෙත් හරිනිගේ උපතේ සිටම ඇත්තේ අනන්‍යතා අර්බුදයක් ය. ඒ නිසා ඇය පිළිගත් අනන්‍යතාවට වෛර කරන්නී ය. එයට ගරහන්නී ය. එය නොසලකා හරින්නී ය. ඇයට ඇත්තේ ඒ සම්මත අනන්‍යතාව සමඟ “ඇරියස්” එකකි. “පන්ජාබ්” ඇඳුම් ඇඳගෙන බොකුටු කොණ්ඩය කඩා ඉහිරවාගෙන පිරිමි ගතියක් ආරූඪ කරගෙන ඇය මේ පලිගන්නේ එම සම්මත අනන්‍යතාවයෙන් ය. මනෝවිද්‍යාවේ මේ තත්ත්වය හඳුන්වන්නේ වාර්ගික/ සංස්කෘතික ස්වයං-වෛරය (Ethnicl Cultural Self – Hatred) ලෙසය.

ජනාධිපති අනුරට ද අගමැති හරිනිට ද පැලවත්තේ සනහරේටම ද හැදී ඇත්තේ මේ ව්‍යාධිය ය. එය හැදී ඇති වුන් රටක් පාලනය කිරීම අතිශය අහිතකරය. එමෙන්ම භයානකය. සිහි බුද්ධිය ඇති ඇත්තෝ සිතිය යුත්තේ ඒ ගැනය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x