July 30, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සුරසේන “රී ලෝඩ්” සංශෝධනය නොකරන්නැයි බල කරන මහා සභා සම්මත යෝජනාව මෙන්න !

1 min read

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සාමාන්‍ය සාමාජිකත්වයේ විශේෂ මහා සභා රැස්වීම පැවැති ඊයේ (29) මාර්ගගත ක්‍රමයට හා සජීවීව එය සමග සම්බන්ධ වූ 5000 කට අධික සියලුම නීතිඥයන්ගේ ඒකමතික එකඟතාවයෙන් සම්මත වූ යෝජනාව අප වෙත ලැබී තිබේ.

එම මහා සභා රැස්වීම නිමා කර එළියට පැමිණෙන විට මාධ්‍ය නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, ජාතික ජන බලවේගයේ ඉහළ පෙලේ නායකත්ව මණ්ඩල කිහිපයකම නියෝජනය කරන ජනාධිපති නීතිඥ ලාල් විජේනායක ප්‍රකාශ කළේ වසර 50 කට වැඩි තම නීතිඥ කාලය තුළ වැඩිම නීතිඥයන් ප්‍රමාණයක් සහභාගි වූ ඓතිහාසික මහා සභා රැස්වීම මෙය බවයි. එමෙන්ම, ආණ්ඩුව ගෙන ඒමට හදන ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව මෙම කිසිදු නීතිඥයකු පෙනී නොසිටීම ද විශේෂත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාමයාමේ වයස දීර්ඝ කිරීම සඳහා වූ යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සිය ස්ථාවරය පුළුල්ව පැහැදිලි කරමින් මෙහි දී දීර්ඝ යෝජනාවක් ද සම්මත කරගන්නා ලදී. එහි ඉහළින්ම සඳහන්ව ඇත්තේ “සිය ඉතිහාසයේ විශාලතම සාමාජික රැස්වීමේ දී” යනුවෙනි.

ජනප්‍රිය පුවත්  බාල ගල් අඟුරු ජ.වි.පෙ දෙදරයි !

අදාළ ඓතිහාසික මහා සභා රැස්වීමේ දී ඒකමතිකව සම්මත වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ යෝජනාව පහත ඵල කෙරේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x