June 12, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

විජේවීර ජේ.ආර් වෙත ඒම

1 min read

මේ ඉන්නේ හරිම බඩු තුනකි. මේ බඩු තුනම හිටියේ එකටය. එනම්, එකම පක්‍ෂයක ය. එහෙත් මේ බඩු තුන  තුන් විදිහක් ය.

ජේ.ආර්. ට කීවේ යැංකි ඩිකී කී කියලා ය. ඒ, ජේ.ආර්. පට්ට ඇමරිකන් ගැත්තකු වූ නිසාය. මේ ඇමරිකන් ගැති “ජේ.ආර්. මරමු !” යැයි තාප්පවල ලීවේ ඇමරිකන් අධිරාජ්‍ය විරෝධී රෝහණ විජේවීරලා ය. එහෙත් ජේ.ආර්. ට උරුම වූයේ අකල් මරණයක් නොවේ. සාමාන්‍ය මරණයකි. ජේ.ආර්. මරන්නට යෝජනා කළ විජේවීරට ජේ.ආර්. ලබා දුන්නේ අකල් මරණයකි.

විජේවීරට අකල් මරණය හිමි වූයේ ජේ.ආර්. ගේ අනුප්‍රාප්තිකයා බවට ප්‍රේමදාස පත් කිරීමෙන් පසුවය. ප්‍රේමදාස ප්‍රභූ සමාජයේ නිර්මාණයක් නොවේ. ඔහු අයත් වූයේ නිර්-ප්‍රභූ සමාජයට ය. නිර්-ප්‍රභූ ප්‍රේමදාස ප්‍රභූ ජේ.ආර්. ගේ අනුප්‍රාප්තිකයා වූයේ නිර්-ප්‍රභූ විජේවීරගේ කැරැල්ලට පින්සිද්ද වෙන්නට ය.

ප්‍රේමදාස ජනාධිපති වූ වහාම කළේ ඉන්දියානු හමුදාව ගෙදර යැවීම ය. එමගින් විජේවීර අතේ වූ ප්‍රධාන තුරුම්පුව බල රහිත කිරීම ය. එලෙසින්ම ප්‍රේමදාස ඊශ්‍රායලය ද ගෙදර යැවුවේ ය. ඒ, මෙරට මුස්ලිම් නායකයන්ගේ ඉල්ලීමට අනුවය. එහෙත් ශ්‍රී ලංකාවේ පැවති ඊශ්‍රායල් තානාපති කාර්යාලය නැත්තටම නැති වූයේ ප්‍රේමදාස හින්දාය. කෙසේ වෙතත්, ප්‍රේමදාසට උරුම වූයේ අකල් මරණයක් ය.

ජනප්‍රිය පුවත්  නේපාලයේ අරගලය

ගාමිණී දිසානායකගේ බැඳියාව තිබුණේ ඉන්දියාවට ය. ඉන්දියාවට ඕනෑ වූයේ ඇමරිකන් ගැති ජේ.ආර්. වෙනුවට ඉන්දියන් ගැති ගාමිණීව උඩට උස්සන්නට ය. ප්‍රේමදාස උඩට ඉස්සෙන බවක් ඇමරිකාව හෝ ඉන්දියාව දැන සිටියේ ද නැත.

ගාමිණීට එ.ජා.ප. ය බාර වූයේ ඉන්දියාව LTTE මාර්ගයෙන් ප්‍රේමදාස එලොව යැවීමෙන් පසුව ය. එහෙත්, තමන් තරඟවැදී ජනාධිපතිවරණය අතරතුරේ ගාමිණීට ද වැඩේ දුන්නේ LTTE යම ය. ඒ, 1994 ඔක්තෝබර් 24 ය. ඒ තොටලඟ ප්‍රදේශයේ දී මරාගෙන මැරෙන කොටියකු එල්ල කළ ප්‍රහාරයෙන් ය.

ගාමිණීව කොටි ලවා මරවන්නට ඉන්දියාවට උවමනා වූයේ නැත. ඒ උවමනාව තිබුණේ ඇමරිකාවට ය. ඒ වන විට කොටි “ඩුවෙල් සිම්” ය. ඉන්දියාවට උවමනා එවැනි දේද ඇමරිකාවට උවමනා එවැනි දේද කරවාගැනීමේ හැකියාවක් කොටි සංවිධානය තුළ අන්තර්ගතව පැවැතියේ ය. එමගින් කියනුයේ එම රටවල් දෙකේම ඔත්තුකාරයන් කොටි සංවිධානයේ තීරණ ගන්න තැන් වල සිටිය බව ය.

මේ වන විට ජේ.ආර්.වත්, ප්‍රේමදාසවත්, ගාමිණීවත් ජීවතුන් අතර නැත. විජේවීරවත්, ප්‍රභාකරන්වත් ජීවතුන් අතර නැත. එහෙත් විජේවීර බිහි කළ පක්ෂය ලංකාවේ රාජ්‍ය බලය හිමිකරගෙන ඇත.

ජනප්‍රිය පුවත්  ප්‍රොපට් ජෙරම්ගේ දිව්‍ය රාජ්‍යයට ඔබ සැම සාදරයෙන් පිළිගනිමු !

මේ දිනවල එම පක්ෂය කරන්නේ ජේ.ආර්.ලා, ප්‍රේමදාසලා, ගාමිණීලා සිටි එ.ජා.ප.යෙන්, ප්‍රේමදාසගේ පුතා සිටින ස.ජ.බ.යෙන් වැඩකාරයන් සෙවීමය. ඒ, රට පාලනය කරන්නට අවශ්‍ය වැඩ්ඩන් තම පක්ෂයේ නැති නිසා ය. වැඩ්ඩො ඉන්නේ තමන්ගෙන් පරිභාහිරවයැයි ජෙප්පෝ දැන් දන්නා නිසාය. දැන් ඒ නිසා ජෙප්පෝ ආරාධනා කරන්නේ ජේ.ආර්. වැනි වැඩ්ඩන්ට ය. ප්‍රේමදාස හා ගාමිණී වැනි වැඩ්ඩන්ට ය. ඒ, ජෙප්පො යන්නේ ජේ.ආර්.ලා ගිය පාරේම වන නිසාය. ඒ පාරේ යාමේ වැඩිම හැකියාව ඇත්තේ ජේ.ආර්.ලා ට ය. ජෙප්පො ඒ පාරේ යන්නේ නොන්ඩි ගගහා ය. පාර වැරදි ඇති ජෙප්පෝ වැටී ඇත්තේ කොපමණ අසරණ ඉරණමකට ද කියා තේරෙන්නේ දැන් ය.

“ජේ.ආර්. මරමු !” යැයි එදා විජේවීරලා කීවේ ජේ.ආර්. ගෙන ආ ක්‍රමය මරන්නට ය. දැන් ඒ ක්‍රමය රකින්න වී ඇත්තේ විජේවීර හැදූ පක්ෂයේ නූතන බාරකාරයන්ට ය. ජේ.ආර්. ගේ ක්‍රමය රකින්නට විජේවීර පසුපස ආ ගොබිලන්ට හැකියාවක් නැත. දැන් ඒ බව ටිල්වින්ලාට හොඳටම තේරී තිබේ. ඒ නිසා ජේ.ආර්. ගේ ක්‍රමය රකින්නට සුදුසු පුද්ගලයන් ඔවුන් දැන් සොයන්නේ එ.ජා.ප. යෙන් ය. ස.ජ.බ. යෙන් ය. කැරකිලා කැරකිලා ජ.වි.පෙ. ඇවිත් තියෙන්නේ ජේ.ආර්. වෙතය. මැරිච්ච සහෝදරයෝ ඇත්තටම පව් ය.

ජනප්‍රිය පුවත්  ජනාධිපතිගේ ජාතිවාදය!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x