May 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

සැගවුණු අමුත්තා !

1 min read

මේ ඉන්නේ වෙනින් කවුරුවත් නොවේ. මේ ඉන්නේ කළවැල්ගල චන්දාලෝක හිමිය. තිරයෙන් පිටුපස සිට ජ.වි.පෙ. සංවිධාන ලේකම්වරයා ලෙස කටයුතු කරන්නේ මේ හිමියන් ය.

විනය ප්‍රශ්ණයක් පැන නැගුන විට ඒ ප්‍රශ්ණය යන්න්ද මේ හිමියන්ටය. ඊයේ පෙරේදා සුනිල් වටගල ද මේ හිමියන් අභියසට කැදවූයේ විනය තකාය. ඊට අමතරව රාජ්‍ය සේවයේ පුරප්පාඩු පුරවන්නේද මේ හාමුදුරුවන්මය. රට පුරා වන ජ.වි.පෙ. පවුල්වල රැකියා ඉල්ලීම් සියල්ල එකතුවන්නේ චන්දාලෝක හිමියන් ලගය. ඒවා තෝරා බේරා අදාල ඇමැතිවරු වෙත යවනු ලබන්නේද මේ හාමුදුරුවෝමය. ඊට පිටින් කිසිවකුට රැකියා දීමට ඇමැතිලාට හැකියාවක් නැත.

එක් අවස්ථාවකදී ප්‍රසිද්ද උත්සවයක පන්සිල් දීම මේ හාමුදුරුවන් වෙත පැවරුණි. වැඩේ කියන්නේ 3 වැනි පන්සිල් පදය ඒ හිමියන්ට මතක් වූයේ නැත. ඒ නිසා එදා දුන්නේ සිව් සිල් ය.

බෞද්ධ භික්ෂුවක් වූවාට මේ හිමියන් වැඩ සිටිනා විහාරයක් නැත. ඉන්නේ පැලවත්ත මන්දිරයේමය. මේ හිමියන් අයත් වන්නේ භෞතිකවාදි නිකායටය. පින් පවු ගැන තැකීමක් ඇත්තේම නැත.

මෙබදු භික්ෂුන් බිහිකිරීම ජ.වි.පෙ. උවමනාවය. මේ වනවිට පෙරටුගාමින්ද ඒ දෙය කරමින් සිටින්නේය. සිවුර දරා ගිහියන්ගේ වැඩ කර කර සිටින භික්ෂූන් බුද්ධ පුත්‍රයකු විය හැකිද ? මාක්ස් පුත්‍රයෙකු, එංගල්ස් පුත්‍රයෙකු, ලෙනින් පුත්‍රයෙකු මිස සිවුර තියෙන්නේ හිස බූ ගාගත් ගිහියන්ට දවටා ගැනීමට නොවේ.

ජනප්‍රිය පුවත්  ට්‍රැක පැන්න වට ගල

එහෙත් මේ පක්ෂ කරන්නේ භික්ෂුව ගිහියකු බවට පත් කර, භික්ෂුවේශධාරීව ගිහි භූමිකාවට යොමු කර ගැනමය. එයින් සසුනද වැනසේ. තමන්ගේ දේශපාලන රාජකාරියද ඉටු වේ.

ඊයේ පෙරේදා තායිලන්තයේ ගොස් ආවේද මේ නිකායට අයත් භික්ෂු වේශධාරීන්ය. මේවා නිවැරදි කරන්නට කිසිවෙකුත් ඇතතේ නැත. බුද්ධාගම ආරක්ෂා කොට සුරක්ෂිත කිරීම යනු මෙය ද?

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
0
Would love your thoughts, please comment.x
()
x